Monday, August 7, 2017



2 වෘෂභ ලග්නය  2017 නොවැම්බර්

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා ලග්නයෙන් 6 වැන්නට ගමන් ගන්නේ ඔක්තෝබර් 2 දාය. එතැන් සිට විශේෂ සරස්වතී යෝගයක් උදා කරමින් බලවත් වන සිකුරු ග්‍රහයා ගුරු සමඟ සංයෝගයක් ද ලබන කාල සීමාවකි.

රැකියාව හා ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි වෙනසක් හෝ යහපත් ප්‍රවර්ධනයක් මේ කාලය තුල සිදු විමට අවකාශ ඇත. ඇතැම්විට ස්ථාන මාරු වීමක් හෝ පදිංචියේ වෙනසකට ගමන් කළ හැකි මේ කාලය තුල විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට ද යහපත් තත්වයක් බලපායි. සෙනසුරු ග්‍රහයා ඔක්තෝබර් 26 වන දින සිට 8 වැන්නට පැමිණ ඒරාශ්ටක ස්ථානයේ ගමන් කරයි. ඔබට වසර 2 ½ ක පමණ ඒරාශ්ටකයක් දැනට ඇරඹී ඇත. සෙනසුරුගේ දශානුදශා තත්වයන් පවතින අය විශේෂයෙන්ම සැලකිය යුතු කාලයකි. කුජ ග්‍රහයා ඒරාශ්ටක කාල සීමාව තුල කන්‍යා රාශියේ සතුරුව ගමන් කරයි.
   7 අධිපතියා 5 වැන්නේ ගමන් කිරීම හා 5 වැන්නාධිපති බුද ග්‍රහයා 7 වැන්නේ ගමන් කිරීමක් සිදුවන මේ කාලය තුල දරුවන්ගේ දියුණුවට අදාලව යහපත් ක්‍රියාමාර්ග ගැනීමට අවකාශ ඉඩකඩ සැලසේ.  ඇතැම්විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල  පෙල ගැස්මක් මේ කාලය තුල සිදුවිය හැකිය. එසේම රෝග අනතුරු හා වැටීම් තැලීම් ආදි උපද්‍රව සහගත තත්වයක් බලපෑ හැකි බැවින් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න. ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ සිකුරු සමඟ සංයෝග වී සිටීම තරමක අසුභපල උදා කරන තත්වයකි එනම් ශල්‍යකර්මයකට ඉඩකඩ සලසන අවස්ථාවක්ද ඇතිවිය හැකිය. උගුර, බෙල්ල ආශ්‍රීතව රෝග පීඩා වලින් පෙළෙන අය විමසිල්ලෙන් කටයුතු කරීම මැනවි. රෝග තත්වයන් ඇති වීමට අවකාශ සලසන ග්‍රහ පිහිටීමක් වශයෙන් ශනිගේ ඒරාශ්ටකය ඇරඹී තිබීම මෙහි විශේෂත්වයකි. මැණික් හා පතල් කර්මාන්ත වල නිරත වන අයට ද ජලය හා ගින්දර ආශ්‍රිතව කටයුතු කරන අයට ද මේ කාලය තුල ධනලාභ සහිත කාලයක් වුවත් උපද්‍රව සහිත කාලයක් බව පෙනේ.

ගෘහ ජීවිතය
අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට මේ කාලය තුල සුභපලදායකය. විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතු වල යහපත් දියුණුවකට මපාදයි. ඉඩකඩම්, ගේ දොර ආදිය පිළිබඳව ගැටළු සහගත තත්වයන් පවතින අයට නොවැම්බර් මස මුල් භාගයේදී යහපත් ජයග්‍රහණයකට ඉඩකඩ සලසන බවක් පෙනේ. සතුරු කරදර යම් තරමකට මඟහැරී යන කාලයකි. සහෝදරයෙකු සමඟ පැවති මතභේදකාරී තත්වයක් මේ කාලය තුල විසඳා ගැනීමට  ඉඩකඩ සැලසේ. ගේ දොර හා ඉඩකඩම් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂයෙන්ම ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ ඉඩකඩ සලසයි. වස්තු ලාභ ගෙනදෙන තත්වයක් මේ කාලය තුල බලපායි.  නොවැම්බර් 2 වන දින සිට 24 අතර අතර කාල සීමාව තුලදී හදිසි වස්තු ලාභ හෝ බලාපොරොත්තු ඉටු වීමකට ඉඩකඩ සලසන බවක් පෙනේ.

රෝග පීඩා
ලේ  විෂ වීමෙන් ඇතිවන රෝග පීඩා වලට ගොදුරුවිය හැකිය.  ලේ සෙලවීම හා හදිසි අනතුරු මෙන්ම විදුලි අනතුරු සිදු වීමේ ඉඩකඩ පවතී. දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන වෘෂභ ලග්න හිමියන් තම ආහාර පාන වලින් ආරක්ෂාකාරීව  කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

බුධ, සිකුරු හා සඳුගේ දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග සහ ඥාතී උපකාර වැනි තත්වයන් බලපායි. කුජ, ශනි දශානුදශා තත්වයන් ප වතින අයට රෝග පීඩා, ශල්‍යකර්ම හා හදිසි අනතුරු ඇතිවිය හැකිය. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 4, 5, 6 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු වස්තු ලාභ ආදියට ඉඩකඩ සලසන අතර ඉඩකඩම් ගේ දොර ආදිය පිළිබඳව වාසනාව ඉස්මතු වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment