Monday, August 7, 2017



6 කන්‍යා ලග්නය  2017 නොවැම්බර්


කන්‍යා ලග්නය
නොවැම්බර් මාසයේ දී  කන්‍යා රාශිය හිමි බුද ග්‍රහයා ඔබේ ජන්ම කේන්ද්‍රයේ 3 වැන්නට ගමන් කරන අතර එතැන් සිට කුජ හා බුද අතර පරිවර්ථන යෝගයක් ද දක්නට ලැබේ. සතුරන් දමනය කරන මේ ග්‍රහ පිහිටීම අනුව නඩුහබ හා නීතිමය කරදර තත්වයන් පවතින අයට සැනසිලිදායක තත්වයක් බලාපොරොත්තුවිය හැකිය.

රැකියාව හා ආර්ථිකය
යම්කිසි ස්ථාවර අඩිතාලමකට මූලික වන ආර්ථිකමය පසුබිමක් මේ මාසය තුල සකස් කර ගැනීට අවකාශ ඇත. ඔබේ උත්පත්ති ග්‍රහ බලය බලවත් නම් විශේෂ වූ යහපත් තත්වයක් උදා වේ. වෙළඳ ව්‍යාපාර කටයුතු හා නිශ්පාදනයට සම්බන්ධව වෘත්තීන්හි නියැලෙන කෙනෙකු නම් ඔබට මේ මාසය තුල ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට වාසනා ගුණය සැලසේ. ඇතැම්විට අලුත් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට අවකාශ ඉඩකඩ සලසන අතර විරැකියාවෙන් පෙළෙන කන්‍යා ලග්න හිමියන්ට රැකියා අවස්ථාවන් උදා වීමක් ද විදෙස්ගතව රැකියා අවස්ථාවලට යොමු වීමක් ද බලපායි. අවිආයුධ හා සම්බන්ධව ක්‍රියා කරන අය තම තමන්ගේ වෘත්තීය කටයුතු ආරම්භ කිරීමට  සුදුසු පරිසරයක් නොහොත් අලුත් පරිසරයක් උදා කර ගැනීමට අවකාශ සලසයි. එනම් කාර්මික ක්ෂේත්‍රයෙහි නිරත වන අයට අළුත් ව්‍යාපාර ඇරඹීමට අවකාශ ඉඩකඩ සැලසේ. සමස්ථයක් වශයෙන් කන්‍යා ලග්න හිමියන්ට නොවැම්බර් මාසය තුල ආර්ථිකමය වශයෙන් යහපත් කාලයක් බලපායි.

ගෘහ ජීවිතය
ඔබට ගෘහ ජීවිතය තුල මෙතෙක් පැවති යම් යම් ගැටළු සහගත තත්වයන් නිරාකාරණය කර ගැනීමට අවකා හා ඉඩකඩ සලසන බවක් පෙනේ. ඇතැම්විට දරුවන්ගේ දියුණුවට අදාලව යම්කිසි කටයුතු නිරත වීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තු වන කන්‍යා ලගන් හිමියන්ට එහි මූලික කටුයුතු ආරම්භ කිරීමට අවකාශ සැලසේ. සහෝදරයෙකුගෙන් හෝ පවුලේ වෙනත් විශේෂ පුද්ගලයෙකුගේ උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අවකාශ සැලසේ. නිර්මාණාත්මක කටයුතු වල නියැලෙන නාට්‍ය හා සම්බන්ධ කලාකරුවන් හට මේ මාසය වඩාත් සුභදායකය. යාන වාහන හා සම්බන්ධව ලාභ ප්‍රයෝජන හෝ හදිසි වස්තු ලාබ තත්වයක් මේ කාලය තුලදී ඉස්මතු විය හැකිය. පුණ්‍යස්ථානාධිපති සිකුරු ග්‍රහයා බලවත්ව හැසිරෙන මේ කාලය තුල පින්දහම් කටයුතු වල නිරත වීමෙන් වාසනා ගුණය ඉස්මතුවිය යුතුය.

රෝග පීඩා
   ලේ විෂ වීමෙන් ඇති වන රෝග පීඩා වලට ගොදුරු වේ. ඇතැම්විට හදිසි අනතුරු හා ආපදා තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. පෙනහළු ආශ්‍රිතව රෝග පීඩා වලට ගොදුරු වූ කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය තුල පීඩාකාරී තත්වයන් ඉස්මතුවිය හැකිය.

දශානුදශා තත්වයන්

කුජ බුද හා සෙනසුරුගේ දශානු දශා තත්වයන් පවතින අයට  ලේ විෂ වීම් හා සම්බන්ධ වූ රෝග පීඩා බලපායි. එසේම ඔවුන්ට ආර්ථිකමය වශයෙන් යම්කිසි විශේෂ යහපතක් ද උදාවිය යුතුය. සිකුරු ගේ දශානුදශා තත්වයන් පවතින අයට තම කටයුතු වල ජයග්‍රහණයන්ට ඉඩකඩ සලසයි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 12, 1, 2 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 දිනට පසු විශේෂ යහපත් ජයග්‍රහණයන්ට ඉඩකඩ සලසන අතර මෙතෙක් පැවති කරදර කාරී තත්වයන් නිවාරණය කර ගැනීමට අවස්ථාව උදා වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment