Friday, July 24, 2020

වෙළඳාමක් කරගෙන යනකොට !

වෙළඳාමක් කරගෙන යනකොට බොහෝ දෙනා සිතන්නේ ආර්ථික විද්‍යානුකූලව දැනුම උපයෝගී කොටගෙන ඒ ඒ න්‍යායන් අනුගමනය කරමින් තම වෙළඳාම කරගෙන ගියාම ලාභය මෙන්ම දියුණුව ළඟා කරගත හැකි ය යන්නයි. 
ඒත් එවැනි දැනුම අවශ්‍ය වන්නා සේම එැවැනි කිසියම් හෝ දැනුමක් නැතිව ව්‍යාපාරයන් අරඹා උත්සාහයෙන් දියුණු වන්නෝද එමටය
තවද උත්සාහයන් දැරුවද දැනුම තිබුනද කඩාවැටුණු වෙළඳ ආයතනද ඕනතරම් දක්නට ලැබෙනවා

මෙසේ වන්නේ කෙසේද ?
හේතුවන කරුණු ගණනාවක් ගැන අනාවරණය කරගත හැකි හැකියාව අපට තිබෙනවා

තම තමන්ගේ පෙර වාසනා ගුණය ඒ කියන්නේ තමන්ගේ කුශලාකුශල ගිණුමේ තිබෙන කුශල හා අකුශල ප්‍රමාණයන්, මේ ගිණුම ගැන දැනගන්න නම් ඉතින් දක්ෂ ලෙස හඳහන කියවා ගත යුතුමයි. එසේ නැත්නම් බොහෝ කාලයක් මුළුල්ලේ තමන් ගැන හොඳ සෙවිල්ලකින් නිරීක්ෂණ බුද්ධියෙන් කටයුතු කලාමත් යම් අවබෝධයක් පෙරවාසනාව ගැන දැනගැනීමට ඇතැම් අයට පුළුවනි. 

යම් අයෙක් දන්නා සියළු ශිල්ප දාමින් සිය වෙළඳ කටයුුතු මෙහේය වුවත් ජනතා ආකර්ෂණය හිමිකරගත නොහැකිව ව්‍යාපාරය බුන්වත් එනම් පාඩු ලබන ව්‍යාපරයක් බවට පත් වේ. 

ජනතා ආකර්ෂණය හිමිවන්නේ කාන්තිමත් ව්‍යාපාරික ස්ථානයන් වෙතය. බඩු භාණ්ඩවල හෝ සේවාවන්වල මිල වැඩිවුවත් විටෙක එතරම් වෙළඳ පරිසරයක නොවන ව්‍යාපාරයක් වුවද ඉතාමත් සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යන ව්‍යාපාරයන් බොහෝ තිබේ. 

ජනතා ආකර්ෂණය ලබාගත නොහැකිව ණය බරින් මිරිකී බලාපොරොත්තු සියල්ල කඩකරගනිමින් විටෙක නීතිය හමුවේද චූදිතයන් වෙමින් වසා දමන ව්‍යාපාර අතරට ඔබේ ව්‍යාපාරයත් එක් අවධානම් සහිත ව්‍යාපාරයක් වූවාද ?

කඩිනමින් ම ඔබේ ව්‍යාපාරයට වූයේ කුමක් ද? යන්නත් කාන්තිමත් බව ව්‍යාපාරය තුලින් ගිලිහී ගියේ කෙසේද? යන්නත් විමසා බැලිය යුතුම අවස්ථාව මෙයයි. 

අප තර කරගත් කුශල අකුශල තත්වයන් කෙසේද ? යන්න ගැන පුළුල් අවබෝධයක් අපට ලබාගත හැකිනම් වරදින තැන් මෙන්ම වැරදුන තැන් ගැනද අපට අවබෝධයෙන් යුතුව පිළයම් යොදමින් සාර්ථක ගමනක් යා හැකි නොවේද ?.

මෙතෙක් අපගේ අවබෝධය තුලින්  ජීවිතයේදී විශේෂ වූ ව්‍යාපාරික පිරිසක්ද අපට හමුවෙනවා, එනම් ඔවුන් තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කොටගෙන ඇතත් ජීවිතයේ විඳිය හැකි සියළු මානසික පීඩනයන් විඳිමින් ජීවිතය ගතකරන පිරිසක් හැටියටයි.

මේ සඳහාද බලපාන්නා වූ විවිධ ශාස්ත්‍රීයව සොයා ගතයුතු ගැටළු රාශියක් අපට හමුවෙනවා.

  • ව්‍යාපාරයන් සාර්ථක වීම සඳහා බලපාන්නා වූ කරුණු මොනවාද?
  • ව්‍යාපාරයත් පවුලේ අභිවෘද්ධියත් එකට ගෙනයාමට බලපාන කරුණු මොනවාද?
  • ව්‍යාපාරයක් සමාජයේ ජනප්‍රියත්වයකට පත්වන්නට හේතු මොනවාද?
  • කඩා වැටුණු හා කඩාවැටෙන්නට තිබෙන ව්‍යාපාරයක කාන්තිමත් බව තහවුරු කරගෙන වැඩිදියුණු කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද?
  • ඉල්ක්කගත තම පාරිභෝගිකයින් ගේ විශ්වාසයත් ඔවුන්ගේ මානසික තෘප්තිමත් බවත් රැකගැනීමට කළ හැකි ශාස්ත්‍රීය වූ පිළියම් මොනවාද?
  • ව්‍යාපාරයේ කීර්තිනාමය ස්ථාවරව පවත්වා ගැනීමට කළයුත්තේ කුමක්ද?
පියවරෙන් පියවරජය මාවතක ඔබේ ව්‍යාපාරය, වෙළඳ ආයතනය රැගෙන යන්නට නම් ඔබේ හැකියාවට උත්සාහයට විශ්ව ශක්ති ආශිර්වාදය හා කාන්තිමත් බව එක් කරගෙන ස්ථාවර වූ යහපත් සමාජ ව්‍යාපාරයක්, වෙළඳ සැලක් හිමිකර ගන්න. අදම ඔබේ හඳහන තුලින්   දැනගන්න ඔබ ඉන්නේ කිනම් තත්වයකද කියා.

ජෝතිෂ්‍යවේදී, වාස්තු උපදේශක ශාස්ත්‍රඥ කොත්මලේ සෙනෙවිරත්න

Thursday, February 6, 2020

වසර 30ට පසු සිදුවන සෙනසුරු මාරුවෙන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද ?




වසර 30 ට පසුව සෙනසුරු නොහොත් ශනි ග්‍රහයා තම වාසස්ථානයට පැමිණීම එනම් ස්වක්ෂේත්‍ර ගතවීම එළඹුණු 2020 ජනවාරි මස 24 දින සිදුවිය. විශේෂයෙන්ම වැඩකරන හා පීඩිත ජනතාවට සුභ සිද්ධිය, වාසනාව ගෙන දෙන මේ සෙනසුරු මාරුව නිසා වෙන කවරදාටත් වඩා එම ජනතාව ගැන කතා බහක් මෙන්ම ප්‍රායෝගික තලයේදී ඔවුන්ගේ ජීවන ගැටළු පිළිබදව වඩාත් නම්‍යශීලී හා ප්‍රතිඵලදායි වැඩපිළිවෙත් ක්‍රියාවට නැංවෙන යුගයක ආරම්භය වශයෙන් මෙය සනිටුහන් වේ.

නිසැකවම ඔබට ද ඒ තුලින් යම් ධනාත්මක තත්වයක් උදාවිය හැකිය. එබැවින් කල්තියාම ඔබ ඒ ගැන දැනගන්න, සූදානම් වන්න.
සාධාරණත්වයට මුල්තැන දී ධර්මානුකූලව ජීවිකාවන් ගෙන යන්නේ නම් ඔවුන්ට ඉදුරාම සුභසෙත උදාවේ. තවද එවැනි සමාජයකට මුලපුරන බොහෝ කටයුතු වෙනත් කාලයන්ට සාපේක්ෂව වේගයෙන් මේ ශනිගේ කාලසීමාව තුල සිදුවේ. ඒ සඳහා වන සියළු ආකාරයේ පසුබිම් සැකසීම් සියළු අංශයන්ගෙන් දැකගත හැකිවනු ඇත. 

එසේම සියළු අනීතික බලවේගයන් දුෂ්ට බලවේගයන් දෙදරද්දී ඔවුන්ට නිසි ආකාරයේ දණ්ඩනයන්ද ලැබෙනු ඇත. ඒ සඳහාද වන වටපිටාව බොහෝ සෙයින් වර්ධනය වේ. 

බොහෝ සෙයින් වැදගත් වන මේ ශනි මාරුව සිදුවන්නේ වසර 30ට පසුව වන බැවින් සමාජයේ විවිධ පැතිකඩයන්හි සැලකිය යුතු පෙරළි සිදු වේ. 
තවද මෙවර ශනි මාරුව විශේෂ වන්නේ සෙනසුරු  ග්‍රහයා තම බලය රිසි සේ  විදහාපාන රාශි දෙකක ඉදිරි වසර 5 තුල ගමන් කිරීමයි. 2020 ජනවාරි 24 සිට ඉදිරියට වසර 5ක් එම කාලසීමාව බලපැවැත්වේ.

ඒ ආකාර තත්වයන් අපට කෙසේ බලපාවිදැයි සූක්ෂ්මව නිරීක්ෂණය කර ඉදිරි ජීවිත කාලයට යහපත් පදනමක් දමා ගැනීමට  මෙය මහගු හා කදිම අවස්ථාවකි.

කොත්මලේ සෙනෙවිරත්න
071 400 7494
011 564 7564