Monday, April 29, 2019

අප්‍රේල් ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණා ?

ඔබේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබට බලපාන තත්වයන් කුමක් ද ?



අපගේ රටටත් මුළු මහත් මිනිසත් බවටත් එල්ල වූ ඒ බරපතල මිලේඡ්ච ප්‍රහාරයෙන් විපතට පත් සෑම සියළු දෙනාටම පළමුව ම අපගේ බලවත් ශෝකය හදවතින්ම පිළිගන්වමු !

යුධයක හෝ කිසිදු අයුරකින් අස්ථාවර තත්වයක් ගැන අප කිසිම අයුරකින් දැන නොසිටි මොහොතක ශාස්ත්‍රාණුකූලව කළ ගවේෂණයකට අනුව ඉදිරිපත් කළ අනාවැකියකට හසුවූයේ රටේ යම් අයුරකින් පැන නැගිය හැකි මිලේච්චත්වයක සේයාවකි. මෙවර අවුරුදු පලාපල ජනතාවට රට ගැන ඉදිරිපත් කළේ පහත පරදිය - 2019 අප්‍රේල් 8 දින මෙම අනාවැකිය අපගේ වෙබ් අඩවියෙහි පල කළත් එය මාර්තු මස අග භාගයේදී අපගේ ශාස්ත්‍ර පරික්ෂාවේ දී අනාවරණය කරගත් තතත්වයකි.



2019 අප්‍රේල් 08 දින පහත දක්වා ඇති වෙබ්අඩවියෙහි පලකර ඇත



අනාවැකියේ කොටසක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් අර්බුදකාරී තත්වයන් ද මේ කාලය තුල ඉස්මතුවේ. විදේශගතව බලපාන පුළුල් පීඩාකාරී තත්වයන් හා සතුරු බලපෑම් ඇතිවීමටද අවකාශ ඇත. 2020 මුල්භාගය වන විට රටට සුභදායක හා යහපත් කාලයක් උදාවීමට නියමිතය. අර්ධ වශයෙන් බලපාන කාලසර්ප යෝගයක් ද මෙදා අවුරුදු උදා නැකතේ යෙදී පවතී. මේ නිසා සමාජය තුල ආරෝපිත වී ඇති වෛරය, ක්‍රෝධය ඉදිරි කාලය තුල යළිත් යම් තරමකට ඉස්මතුවිය හැකිය.”

Friday, April 12, 2019

Tuesday, January 22, 2019

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?         තැන අනුව දෙන පල මෙන්න !



  • සඳු යනු පෘථිවියට අයත් ග්‍රහයෙකි. උපදින සෑම කෙනෙකුටම හිමි වන නැකතක් ඇත. එනම් යමෙක් උපදින මොහොතේ සඳු ග්‍රහයාගේ ගමන අනුව පවතින නැකතක් ඇත. විශ්වයේ බෙදීම් අනුව නැකැත් 27 කි. ඉන් එක් නැකතක් ඒ ඒ වෙලාවට උපදින අයට උපන් නැකත ලෙස හිමි වේ. සඳු ගේ ගමන අනුව සඳු ග්‍රහයා ගමන් ගන්නා ස්ථානය අනුව නැකැත් චක්‍රය බෙදා ඇත. 
  • කෙනෙකු උපත ලබන වේලාවේදී සඳු ගමන් කරන ස්ථානය චන්ද්‍ර ස්ඵූටය වේ. ඒ අනුව කෙනෙකුට උපන් නැකත ජෝතීර්වේදියා විසින් ගණන් බලා සකසා ගනී. සඳු ග්‍රහයා ගමන් කරන නැකත අනුව ජන්මියාට හිමි මහදශා තීරණය වේ.
  • සඳු ග්‍රහයා ද අන් ග්‍රහයින් මෙන් ම ගමන් කරන ස්ථානය අනුව විවිධ ගති පැවතුම් ඉස්මතු කරවයි. යම් මොහොතක උපදින අයට ඒ  ඒ ගමන් ස්ථානය අනුව සඳු ගෙන් ඉස්මතු කරවන ගති පැවතුම් ජන්මියා තුල ද ඉස්මතු කරවයි. 
  • භාවයක් එනම් රාශියක් අංශක තිහකින් (30) යුත් කොටසකි. භාව දොලස හෙවත් රාශි දොලස ම අංශක 30කින් යුත් කොටස් දොළහකි. සඳු හෝ කුමණ ග්‍රහයෙකු වුවද මේ රාශි 12 තුල ගමනේ යෙදේ. එනම් එක් රාශියක් තුල එනම් අංශක 30 තුල  එක් එක් අංශකය බැගින් අංශක 30ක් ගමන් කරයි. එවිට ඒ ඒ අංශකයේ දී ද ග්‍රහයෙකුගේ බලය විහිදු වීම යම් යම් වෙනස්කම් පෙන්වයි. ඒවා ජන්මියාට බලපාන අයුරුද ඒ ඒ ලෙස අධ්‍යයන්යන්ගෙන් ම හඳුනා ගත යුතුය
  • අප මේ ඔබට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ  සඳු ගමන් කරන නැකැත් 27 අනුව පලාපල නම් නොවේ. සඳු ග්‍රහයා කෙන්ද්‍රයේ භාව දොළොසේ ගමන් කරන විට ඒ ඒ භාවයන් තුල පෙන්වන පලාපල වේ. එනම් ඔබ කළ යුත්තේ ඔබේ කේන්ද්‍ර යේ  සඳු ඉන්නේ කොතැනද කියා බලා පලාපල ග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා දක්වා ඇති ආදර්ශ රූප සටහන තුලින් වටහා ගන්න.

                                          
ඉදිරියට ගොස් කියවන්න ≥≥≥

Monday, January 21, 2019

“ජීවිතයට ජ්‍යෝතිෂය සරලව”  (දුරස්ථ පාඨමාලාව)

පහසුවෙන් හා සරල ලෙසින් අධ්‍යයනය කර ඉගෙන ගත හැකි ලෙස සැකසූ පාඩම් මාලාවකි. නිබන්ධන, සරල උදාහරණ සහිත ව පියරෙන් පියවර සෑම අවස්ථාවක්ම. අවශ්‍යම දේ ඕඩියෝ වීඩියෝ මාර්ගයේ පැහැදිලි කිරීම.  නිවසේ සිටම නිදහසේ ඉගෙන ගතහැකි මනාව සැකසූ ජීවිතයට ඉතාමත් උපයෝගී ලෙස සකසා ඇත.

දුරස්ථ පාඨමාලවක් වන මෙම ජෝතීෂය පාඨමාලාව ඔබේ ජීවිතයට ඉතාමත් සමීපත ම ලෙස සකසා ඇත. ඔබ බලාපොරොත්තු වන දැනුම ඔබ ම ප්‍රායෝගිකව යොදා ගන්නා තෙක් ම අප ඔබට විවිධාකාරයෙන් දැනුම ලබා දීමට ද සැලසුම් කර ඇත.


සියළු විමසීම් 077 243 2 943 (ලක්ෂ්මන් මහතා)

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට
  • ඔබේ  මෙන්ම පවුලේ අයගේ කේන්ද්‍ර පරික්ෂා කර ගැනීමට හැකිවීම
  • බල දුබල තා හඳුනා ගැනීම හා  එ්වාට පිළියම් යෙදීම කළ හැකි වීම 
  • ස්වයං රැකියාවක් ලෙස හෝ අමතර ආදයම් මාර්ගයක් ලෙසට වෘත්තියෙහි යෙදිය හැකි වීම
  • නියමාකාරයෙන් ජීවිතය ගැන වැටහීමක් ලබාගත හැකිවීම
  • ඔබේ වැදගත් කටයුතු වලදී ශුභ මුහුර්ථයක් සකසා ගත හැකි වීම
  • නිවසේ සාමය සතුට  හා ආර්ථික සමෘද්ධීය ලබාගෙන ස්ථාවරත්වයක් පවත්වා ගත හැකි වීම
  • ස්වභාවධර්මයේ මෙන්ම දේවාරක්ෂාව ආශිර්වාදය ලබාගෙන කටයුතු කළ හැකිවීම
  • නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ශාස්ත්‍රීය ලෙස කටයුතු කළ හැකි වීම 
  • ජීවිතය ගැන මනා වැටහීමක් තුලින් සැලසුම් සහගත බවක් ලැබීම
  • ජ්‍යොතිෂයේ ඉතිහාසය හා ඒ තුල ඇති විද්‍යාත්මක පැතිකඩ ඔබට ම ස්පර්ෂ කළ හැකිවීම



01. ඔබට ලග්නයක් ලැබෙන්නේ කොහොම ද ?

i.    උපන් වේලාව අනුව ලග්නය සාදාගන්නා අයුරු.

ii.   එම ලග්නය ලැබෙන අයුරු විද්‍යාත්මක ස්වභාවය පැහැදිලිව.

iii.  ඒ ඒ ලග්නයට හිමි ගති පැවතුම්.

iv.  ලග්නය දුර්වල වන්නේ කොහොමද ? සුභ වන්නේ කොහොමද?

v.   බලය අඩු වූ හෝ අසුභ වූ ලග්නය සුභදායී කරගන්නේ කොහොමද?


02. කේන්ද්‍ර සටහනක ග්‍රහයින් පිහිටුවන්නේ කොහොම ද ?

i.    රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු ආදි ග්‍රහයින් කොටු දොළස තුල පිහිටුවන අයුරු

ii.   ඒසේ ග්‍රහයින් පිහිටු වීමට අනුගමනය කළ යුතු පියවරෙන් පිියවර සරලව 

iii.  ලග්නයකට අධිපති ග්‍රහයෙක් ඇත. එය දැනගන්න

iv.  ලග්ණාධිපති ග්‍රහයා ඒ ඒ කොටු තුල දී ඇති කරන පල විපාක 

v.   භාව දොළස තුල ග්‍රහයින් ගේ හැසිරීම හා පල විපාක


03. නවාංශක කේන්ද්‍රය කියන්නේ මොකක් ද? නවාංශක කේන්ද්‍රයේ ග්‍රහයින් පිහටුවන්නේ කොහොම ද ?

i.    නවාංශකය කියන්නේ මොකක් ද පියවරෙන් පියවර

ii.   නවාංශක තුල ග්‍රහයින් පිහුටුවන්නේකෙසේ ද? සරලව 

iii.  සඳු ග්‍රහයා ගේ ඇකි බලය ජීවිතයට වැදගත් ද? නවාංශකය තුල සඳු පිහිටුවන අයුරු 

iv.  උපන් නැකත, ගණ, යෝනි, ලිංග, ආදි තොරතුරු සොයා ගන්නේ කොහොමද ? 


04. දශාව මහ දශාව කියන්නේ මොකක් ද ? ඒ ඒ උපන් වේලාවන්ට අනුව දශා මහදශා සොයාගන්නේ කොහොම ද ?

i.    ඔබ උපන් දශාව සොයාගන්නේ කොහොම ද ?

ii.   ඔබ දැනට ගත කරන දශාව මොකක් ද සරලව 

iii.  ඔබට පල අඩු සහ පල වැඩි දශා මොනවාද ?

iv.  අසුභ දශාවල කළ යුතු පිළිවෙත් ? සරලව මනෝ වද්‍යාත්මකව 


05. අධ්‍යාපනය / උසස් අධ්‍යාපනය ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


06. විවාහයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


07. ගෘහ ජීවිතයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


08. දේශපාලනයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


09. රාජ යෝග දැනගන්නේ කොහොම ද ? රාජ යෝග තිබුණට පල නොදෙන්නේ ඇයි ? හේතු විද්‍යාත්මකව හා සරලව


මෙම පාඨමාලාව හදාරා අවසන් කළ සැමට වාස්තු විද්‍යාව, ශුභ මුහුර්ථ සහ ශාන්තිකර්ම පිළිබඳව ද හැදෑරීමට අවශ්‍ය නම් හැකියාව ඇත.