Monday, August 7, 2017



3 මිථුන ලග්නය  2017 නොවැම්බර්


මිථුන ලග්නය 
    මිථුන ලග්නයට අධිපති ග්‍රහයා වශයෙන් අභිෂේක ලත් බුධ ග්‍රහයා නොවැම්බර් මාසය තුල වෘශ්චික රාශියේ හා ධනු රාශි ස්ථාන වල ගමන් කරයි. යෝග කාරක ග්‍රහයින් වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා බලවත් වූ රාශි ස්ථාන වල ගමන් කරන මේ කාලය තුල බුද්ධිමය කටයුතු වල නිරත වන මිථුන ලග්න හිමියන්ට යහපත් ජයග්‍රහණ සලසා දෙන තත්වයක් බලපායි.

රැකියාව ආර්ථීකය
   කලාකරුවන්ටද ,ගුරුවරුන්ට සහ නිර්මාණ කරුවන්ට යහපත් වූ කාලයක් උදා වන  මේ නොවැම්බර් මාසය තුල සිකුරුගේ බලවත් වීම නිසා යහපත් නිර්මාණ එලිදක්වන්නට හැකි කාලයක් වශයෙන් සැලකේ. වෘත්තීය කලාවේදීන්ට බොහෝ විට යහපත් ආර්ථීකයක් මේ කාලය තුල ගොඩනා ගැනීමට මේ කාලය තුල හැකි වේ. එසේම විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින කලාකරුවන්ටද විදේශ ගතව සිටින කලාකරුවන්ටද පුළුල් ආදායම් මාර්ග මේ කාලය තුල උදා වේ. 
මැණික් ගැරීමෙහි නිරත වන මිථුන ලග්න හිමියන්ට මෙතෙක් දැරූ උත්සාහය සපල වීමේ ස්වභාවයක් මේ කාලය තුල බලපායි. මැණික් ලාභ පල ප්‍රයෝජන ලබා ගැනීමට හැකි කාලයක් වේ. සෙනසුරු ග්‍රහයා 7 වැන්නේ ගමන් කරන මේ කාලය තුල සිකුරු ග්‍රහයා බලවත් තුලා රාශියේ ගමන් කිරීම ධන යෝග උල්පත් උදා කරන කාලයක් වශයෙන් බලපායි. ව්‍යාපාර ක්ෂේත්‍ර යේ නිරත වන  අයටද වඩාත් පුළුල් ආදායම් මාර්ග වලට ඉඩ කඩ සලසයි.කාර්මික ක්ෂේත්‍ර යේ සහ අවි ආයුධ දරන අය තරමක් ප්‍ර වේශම් විය යුතු කාලයකි.

ගෘහ ජීවිතය
කුජ හා සෙනසුරු අතර අසුබ බලපෑම් යෙදෙන මේ කාලය තුල ඔබේ ගෘහ ජීවිතය තුල ප්‍රශ්ණ ගැටළු රවා ගැනීමෙන් වලකින්න. අනපේක්ෂිත ආකල්පමය ප්‍රශ්ණ උද්ගත වන මේ කාලය තුල පවුලේ යහපතට බාධා පැමිණේ. ප්‍රේම සම්බන්ධතා බි වැටීමක් හෝ මංගල යෝග බි වැටීමක් හෝ බලාපොරොත්තු කඩ වීමක් ඒ අතුර තුර සිදු විය හැකිය. අවිශ්වාසය හා සැකය මත ඇතැම් කරුණු කාරණා අවුල් සහගත තත්වයකට පත් වීමට හැකියාවක් සලසන කාලයකි. ගෙවල් දොරවල් ඉදිකිරීම් කටයුතු වල නිරත වන අය මේ කාලය තුල ප්‍රවේශමෙන්   කටයුතු කල යුතුය. සතුරු කරදර සහගත කාලයක් වශයෙන් නොවැම්බර් මාසය ගෙවී යයි.

දශානුදශා තත්වයන්
ගුරු,බුධ,සිකුරු දශානු දශා තත්වයන් පවතින අයට කලා ක්ෂේත්‍රය තුල මෙන්ම රැකියා ක්ෂේත්‍රය තුලද ඉමහත් වූ ජයග්‍රහණ සහ ආදායම් පිළිබ තහවුරු කිරීමක් සිදු වේ.ශනි,රවි දශානු දශා තත්වයන් පවතින අයට මංගල යෝග බි වැටීමක් සහ අනපේකෂීත අපවාද තත්වයන්ට ගොදුරු වන කාලයක්ද වේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 3,4.5 ස්ථාන වල ගමන් කලේ නම් ඔබට නොවැම්බර් 17 වන දින සිට යහපත් හා ගුණාත්මක කාලයක් වශයෙන් ජයග්‍රහණ වලට ඉඩ කඩ සලසයි. බලාපොරොත්තු ඉටුවීම සහ සුබපල අධික ලෙස ලබා ගැනීමට ඉඩ කඩ වාසනා ගුණය සැලසේ.





ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment