Wednesday, November 7, 2018

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි

මානව ශබ්දයට ඇත්තේ අප්‍රමාණ වූ මහා බලයකි. ශබ්ද බලය මැනවින් යෙද වූ කල්හී යහපතක් ද නොමනා අයුරින් යෙදවූ කල්හී අයහපතක් ද නිර්මාණය වේ.
මැනවින් ශබ්ද ශාස්ත්‍රය උපයෝගීත්වයෙන් පෙර දවස මෙන්ම අද දවසෙහිද ජීවිතයට යහපතක් උදා කරගන්නෝ බොහෝ වෙති. ගුප්ත විෂයයන් නිසාවෙන්ම සමාජය තුලට මේවායෙහි රහස් හරි හැටි සෘජු ලෙස අනාවරණය නොවේ.

එවන් දවසක අප යත්න දරණුයේ මේ ගුප්ත ශබ්ද බල රහස් ක්‍රම යොදාගෙන මිනිසුන්ගේ පාපයන් දුරුකොට පින් බලය තහවුරු වන පරිදි සෙත්කවි ශබ්ද බලයෙන් දහසකුත් එකක් දුක් කරදර කම්කටොළු සමනය කරවීමය.

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි. එය නිතර නිතර භාවිතයෙන් ඔබේ ජය තහවුරු කරගන්න.