Monday, August 7, 2017

10 මකර ලග්නය  2017 නොවැම්බර්


මකර ලග්නය
මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්නට පැමිනීමෙන් වසර 7 ½ ක ඒරාශ්ටකයක් ඔක්තෝබර් මස 26 වන දින සිට ආරම්භ කර ඇත. ඔබේ  ලග්නාධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සෙනසුරු ග්‍රහයා ගුරුගේ රාශි ස්ථානයකට පැමිණීම පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවක් මෙහිද ී අවධාරනය කළ යුතුය

රැකියාව හා ආර්ථිකය
සිකුරු ග්‍රහයා ඔබේ ජනම් කේන්ද්‍ර යේ 10 වැන්නේ බලවත් වීම විශේෂ මාලවී යෝගයක් වශයෙන් සැලකිය යුතුය. එය සරස්වතී යෝගයක් වශයෙන් දරුවන්ගේ අතුරු කියවීම සඳහා යොදා ගත හැකි වේ. කලා ක්ෂේත්‍ර යෙහි මෙන්ම  කාන්තාව නියෝජනය කරන රැකියා කටයුතු වල නියැලෙන කොයි කාටත් පුළුල් යහපතක් උදාකළ හැකි තත්වයක් මේ නොවැම්බරයේ දී බලපායි. කෙසේ වෙතත් බුද, සිකුරු ආදී ග්‍රහයින් බලවත් වීම කරණකොට ගෙන මකර ලග්න හිමියන්ට යස ඉසුරු සැපසම්පත් ළඟාකර ගත හැකි තත්වයක්  මේ නොවැම්බර් මාසය තුලදී උදා කරයි. ස්ථානගත වෙනස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට යහපත් වැඩපිළිවෙලක ආරම්භය මේ කාලය තුල සිදුවිය හැකිය. 7 වැන්නේ දුබල වූ  ග්‍රහ තත්වයක් බලපාන මේ කාලය තුල විෂකුරු සතුන්ගෙන් ප්‍ර වේශම් වීම සහ ජලයෙන් විපත්ති ඇතිවිය හැකි බැවින් ජලාශ්‍රිතව රැකියා වල නිරත වන මකර ලග්න හිමියන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් සිතීමට අවශ්‍ය කාලයකි. ශනි ඒරාශ්ටකයේ මුල් අවස්ථෘව ජලයෙන් විපත් ඇතිවීමේ ඉඩකඩ භහුල බවක් පෙනේ.

ගෘහ ජීවිතය
දූ දරුවන්ගේ යහපත හේතුවෙන් යම්කිසි සතුටක් වින්දනයක් මේ කාලය තුල බලපායි. විශේසයෙන්ම අධ්‍යාපන ජයග්‍රහණ සහ රැකියා ක්ෂෞත්‍රය තුල ඇති වන යහපත් තත්වයක් මේ කාලය තුල උදාවිය හැකිය. නැතහොත් විවාහ මංගල්‍යයක් කරණකොට ගෙන ඇතිවන ප්‍රීතිමත් අවස්ථෘවක් මේ කාලය තුල උදා වේ. ඔබ ඉඩකම් මිල දී ගැනීමට බලාපොරෙතාතුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුලදී සතුරු කරදර බලපෑම් වලට ඉඩකඩ පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් ඔබ ඉඩකඩම් මිල දී ගන්නේ නම් ඒ ඉඩම ආසන්නයේ සිටින අය පිළිබඳව උනන්දුවෙන් සිතන්න, සොයා බලන්න. ඔබට ඔවුන්ගෙන් දැඩි පීඩාකාරී තත්වයක් ඉදිරි කාලය තුලදී ඇතිවිය හැකිය. යාන වාහන මිල දී ගන්නා අයට  

රෝග පීඩා
සෙම් රෝග ආදිය කිපීමෙන් ඇතිවන ඇතැම් රෝග පීඩා වලට ද එසේම දණහිස් තුනටිය ආශ්‍රිතව සන්ධිස්ථාන ගත රෝග ද මේ කාලය තුල භහුලව බලපාන බවක් පෙනේ. විශේෂයෙන්ම වැසි සහිත අවස්ථාවලදී ඇතිවන අනතුරු ආදිය පිළිබඳව බොහෝ ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

රාහු, කුජ හා රවිගේ දශානුදශා තත්වයන් පවතින අයට යම් යම් අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයක් මෙන්ම අවමාන සහගත තත්වයන් ඇති විය හැකිය. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ලැබීම් සහ රැකියා ක්ෂේත්‍රෙයහි යහපතක් උදා වීමට මේ කාලය තුල අවකාශ ඇත. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 8, 9, 10 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු පවතින කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් අඩු වී යන බවක් පෙන්වයි. නොවැම්බර් 16 දක්වා කාලය තුල කිසිම අලුත් යමක් ඇරඹීමට සුදුසු නොවන බවක් පෙනේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment