Monday, August 7, 2017



9 ධනු ලග්නය  2017 නොවැම්බර්


ධනු ලග්නය
ධනු රාශිය හිමි ගුරු ග්‍රහයා නොවැම්බර් මාසය තුලදී  තුලා රාශියෙහි සංක්‍රමණය වේ. එසේම ගුරුගේ සතුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන සිකුරු ග්‍රහයා ද තුලා රාශියෙහි ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වේ.

රැකියාව හා ආර්ථිකය
ඔබේ ලග්නයට සෙනසුරුගේ සම්ප්‍රාප්තියක් සිදු වී ඇත. එනම් ශනි ඒරාශ්ටකයක් වශයෙන් ඇරඹෙන මේ කාලය ඉදිරියට වසර 2 ½ ක් පමණ පවතී. මේ ශනි ඒරාශ්ටකය ධනු ලග්න හිමියන්ට එතරම් බියවිය යුතු කාරණවක් නොවේ. රැකියා ක්ෂේත්‍රය තුල ගුණ යහපත් කම් ඉස්මතු  කරගත හැකි ශනි ඒරාශ්ටකය තුල ඇතැම්විට රැකියාවෙහි සුළු සුළු බාධාකාරී තත්වයන් ද ඇතිවිය හැකිය. කෙසේ වෙතත් ඔබට නොවැම්බර් මාසය තුල සමස්ථ ආර්ථිකයෙහි සතුටුදායක තත්වයක් පවත්වා ගෙන යාමට වාසනාවක් ඇත. ඇතැම්විට ඉදිරියට පැමිණෙන සතුරු කරදර තත්වයක් පැවතුනත් තම ස්ථාවරය මත කිසිම දෙයක් බිඳ හෙළීමට ඔවුන්ට අවස්තාව නොසැලසේ. ව්‍යාපාර ක්ෂේත්‍රය හා කලා ක්ෂේත්‍රයට විශේෂයෙන්ම සුභපල උදා කරයි. සංගීතය කලාව හා නිර්මාණ කටයුතු වල නිරත වන ධනු ලග්න හිමියන්ට තම ව්‍යාපාර අරමුණු උදෙසා කාර්යභහුල ජීවිතයක් ගත කිරීමට සිදුවේ. ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකුනම් නොවැම්බර් 16 න් පසුව යහපත් හා ගුණාත්මක දියුනකණුවකට වාසනාව සැලසේ. එනම් ස්ථාන මාරුවක් හෝ පදවි වෙනස් වීමක් හෝ නව රැකියා ප්‍ර වේශයක් සිදුවිය හැකිය.

ගෘශ ජීවිතය
ගුරු සිකුරු බලවත් වීම තුල සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලය ලැබූ බැවින් ගුරු පරාජිත ග්‍රහයෙක් බව පෙනේ. මේ නිසා මංගල යෝග නිශ්පල වීම සහ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටීමක් හෝ අධික සිත්තැවුල් මේ කාලය තුල ඇති වේ. කට වචනයෙන් විවාදාත්මක අවස්ථාවන්ට  ඉදිරිපත් නොවී සිටීමට වගබලා ගන්න. මිල මුදල් ක්ෂේත්‍රය පිළිබඳව යම් ගැටළු පැවතුනත් එය බුද්ධියෙන් විසඳා ගැනීමට කටයුතු කරන්න. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ධනු ලග්න හිමියන්ට නොවැම්බර් 15 වන දිනට පසු ඒ සඩහා යොමු වන්නේ නම් ඉතා ප්‍ර වේශමෙන් ඒ කටයුතු වලට යොමු විය යුතුය. බොහෝවිට නොවැම්බර් 16 වන දිනට පසු කරන කටයුතු අසාර්ථක වී යා හැකි බව පෙනේ. යාන වාහන මිල දී ගැනීම් වැනි කටයුතු සඳහා නොවැම්බර් 16 ට පසු යම් තරමකට අසුභ බවක් පෙනේ.

රෝග පීඩා
බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි ඇතැම් රෝග පීඩා තත්වයක් ද උදරගතව ඌෂ්ණාධික බව හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්වයන් ද මේ කාලය තුල බලපායි. කෑම බීම වලදී බොහෝ දුරට ප්‍ර වේශම් වන්න.


දශානුදශා තත්වයන්
රාහු ගුරු හා ගුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට රෝග පීඩා ධනහානී සහ අසුභපල වලින් සමන්විත වේ. සිකුරු හා බුද දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි විශේෂ ජයග්‍රහණ උදා කරන බවක් පෙනේ. ශනි හා සඳු ගේ දශානුදශා තත්වයන් පවතින අයට පොළොව හා සම්බන්ධ වස්තු ලාබ සහ හදිසි වස්තු ලාබ ලබා ගැනීමේ වාසනා ගුණයක් උපදවයි. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ දන්ද්‍රයා 9, 10 , 11 ස්ථෘන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දිනට පසු යහපත් කටයුත්තකට සිත යොමු කිරීමට සිදුවන බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment