ම්බන්ධ වන්න අප සමඟ   

( 0714007494,  0115647564,  0332259263 ) 

iranamalanka@gmail.com

ඔබ අප හා සම්බන්ධ වන්න පෙර අප ගැන හොඳින් අධ්‍යයනය කර සිටින්න, අවබෝධයෙන් ඇතිවන පැහැදීම තුලින්ම අප හා සම්බන්ධ වන්නේ නම් අප ඔබ හට බොහෝ සෙයින් කෘතඥ වන්නෙමු.

සියළු තැන්හිම පාහේ ඇති ව්‍යාජ වූ ජෝතීෂ්‍යෙව්දීන් යැයි හඳුන්වා ගන්නා අය නිසා අද මේ වටිනා වූ විෂය විවිධ අභියෝගාත්මක විචාරයන්ට ලක් වී ඇත. තවද ජෝතීෂ්‍යවේදීන් නොවන බව ඔවුන්ද නොදන්නා ජෝතීෂ්‍යවේදීන් ද සිටී. හුදෙක් කෙටි කාලීන පාඨමාලවන් හදාරා මහජනාතාවගේ කේන්ද්‍ර පරික්ෂාව ඇතුළු සේවා සැපයීමට ඉදිරිපත්ව සිටී.

සැබෑවටම  ජෝතීෂ්‍ය හා සබැඳි සේවාවන් මහජනතාව වෙත සැපයීමේ දී දැක පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද මෙන්ම සසර තුල රැගෙන ආ ශක්‍යතාවයන් හා තම වීර්ය තුලින් ගොඩනගා ගත් සංහිඳියාවන්  බොහෝ ලෙස ජෝතීෂ්‍යවේදියෙකු තුල තිබිය යුතුය. 

එ පමණක් ද නොව කෙනෙකු ගැන හෝ යමක් ගැන අන්තර්ගතයන් විනිවිද දකිමින් බහුශ්‍රැත භාවයෙන් විචාරන්නට ඔහුට හැකියාවන් තිබෙන්නට අවශ්‍යයි. නැත්නම් යම් තැනැත්තා ද  ඔහු හෝ ඇය යම් වැරදි පුරෝකථනයන් ඔස්සේ විවිධ ව්‍යාකූලතාවයන්ට පත්වනු නොඅනුමානය. 

අද සමාජයේ බොහෝ දෙනා මේ විද්‍යාත්මක වූ විෂය පසෙකට දමා එනම් ස්වභාව ධර්මයේ නියම ශක්තීන් හා බලයන් ස්වභාවධර්මයට පටහැනි ලෙස යොදා ගනිමින් තම හදවතට ද එකඟ නොවන ගමනක යෙදී සිටී. ලොව පුරා දැන් දැන් මේ අනර්ථකාරී ගමන ප්‍රතික්ෂේප කරමින් තිරසාර සංවර්ධනයක සෙවනැල්ල සොයමින් සිටී. 

ඈත අතීතයේ සිටම බුද්ධකාලීන සමාජයටත් පෙරසිට ම ජෝතිෂ්‍ය නම් වූ මේ විද්‍යාව තුලින් ලෞකිඛයෙකුට තම ජීවිතය සාර්ථක කර ගන්නටත් ලෝකෝත්තර සුවය සොයන්නෙකුට වුවද එහි මංපෙත් විවර කර ගන්නටත් මහගු අඩිතාලමක් විස්තර කරන්නට යෙදේ.  

හිරු මූලික කරගත් ග්‍රහ වලල්ලේ තොරතෝංචියක් නැති ශක්ති ප්‍රභේද මේ මුළු විශ්වය පුරාම පතුරුවා හරිමින් පවතිනවා ඒ ගමන් මාර්ග හා සංයෝජනයන් ගැන උගැන්මට  මෙය අවස්ථාව නොවනු ඇත. ඒ සඳහා විධිමත් ලෙස සැකසූ අධ්‍යාපන ක්‍රමවේදයක් තුල හැදෑරීම් කළ යුතුය. එම හැදෑරීම් තහවුරු කරනු වස් නොයෙක් පරික්ෂණයන් කළ යුතු වේ. අද දිනට ද මේ ජෝතීෂ්‍ය හා එම සේවාව නොනැසී පවතිනුයේ එවැනි ගරුබුහුමන් ලබන පිරිසක් අතර මේ විෂය ධාරව පවතින නිසාවෙනි. 

වසර 40 ක තෘප්තිමත් වූ සේවාවක් සැපයීම නිසාවෙන් ම ඉදිරියට ද ඉරණමලංකා ආයතනය ඔබේ ජීවිතයේ බොහෝ දේ පහදා දෙන්නට, විචාරන්නට, විසඳුම් සොයන්නට, අඳුරට ආලෝකයක් වන්නට, පෙර සූදානම ගැන අගය මනාව වටහා දෙන්නට මේ ශාස්ත්‍රීය වූ සේවාව පවත්වාගෙන යන්නට පරපුරෙන් පරපුරට සැදී පැහැදී සිටින වග ඔබට දන්වා සිටින්නෙමු.



කොත්මලේ සෙනෙවිරත්න (40 වසරක් තුල නිහතමානීව සේවා සැපයූ පියාණන්, 1977 - 2017)
චන්දිමා ප්‍රියදර්ශනී සෙනෙවිරත්න
ලක්ෂ්මන් සෙනෙවිරත්න
චන්දන පුෂ්පකුමාර සෙනෙවිරත්න
Best astrology service in Sri Lanka. Best astrologers in Sri Lanka. Horoscope matching, making horoscope, 

Sri Lanka, nature of Sri Lanka, 

No comments:

Post a Comment