Monday, April 29, 2019

අප්‍රේල් ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණා ?

ඔබේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබට බලපාන තත්වයන් කුමක් ද ?



අපගේ රටටත් මුළු මහත් මිනිසත් බවටත් එල්ල වූ ඒ බරපතල මිලේඡ්ච ප්‍රහාරයෙන් විපතට පත් සෑම සියළු දෙනාටම පළමුව ම අපගේ බලවත් ශෝකය හදවතින්ම පිළිගන්වමු !

යුධයක හෝ කිසිදු අයුරකින් අස්ථාවර තත්වයක් ගැන අප කිසිම අයුරකින් දැන නොසිටි මොහොතක ශාස්ත්‍රාණුකූලව කළ ගවේෂණයකට අනුව ඉදිරිපත් කළ අනාවැකියකට හසුවූයේ රටේ යම් අයුරකින් පැන නැගිය හැකි මිලේච්චත්වයක සේයාවකි. මෙවර අවුරුදු පලාපල ජනතාවට රට ගැන ඉදිරිපත් කළේ පහත පරදිය - 2019 අප්‍රේල් 8 දින මෙම අනාවැකිය අපගේ වෙබ් අඩවියෙහි පල කළත් එය මාර්තු මස අග භාගයේදී අපගේ ශාස්ත්‍ර පරික්ෂාවේ දී අනාවරණය කරගත් තතත්වයකි.



2019 අප්‍රේල් 08 දින පහත දක්වා ඇති වෙබ්අඩවියෙහි පලකර ඇත



අනාවැකියේ කොටසක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් අර්බුදකාරී තත්වයන් ද මේ කාලය තුල ඉස්මතුවේ. විදේශගතව බලපාන පුළුල් පීඩාකාරී තත්වයන් හා සතුරු බලපෑම් ඇතිවීමටද අවකාශ ඇත. 2020 මුල්භාගය වන විට රටට සුභදායක හා යහපත් කාලයක් උදාවීමට නියමිතය. අර්ධ වශයෙන් බලපාන කාලසර්ප යෝගයක් ද මෙදා අවුරුදු උදා නැකතේ යෙදී පවතී. මේ නිසා සමාජය තුල ආරෝපිත වී ඇති වෛරය, ක්‍රෝධය ඉදිරි කාලය තුල යළිත් යම් තරමකට ඉස්මතුවිය හැකිය.”

Friday, April 12, 2019