Monday, August 7, 2017



12 මීන ලග්නය  2017 නොවැම්බර්

මීන ලග්නයට

මීන රාශි හිමියන්ගේ කේන්ද්‍රයේ 7 වැන්නට කුජ ග්‍රහයා පැමිණ සිටී. නොවැම්බර් මාසය පුරාවට කුජ සතුරු රාශියක් වශයෙන් 7 වැන්නේ ගමන් කරන බැවින් ඔබ බොහෝ ප්‍රවේශමෙන් තම කට වචනය පාලනය කර ගැනීමට උනන්දු වන්න. නොවැම්බර් මාසය තුල ඔබේ කට වචනය නිසා ඇති විය හැකි සතුරු කරදර තත්වයක් බලපෑ හැකිය.

රැකියාව ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල සමස්ථයක් වශයෙන් යහපත් හා ගුණාත්මක ප්‍රතිපල ලබා ගැනීමේ වාසනා ගුණයක් ඇත. ඇතැම් විට ආකල්පමය ප්‍රශ්ණ මැද පැවති ආයතනයක් නම් එහි අනෙක්  අය සම සහයෝගයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. ජලය හා සම්බන්ධව කටයුතු කරන අයද විශේෂයෙන්ම නාවුක හා ජල ක්ෂේත්‍රයෙහි නියැලී සිටින අය මේ කාලය තුලදී බොහෝ ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. නොසිතූ විරූ ආකාරයෙන් හදිසි අනතුරු ඇති විය හැකිය. ඔබ පුළුල් ආකාරයට මිල මුදල් කටයුතු වල නිරත වන කෙනෙකු නම් මේ මාසය තුලදී සොරසතුරන්ගෙන් ප්‍රවේශම් වීම සහ තමන් අතින් සිදු විය හැකි අත් වැරදි පිළිබව අවබෝධයෙන් කටයුතු කරන්න. එසේම රාත්‍රී කාල වලදී ගමන් බිමන් යන අය බොහෝ ප්‍රවේශමෙන් ගමන් බිමන් යාම යහපත් වේ. අළුත් දෙයක් කිරීමට අදහසක් ඇත්නම් අළුත් ප්‍රවේශයකට කැමැත්තක් ඇත්නම් ඊට අවශ්‍ය ඉදිරි පෙළගැස්මක් මේ කාලය තුලදී සිදු විය හැකිය. නිර්මාණ කරණයෙහි නිරත වන අයට නව නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ කාලය තුල ලැබේ. ගුරු හා සිකුරු 8 සහ 9 ස්ථාන වල ගමන් කිරීම නිසා විදේශගතව අධ්‍යාපන කටයුතු වල නිරත වන කෙනෙකු නම් ඔබට විශේෂ වාසි දායක සහ යහපත් වූ පසුබිමක් මේ කාලය තුල ගොඩනයි.

ගෘහ ජීවිතය
සමීපයෙන් ඇසුරු කරන කෙනෙකු නිසා යම්කිසි අමනාප මතභේද ඇතිවීමේ අවකාශ ඇත. යානවාහන පිළීබව බලාපොරොත්තු ඇති කෙනෙකු නම් ඒ සහා සුදුසු කාලය මේ කාලය තුල ගලපා ගත හැකි බවක් පෙනේ. වස විෂ ශරීර ගත වීමට අවකාශ ඇති බැවින් තම කෑම බීම වලින් සහ අනවශ්‍ය තැන් වලින් කෑම ගැනීමෙන් වලකින්න. පිටරට ජීවත් වන මිතුරෙකු හෝ වැඩිහිටියෙකු ඔබට උදව් පදව් කිරීමට අවකාශ ඉඩ කඩ සැලසේ.

රෝග පීඩා
උදරයේ ඇති වන අම්ලකර රෝග තත්වයන් ඇති වේ. තවද මූත්‍රා රෝග වැනි තත්වයන් ඇති වීමටද අවකාශ ඇත. ඌශ්ණ අධීක ආහාර පාන වලින් ප්‍රවේශම් වන්න. ජලයේ ජීවත් වන සතෙකුගෙන් අනතුරක්  ඇති වීමේ අවකාශ ඇත.

දශානු දශා තත්වයන්
රවි,කුජ,රාහු දශානු දශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ.අනතුරු හා ධනහානි තත්වයන් ඇති වේ. සතුරු කරදර සහිතය. බුධ,සිකුරු,ගුරු දශානු දශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල  ජයග්‍රහණ වලට ඉඩ කඩ සලසයි.අඹු දරුවන් අතර ප්‍රීතිමත් ආරංචි මාර්ග අසන්නට ලැබේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 6,7.8 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු ඇරඹෙන කාලය තුල ලාභ ප්‍රයෝජන තත්වයන් බලපාන බවක් පෙනේ.

   

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල....

Best astrology service in Sri Lanka. Best astrologers in Sri Lanka. Horoscope matching, making horoscope, 
Sri Lanka, nature of Sri Lanka, 

ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment