Monday, August 7, 2017



4 කටක ලග්නය  2017 නොවැම්බර්


කටක ලග්නය 
කටක ලග්නයට යෝග කාරක ග්‍රහයින් වශයෙන් බොහෝවිට සුභපල උදා කරන ගුරු හා කුජ දෙදෙන නොවැම්බර් මාසය තුල ස්වකීය සතුරු ස්ථාන වල ගමන් කරයි. කටක ලග්නයෙන් 4 වැන්නට සිකුරු ග්‍රහයාගේ පැමිණීම මාලවී යෝගය වශයෙන් සුභපල උදා කරන ග්‍රහ තත්වයකි. අධ්‍යාපන කටයුතු වල නිරත වීමට බලාපොරොත්තුවන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇරඹීමට විශේෂ සුභපල උදාකරන කාල සීමාවක් වශයෙන් නොවැම්බර් මාසය බලපායි.

රැකියාව හා ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල තරමක වෙහෙසකර හා දුෂ්කර වූ කාලයක් වශයෙන් මේ කාලය ගත වීමට හැකියාව ඇත. ඇතැම්විට දුෂ්කර වූ අවස්ථාවන් මගහරවා ගැනීමට මේ කාලය තුලදී ඉඩකඩ සැලසේ. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම බලාපොරොත්තු බිඳ වැටීමකට අවස්ථාව ඇත.  කෙසේ වෙතත් ව්‍යාපාර කටයුතු වල නියැලෙන හා නිශ්පාදන කටයුතු වල නියැලෙන කටක ලග්න හිමියන්ට  යම් යම් සුභපලදායක තත්වයන් ලබා ගැනීමට අවකාශ යෙදේ.  ආදායම් තත්වය නොවැම්බර් මස මැදභාගය වන විට යහපත් තත්වයකට පත්වන බවක් පෙනේ. කලා කටයුතු වල නියැලෙන කටක ලග්න හිමියන්ට ද විශේෂයෙන්ම එළි දැක්වීමට සිටින කටක ලග්න හිමියන්ට යහපත් හා ගුණාත්මක භාවයක් ඉස්මතු වේ. මැණික් ගැරීම් කටයුතු වල නිරත වන අයට නොවැම්බර් මස දෙවන සතිය විශේෂයෙන්ම යහපත් වූ ප්‍රතිඵල අත්පත් කර දෙන බවක් පෙනේ. අලුතින් පතල් බැසීමට සූදානම් වන අයට එම කාලය තුල සුභ නැකැත් යෝග උදාකොට ගෙන අවශ්‍ය කටයුතු සිදු කිරීම යහපත්ය.

ගෘහ ජීවිතය
විවාහ යෝජනා ආදිය පිළිබඳව සුභපල උදා කරයි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කටකට ලග්න හිමියන්ට බලාපෙරොත්තු සඵල වීමක් පෙනේ. ඉඩකඩම් මල දී ගැනීමකට හෝ විකුණා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු වේ. විශේෂයෙන්ම ඉඩකඩම් පිළිබඳව ගණුදෙනුවකට අවකාශ සලසන බවක් ද පෙනේ. යම් යම් අලාභහානි සිත්තැවුල් සහගත තත්වයක් ද නොවැම්බර් 20 ගණන් වලදී බලපෑමට අවකාශ ඇත. ඔබ පුළුල් මිල මුදල් ගණුදෙනු වල නිරත වන්නේනම්  බොහෝ අවබෝධයෙන් හා අත්දැකීම් මත එය නීත්‍යානුකූලව ඉටුකර ගැනීමට කටයුතු කරන්න.

රෝග පීඩා
අතපය සන්ධිස්ථාන වලට සම්බන්ධව අනතුරු සහගත තත්වයක් ඇතිවිය හැකිය. ඇතැම්විට ජලය හා ගින්දරෙන්ද අනතුරු ඇති වීමේ ප්‍රවණතා අධික වේ. කෙසේ වෙතත් ජලය, විදුලිය හා අවිආයුධ දේ වලින්  ප්‍ර වේශම් වන්න.

දශානුදශා තත්වයන්

කුජ, ගුරු හා රවිගේ  දශානුදශා තත්වයන් පවතින අයට අධික සිත්තැවුල් ධනහානි සහ නොයෙක් පීඩාකාරී තත්වයන් ඇති වීමට අවකාශ යෙදේ සිකුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට ව්‍යාපාර කටයුතු වල දියුණුවක් හා මංගල යෝග  උදා වීමක් ද සිදු වේ. සෙනසුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට සතුරු කරදර තත්වයන් ඉස්මතුවිය හැකිය.  ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 2, 3, 4 ස්ථාන වල  සිටියේ නම් ඔබට නොවැම්බර් මස 16 වන දිනට පසු යහපත් හා ගුණාත්මක අත්දැකීම් හා ලාභ ප්‍රයෝජන ලබාදෙන බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment