Monday, August 7, 2017




11 කුම්භ ලග්නය  2017 නොවැම්බර්


කුම්භ ලග්නය
කුම්භ රාශිය මුල්කොට උපත ලැබූ ඔබේ ජන්ම කෙන්ද්‍රයේ ශනි ග්‍රහයා 11 වැන්න වූ අයස්ථාන ගතව බලවත් වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් සැලකේ. ඔක්තෝබර් මස 26 වන දින පටන් එම විශේෂ ග්‍රහ තත්වය පිහිටා තිබීම තුලින් ඔබට වාසනා ගුණයක් උදා කර දීමට හැකියාව සැලසේ.

රැකියාව හා ආර්ථිකය
ඔක්තෝබර් මාසය පුරාවට ඔබේ ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ කුජ ග්‍රහයා හැසිරීම යම් ආකාරයකට අසුභපල ගෙන දීමට නියමිතය. අවිආයුධ දරණ අය සහ ගැඹුරු ස්ථාන වල කටයුතු කරන අයට ද ගින්දර හා වස විෂ හා සම්බන්ධ කටයුතු කරන අයට ද මේ කාලය තුල බොහෝ ප්‍රවේශම්විය යුතුය. හදිසි අනතුරු සහ බොහෝ මාරක විපත්ති ඇති කිරීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ  6 සහ 8 වැන්නේ පාපයින් ගමන් කරන මේ කාලය සෙනසුරුගේ මාරුවක් සිදු වී තිබීම නිසා සතුරු කරදර සහගත  තත්වයක් ඇති වීමට ද අවකාශ ඇත.  ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකු නම් ඔබට රැකියාවක් හෝ යම්කිසි ආදයම් මාර්ගයන් විවර කර ගැනීමට මේ කාලය තුල ඉඩකඩ සැලසේ. රෙදිපිළි විලාසිතා සහ කලා කටයුතු කරන අයගේ දියුණුව උදෙසා යහපත් ගමන් මාර්ගයන් විවෘත්ත වීමකට මේ කාලය තුල ඉඩකඩ සලසයි. එසේම මොස්තර නිරූපිකාවන් වැනි සෞනදර්යමය ක්ෂේත්‍ර වල නිරත වන අයට යහපත් පුළුල් ආදායම් මාර්ග උදා කර ගත හැකිය. එබු ආයතන වල සේවය කරන අයට ද යහපත් වූ අත්දැකීම් වලට අවකාශ සලසයි.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහා මේ කාලය තුල සුභදායක වේ. මංගල යෝග උදා වීමක් සහ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම වැනි ප්‍රීතිමත් අවස්ථාවන් මේ කාලය තුල බලපාන අතර විශේෂයෙන්ම නොවැම්බර් 20 ගණන් වලදී වඩාත් සතුටුදායක අවස්ථාවලට සහභාගී වීමේ අවකාශ සැලසේ.  ඇතැම්විට ඔබ කුම්භ ලග්නය මුල්කොට උපත ලබා තිබීම නිසා විදෙස් ගතව සිටින කෙනෙකු හා සම්බන්ධ වී යම්කිසි ව්‍යාපාර අරමුණක් ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසේ. විශේෂයෙන්ම දෙදෙනාම කුම්භ ලග්නයට සම්බන්ධ වී සිටි අඹු සැමියන් වෙතොත් ඔවුන් සඳහා මේ දුර්ලභ ඝණයේ අවස්ථාව වඩාත් යහපත් ලෙස යොදා ගත  හැකිය. සුන්දර වූ වාසස්ථානයන් මිල දී ගැනීමක් හා කලා ක්ෂේත්‍රය තුල නිර්මාණ කටයුතු වලට ද මේ කාලය තුල විශේෂ යහපත් හා ගුණාත්මක බවක් ඉස්මතු වේ.

රෝග පීඩා
දියවැඩියාව, වකුගඩු රෝග සහ ලේ නහරගතව බලපාන ඇතැම් රෝග වලට ගොදුරු විය හැකි මේ කාලය තුල දණහිස් ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් පවතින අය තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිබව බොහෝ  අවබෝධයෙන් කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

කුජ, රාහු හා ගුරු දශානු දශා තත්වයන් පවතින අයට  හදිසි අනුතුරු ආපදා සහ ලෙඩ රෝග වැනි තත්වයන්ගෙන් ආරක්ෂා වී කටයුතු කරන්න. බුද, සිකුරු, ශනි සහ සුගේ  දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග උදා වීම මිලමුදල් ලැබීම හා රැකියා ක්ෂේත්‍රයෙහි ජයග්‍රහණ සහා ඉඩකඩ වාසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11, 12 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු බොහෙවින්ම සිත්තැවුල්  හා කරදරකාරී මෙන්ම ධනහානි තත්වයක් ඇති වීමේ අවකාශ පවතී.

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment