නිසැකවම ඔබේ ගැටළු සහ බාධක, දුරුකරන අපල පීඩාවන් සමනය කරන ..සෙත්කවි...සෙත්කවි...

2017 වසරේ සැප්තැම්බර් 12 වන දින සිට 2018 ඔක්කෝබර් මස 10 දක්වා වසරකටත් වැඩි කාලයක් තුල ගුරු ග්‍රහයා තුලා රාශි ස්ථානයේ ගමන් කරයි. 

ගුරු තුලාවට පැමිණේ, අපල පීඩා දුරුකරගන්න මෙහි සඳහන් සෙත්කවි පෙළ ඉතාමත් භක්තිපූර්වකව කියවන්න. නිසැකවම ඔබට බලපාන අපල පීඩාවන් දුරුවේ. 
කවියේ ඇති පද නිවැරදි ලෙසටම කියවන්න. බලවත් සූත්‍රගත ක්‍රමයකට විශ්ව ආශිර්වාදය ලබාගත හැකි අයුරින් කවි නිර්මාණය කර ඇත.
පළමුව ඔබට මානසිකවත්, දෙවනුව ශාරීරිකවත්, තෙවනුව පාරිසරික හා සමාජීයව ගුණ ගෙන දෙනු ඇත.

යාමේ ලත් ගුරු පෙරපින් වඩා මුණි ගුණෙන් දොළොස් අත                            පහදවනා
සාදා තුන්සිත දැහැමින් නිවා මුදු කරුණා වදන් ජයසිරි                                       සරණා
සංසාරේ කල අකුශල් නිවී හිමි වරම් ලෙසින් සිරිකත                                          සදනා
මා රක්ෂා කල දෙවියන් නමෝ මහමෙරක් ලෙසින් යහගුණ                               වඩනා
..............................................................................................................................................

     2017 වසරේ සැප්තැම්බර් 12 වන දින සිට 2018 ඔක්කෝබර් මස 10 දක්වා වසරකටත් වැඩි කාලයක් තුල ගුරු ග්‍රහයා තුලා රාශි ස්ථානයේ ගමන් කරයි. සිකුරු ග්‍රහයාට අයත් තුලා රාශිය ගුරු ග්‍රහයාට සතුරු වූ රාශි ස්ථානයකි. මැති ඇමතිවරුන්, ගුරුවරුන්, බුද්ධිමතුන් හා ආගමික නායකයින්ගේ ජීවිත අවුල් කරදමන මේ ග්‍රහ සංක්‍රමණය ඔබේ ජීවිතයට ද යම්කිසි ආකාරයක අසුභපල තත්වයක් උදා කිරීමට හැකියාව ඇත. ගුරුගේ පාප ස්වභාවය සමනය කරගත්විට පෙරපින් බලය ශක්තිමත් වේ.
    බුද්ධිය, යහගුණය හා සාධාරණත්වයන් වර්ධනය වේ. මෙහි සහන් සෙත්කවි 4 ක් තිබුනත් එය චතු ප්‍රස්ථාර ක්‍රමයට සකස් කළ එක් කවියකි. මේ කවි පන්තිය දිනපතාම උදේ පාන්දර බුදුන්වහන්සේ උදෙසා මල්, පහන්, පැන් බුනක් හා සුව ධූපයක් ද දල්වා 7 වාරයක් නොකඩවා කියවන්න. අනතුරුව දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා ! යැයි කියා ප්‍රාර්ථනා කරන්න. ඉමහත් වූ ආශිර්වාදාත්මක ස්වභාවයක් ඔබට ලැබේ. වෙළහෙළාමේ නිරත වන්නන්ට බෙහෙවින්ම සුභදායක වේ. රෝග පීඩා වලින් පෙළෙන අයට ඉතාමත්ම හොයි. ඒ සමම පුරු 7 ක් තබා පසු දිනට ඒවා යාචකයින් සහා දානය දෙන්න.
ඔබට සම්මා සම්බුදු සරණයි !

No comments:

Post a Comment