Monday, August 7, 2017



5 සිංහ ලග්නය  2017 නොවැම්බර්


සිංහ ලග්නය
සිංහ ලග්නයට අධිපති රවි ග්‍රහයා නොවැම්බර් මස 16 වන දින ස්වකීය නීච රාශිගත වීමෙන් නිදහස් වේ. ලග්නයෙන් 4 වැන්නට බුදගේ පැමිණීමත් නොවැම්බර් 1 වන දින සිට සිදුවන අතර එතැන් සිට යානවාහන සම්බන්ධව කටයුතු කරන අයට සුභපල ගෙනදෙන තත්වයක් උදා කරයි.

රැකියාව හා ආර්ථිකය
විදේශගතව ව්‍යාපාර කටයුතු වල නියැලෙන අයට බෙහෙවින්ම සුභපලදායක තත්වයක් උදාකරන අතර සංචාරක ක්ෂේත්‍ර යේ කටයුතු කරන අයට සුභපලදායකය. එසේම රැකියා කටයුතු සඳහා විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ද මේ කාලය තුලදී සුභපලදායක තත්වයක් උදා වේ. නොවැම්බර් මාසයෙන් පසු සතුරු කරදර නිමාවන තත්වයක් බලපාන අතර ඉඩකඩම් ගේ දොර පිළිබඳව රැකියා කටයුතු වල නිරත වන අයට බොහෝවිට නව කටයුතු ඇරඹීම සඳහා සුදුසු පරිසරයක් මේ කාලය තුලදී උදා වේ. කාර්මික අංශවල නියැලෙන සිංහ ලග්න හිමියන්ට පුළුල් ආදායම් තත්වයක් ගෙනදෙන මේ කාලය තුලදී යාන වාහන ලාභ ප්‍රයෝජන ලබාදෙන ග්‍රහ තත්වයක් බලපායි. 

ගෘහ ජීවිතය
ඇතැම්විට අඹුසැමියන් අතර ඇතිවිය හැකි නොයෙක් ආකාර ආකල්පමය ගැටළු නොවැම්බර් මාසය තුල බලපායි.  සුළු වශයෙන් හෝ යම් යම් සිත්තැවුල් සහගත තත්වයන් ඔවුනොවුන් අතර ඇති වේ. දරුවෙකු වෙනුවෙන් ලබන ජයග්‍රහණයකට ඉඩකඩ සලසන අතර ඇතැම්විට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දරුවෙකුට ජයග්‍රහණය සලසා දෙන බවක් පෙනේ. නැතහොත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අඹුසැමියන් ට දරුඵල ලබා ගැනීමට වාසනාව සලසන ග්‍රහ තත්වයක් මේ කාලය තුල බලපායි. බුද හා සිකුරු බලවත් ස්ථාන වල ගමන් කිරීම නිසා දරුවන් වෙනුවෙන්කරන කටයුතු වලින් ඉමහත් වූ පලප්‍රයෝජන ලබාදෙන අතර  ඊට අවශ්‍ය පුදපූජා කටයුතු නිරත වීම සුභදායකය.

රෝග පීඩා
තුනටිය ආශ්‍රිතව බලපාන රෝග පීඩා සහ කොු ඇටපෙළ ආශ්‍රිතව රෝග පීඩා වලින් පෙළෙන අයට මේ කාල සීමාව ප්‍රවේශම් වීම යහපත් වේ. රෝග පීඩා ආදිය සමනය කර ගැනීම සහා ශාන්තිකර්ම ආදිය සිදුකර ගැනීම යහපත් වේ.

දශානුදශා තත්වයන්

බුද, සිකුරු හා සුගේ දශානුදශා තත්වයන් පවතින අයට  විශේෂ සුභපලදායක තත්වයක් ගොඩනගයි. යානවාහන ගේ දොර ඉඩකඩම් ආදී ලාභ ප්‍ර යෝජන ලබාදෙන බවක් පෙනේ. රාහුගේ දශානුදශා තත්වයන් පවතින අයට නීතිමය හා සතුරු කරදර මෙන්ම දෝෂඅපවාද වැනි තත්වයන් බලපායි. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රය 1, 2, 3 ආදි ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දින සිට ඉදිරියට යහපත් වූ ප්‍රතිඵලදායක ගණුදෙනු හා ලාභ ප්‍රයෝජන වැනි තත්වයන්  බලපෑ හැකි බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment