කාලේ හොඳයි ඒත් නරකක්මයි වෙන්නෙ
හැමදාමත් බාධා...!  එහෙම වෙන්නෙ ඇයි...! 
අපි කථා කරමු ඒ ගැන...!

මේ ලිපිය කියවා ඔබටත් ගැටළුවක් ඇත්නම් අපෙන් විමසන්න මෙවැනිම ලිපියකින් පිළිතුරු පොදුවේ දෙන්නම්

බොහොමත්ම දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි, අපේ කාලය හොඳයි ඒත් ඉතින් කිසිම ශුභයක් නම් නැහැයි කියන කාරණාව. එහෙම හිතන එක ඉතින් ඒ හැටි වරදකුත් නෑ මොකද ඒ බොහෝ දෙනා දන්නෙ නෑ ඔවුන්ගේ කේන්ද්‍ර සටහන් තුල බාධක ග්‍රහයින් සිටින බව. ඇත්තටම යමෙකු උපන් වේලාව තැන අනුව ඔවුන්ට බාධක ග්‍රහයින් පිහිටන ස්ථාන තියෙනවා මේ ගැන විමසීම ඉතාමත් ගැඹුරුයි කිව්වට වරදක් නෑ. ඒක   නිසාම ඔබට තෙරෙන්නත් එක්ක අපි කෙටියෙන් පැහැදිලිව ඔබේ ඒ ඒ ලග්නයට අදාලව බාධක කරන ග්‍රහයින් ගැන හඳින්වීමක් කරන්නම්,

මේවා කියවල බොරුවට කලබල වෙන්න එපා  මේ දැනගැනීම ඔබේ අභිවෘද්ධියටම මිස වෙන කාරණාවකට නොවන වග තරයේ මතක් කරන්න ඉරණමලංකා අපි ඔබේ අවධානයට යොමු කරන්නෙමු. ගැටළු බාධක දැනගත්තම ජීවිතය ගෙන යන්න කොතරම් නම් පහසුද. පිළියම් නම් අපමණයි. සිත වට්ට ගන්න නොවෙයි මේ විෂය තියෙන්නෙ. ඒ වුනත් ඉතින් ලංකාවේ අපිනම් මේක ධනාත්මකව යොදා ගන්නෙම නෑ. ඒකට ඉතින් ජෝතිෂ්‍යවේදියොත් හරි හරියට වගකියන්න ඕනෑ. හරියට භාවිතයට ගත්තොත් ජීවිතය ජය ගන්න හැටි කියා දෙන්න ජෝතිෂ්‍යවේදියෝ වන අපට  හැකි වේවි. පිළිපදින ඔයාලත් රැවටිලිකාරයින්ට හසුනොවී නිහඬව ජීවිතය විඳින්න බොහෝ උපදෙස් ආදර්ශයෙන්ම කරන්න අනිවාර්යයෙන්ම සාර්ථක වූ ජීවිතයක් ලැබේවි.

ඒ ඒ ලග්නයන්ට අදාලව බාධක ස්ථාන ගැන පමණක් සඳහන් කිරීම හා සුළු හැඳින්වීමක් පමණක් කරණුයේ එක් එක් කෙනාට විග්‍රහ කිරීමේ දී බොහෝ විශාල ලෙස කරුණු සලකා බැලිය යුතු හෙයිනි. 
-----------------------------------------------------------------------------------------
මේෂ ලග්නය
2, 5, 8, 11 වැන්න බාධක ස්ථාන වේ. මේ සඳහන් ස්ථාන වලට බුද, සිකුරු හෝ සෙනසුරු පැමිණීමෙන් අශුභයන් උදා කරයි.
මෙයින් වඩාත්ම අශුභපල ගෙනදෙන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. ඒ වගේම තමයි ප්‍රබලම බාධකස්ථානය වන්නේ 11 වැන්නයි. රාශිය කුම්භ. 11 වැන්නේ සිටින ග්‍රහයින්ගේ දශා අතුරු දශා කාල වලදී අශුභ ඵල උදා වේ.

වෘෂභ ලග්නය
9, 12, 3, 6 යන ස්ථාන ඔබේ ලග්නයට බාධක ස්ථාන වශයෙන් සැලකේ. 
මෙම ස්ථාන හරහා ගුරු, සඳු, සිකුරු ගමන් කිරීමේ දී අශුභපල ඇති කරන සම්භාවිතාවන් අධිකය. 
මෙයින්ද ප්‍රබල බාධකස්ථානය 9 වැන්නයි රාශිය මකරයයි.

මිථුන ලග්නය
1, 4, 7, 10 බාධක ස්ථානයන්ය මෙම ස්ථාන මතින් රවි, කුජ, ගුරු ගමන් කිරීමේ දී මිථුුන ලග්න හිමියන්ට බොහෝ සෙයින් ප්‍රතිඵල හීන වන අයහපත් කාලයක් වනු ඇත. මෙයින් 7 වැන්න තමයි ප්‍රබල බාධකස්ථානය ලෙස සැලකෙන්නේ. එහි රාශිය ධනු වන අතර ග්‍රහයා ගුරුය.

කටක ලග්නය
2, 5, 8, 11 බාධක ස්ථාන වේ. මෙම ස්ථාන මතින් බුද ග්‍රහයා, සිකුරු ග්‍රහයා ගමන් කරන කාලය සිකුරු ලග්න හිමි ඔබට වෙන කාල වලට වඩා අයහපත් තත්වයන් ඇති කිරීමට වාතාවරණය සලසයි.

මෙහිදී වඩාත් ම බාධක ස්ථානය වන්නේ  11 වැන්නයි. මෙහි සිකුරු අධිපති වන අතර වෘෂභය තමයි එහි රාශිය.

සිංහ ලග්නය

3, 6, 9, 12 ඔබේ බාධක ස්ථානයන් වේ.මෙම ස්ථානයන් හරහා සඳු, බුද, ශුක්‍ර ගමන් කිරීම පවතින කාලයන් අසුභපල උදා කරයි.  කුජ අධිපති වන අතර රාශිය මේෂ  වේ. කුජගේ දශා කාලයේ දී පියාට හා ඔහුගේ දේපල වලට හානි පැමිණවීමේ ඉඩකඩ ඇත.


කන්‍යා ලග්නය

1, 4, 7, 10 ස්ථානයන් බාධක් ස්ථාන ලෙස හඳුනාගත හැකිය. කුජ, සඳු හා ගුරු යන ග්‍රහයින් මෙම රාශි හරහා ගමන්  කරන කාලයන් කන්‍යා ලග්න හිමියන්ට අසුභපල උදා කරන බව කිව හැකිය. 7 වැන්න ප්‍රබල බාධකස්ථානය වේ. එහි අධිපතිත්වය ගුරුට වන අතර ගුරුගේ දශා අතුරු දශා වලදී අධ්‍යාපනය, රැකියාව, හා සෞඛ්‍යය තත්වයන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීම සුදුසුය. 


තුලා ලග්නය
2, 5, 8, 12 ස්ථාන  බාධක ස්ථානයන් විදියට තුලා ලග්න හිමි ඔබට බලපායි. රවි, ගුරු මෙම ස්ථාන තුලින් ගමන් කරන විට එම කාලයන් අසුභපල උදා කරන කාලයන් ලෙස දැක්විය හැකිය. 11 වැන්න ප්‍රබල බාධක ස්ථානය වේ.  රවි අධිපති ග්‍රහයා වන අතර රාශිය සිංහ රාශියයි. රවිගෙ දශා අතුරු දශා අසුභපල උදා කරයි.

වෘශ්චික ලග්නය
3, 6, 9, 12 ස්ථාන 4 බාධාක් ස්ථානයන් වේ.  මේ ස්ථාන පසු කරමින් ඒ හරහා බුද, ශුක්‍ර ග්‍රහයින් ගමන් කරන කාලය ඔබට අසුභපල උදා කරන කාලයන් වශයෙන් ඉගැන්වේ. මෙය තමන්ට ද වටහා ගැනීමට අපහසු නොවේ. 9 වැන්න ප්‍රබල බාධකස්ථානය වේ. රාශිය කටක වන අතර අධිපති සඳු වේ. සඳුගේ දශා අතුරු දශා කාල වලදී අපල තත්වයක් උදා කරයි.

ධනු ලග්නය
1, 4, 7, 10 ස්ථානයන් බාධක ස්ථාන වේ. සඳු, සිකුරු, ශනි මෙම ස්ථාන හරහා ගමන් කරන කාලයන් අසුභපල උදා කරන කාල වේ.  මෙයින් 7 වැන්න ප්‍රබල බාධක ස්ථානය වේ.  රාශිය  මිථුන වන අතර අධිපති බුද ග්‍රහයාය. බුදගේ දශා අතුරු දශා කාල වලදී අසුභයි. බලවත්ව පවුල් ආරවුල් මෙන්ම අධ්‍යාපනික බාධා වේ.

මකර ලග්නය
2, 5, 6, 11 බාධක ස්ථානයන් වේ. 2, 5, 6, 11   ස්ථාන හරහා  රවි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා ගමන් කරන කාල වලදී ඇතිවන සංයෝගයන් හේතුවෙන් එම කාලය අසුභපල උදා කරයි.  11 වැන්න ප්‍රබලව බාධක ලෙස බලපායි. එහි අධිපති කුජ වේ. කුජගේ දශා අතුරු දශා කාලවලදී ලේ සම්බන්ධව ඇති වන රෝග ගැන සාවදාන වන්න. හදිසි අනතුරු ද වේ.

කුම්භ ලග්නය
3, 6, 9, 12 ස්ථන සතර බාධක ස්ථාන ලෙස දැක්වේ. මෙම ස්ථන හරහා රවි, සඳු සහ ගුරු ග්‍රහයින් දෙදෙනා ගමන් කරන කාලවකවානු ඔබට අසුභපල උදාකිරීම් වලට ලක්වන කාලයන් වේ. මෙයින් 9 වැන්න ප්‍රභල වේ. මෙහි රාශිය තුලා වන අතර අධිපතිත්වය සිකුරු ග්‍රහයා සතුය. සිකුරුගේ දශා සහ අතුරු දශා කාලවලදී යුගදිවියේ ගැටළු මෙන්ම මූත්‍රා ආබාධ, වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩකඩ භහුල වේ.

මීණ ලග්නය
1, 4, 7, 10 යන සිව් ස්ථානයන් මීණ ලග්න හිමියන් හට වෙනත් ස්ථානයන් හා සසඳන විට බාධක ස්ථාන වේ. එසේ බාධා කරණුයේ එම ස්ථාන හරහා බුද ග්‍රහයා, සිකුරු ග්‍රහයා, ශනි ග්‍රහයා මෙන්ම රවි යන ග්‍රහයින් ගමන් කරන කාලවලදීය. එයින් ප්‍රභල ලෙස බාධා කරණුයේ 7 වන ස්ථානයයි. 7 වැන්න කන්‍යා රාශියට අයත් වේ. බුද ග්‍රහයා අධිපතිත්වය වේ. බුදගේ දශා අතුරු දශා කාලවලදී උමතු රෝගයන්ට, ස්නායු රෝගාදියට ඔබේ සහකරුට හෝ සහකාරියට ගෙනදීමේ අවකාශ වැඩිය.

ඔබ විසින් යොමු කළ මුදල් මෙතෙක් අප වෙත ලැබී නැත. කරුණාකර ඔබ ළඟ ඇති මුදල් ගෙවූ කුවිතාන්සිය අපට ලබා දෙන්න.
ලිපිය සැකසෙමින් පවතී...

No comments:

Post a Comment