Monday, August 7, 2017



1 මේෂ ලග්නය  2017 නොවැම්බර්


මේෂ ලග්නය
    දීර්ඝ කාල සීමාවක් පුරාවට පැවති සෙනසුරුගේ ඒරාශ්ටක තත්වය ඔක්තෝබර් 26 වන දිනත් සම නිමාවට පත් වී ඇත. ශනි ඒරාශ්ටකය අවසන් වීමෙන් පසුව ඔබට යහපත් වූ දශා තත්වයක්  පවතී නම් බොහෝ දුෂ්කරත්වයන් සහ කඩඉම් ජය ගැනීමේ හැකියාවක් සලසන බවක් පෙනේ.

රැකියාව හා ආර්ථිකය
    නොවැම්බර් මාසය එනම් නොවැම්බර් 29 වන දින දක්වාම ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ ග්‍රහයා 6 වැන්නේ දුබල වූ රාශි ස්ථානයක් ඇසුරු කරමින් සිටී. තරමක මානසික සංහිඳියාව බිඳවැටෙන කාල සීමාවක් වශයෙන් මේ කාලය ඔබට බලපායි. ඇතැම්විට සතුරු බලපෑම් සහිත කාලයක්  විය හැකිය. ශරීර සෞඛ්‍ය තත්වය පිළිබඳව ඇතැම්විට මන්දෝත්සාහයකින් යුක්ත වන අතර සිකුරු බලවත් වීම ඔබේ ජීවිතයට යහපත් තත්වයක් උදා කිරීමේ හැකියාවක් ඇති වේ. 

නොවැම්බර් 2 වන දින සිට සිකුරු 7 වැන්නේ බලවත් වූ රාශි ස්ථානයක හැසිරීම නිසා බුද්ධිමය වශයෙන් ඉදිරිපත් වන දේවල් ජය ගැනීමට ඉඩකඩ වාසනා ගුණය සැලසේ. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ හා තරඟකාරී ඉදිරිපත් වීම් වලින් ජයග්‍රහණ සලසා ගැනීමට ඉඩකඩ සැලසේ. වෙළඳ ව්‍යාපාර වල නිරත වන අයට මෙන්ම නිශ්පාදන කටයුතු වල නියැලෙන අයට තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට හෝ පහසුකම් සලසා ගැනීමට හෝ හැකියාව සලසන බවක් පෙනේ.  ගේ දොර ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්ණ ඇති අයට මේ කාල සීමාව යම් යම් සතුරු කරදරකාරී තත්වයන් ඇති කරයි. ඔබ පදිංචි භූමියේ යම් අලුත්වැඩියා කටයුත්තක් හෝ දෝෂ නිවාරණය කර ගැනීමකට හෝ ඉඩකඩ වාසනාව සැලසේ.

ගෘහ ජීවිතය
   විවාහ වීමට ඉඩකඩ සලසන මේ කාලය තුල බොහෝවිට මංගල යෝග සහිත කාලයක් බව පෙනේ. 7 වැන්නේ ගුරු බුද ග්‍රහයින් ගමන් කිරීම හා  සෙනසුරුගේ ඒරාශ්ටකය අවසන් වීම යන කරුණු පදනම්කොට ගෙන  විවාහ තීන්දු තීරණ ආදිය ගලපා ගැනීමට අවකාශ සැලසේ. වැඩිහිටියන්ගෙන් කෙනෙකුට යම් යම් උපද්‍රව සහගත කාලයක් මේ කාල සීමාව තුල බලපායි. මෙතෙක් අතහිත යොමුකොට සමීපව කටයුතු කළ අයෙකුගේ වියෝවක් සිදුවීමේ අවකාශ පවතී.

රෝග පීඩා
උදරගතව වැල‍‍ඳෙන රෝග පීඩා සහ බඩවැල් ආශ්‍රිතව රෝග පීඩා ආදියට මේ කාලය තුල ගොදුරු වේ. ඇතැම්විට ශල්‍යකර්මයකට ගොදුරුවන අවස්ථාවක් ඉස්මතු වන අතර සෙම් රෝග වලින් පීඩා විඳින අය ප්‍රවේශම් විය යුතුය.

දශානුදශා තත්වයන්
   රවි, බුද , සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට මේ කාලය තුල මානසික සතුට සහ තම පදිංචි භූමියේ දියුණුව සලසන ආකාරයක් බලපායි. කුජගේ දශානුදශා පවතින අයට හදිසි අනතුරු රෝග පීඩා ආදිය ඇති කරයි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 5, 6, 7 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 වන දිනට පසු සතුට, සෙනෙහස, ආදරය අත්විඳීමට ඉඩකඩ සැලසේ. කරදර ක්‍රමයෙන් අඩුවන ස්වභාවයක් ඉස්මතු වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment