Monday, August 7, 2017



7 තුලා ලග්නය  2017 නොවැම්බර්


තුලා ලග්නය
තුලා ලග්නයට අධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා ස්වකීය බලවත් රාශියක  නොවැම්බර් 2 දින ගමන් කරයි. නොවැම්බර් 2 වන දින සිට සරස්වතී යෝගයක් උදා වේ. බුද්ධිමය කටයුතු වලට ඉදිරිපත් වන තුලා ලග්න හිමියන්ට විශේෂ සුභපලදායක ජයග්‍රාහී තත්වයන් ඉදිරි කාලයේ දී බලපායි.

රැකියාව හා ආර්ථිකය
බුද්ධිමය වශයෙන් ජයග්‍රහණ සඳහා ඉදිරිපත් අයට විශේෂයෙන් මේ කාල සීමාව සුභදායකය. තරඟකාරී අංශවලට ඉදිරිපත් වන අයට ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමකට අවකාශ  සැලසේ. හිතවතුන්ගෙන් හා නෑදෑයින්ගෙන් ආශිර්වාදය ලැබිය හැකි යම් ජයග්‍රාහී අවස්ථාවක් මේ කාලය තුලදී ඇති කරයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට තම ඉලක්කයන් කරා ඉදිරි පියවරයක් තැබීමට මේ කාලය තුල අවකාශ සලසයි. ඔබ ගණිත මිණිත කටයුතු වලට සම්බන්ධ අයෙකු නම් ඔබට විශේෂයෙන්ම උසස් ජයග්‍රහණයන්ට මඟපාදන කාලයක් වශයෙන් සැලකිය හැකිය. කලා නිර්මාණ මෙන්ම පොත්පත් ලිවීම, නිශ්පාදන කටයුතු වලට යොමු වීමට අවස්ථාව සලසන මේ කාලය තුල උසස් හිතමිතුරු සම්බන්ධතාවයන් මත තම ජයග්‍රහණයන් සලසා ගත හැකිය. දීර්ඝ කාලයක් බලපෑ ශනිගේ ඒරාශ්ටකය ඔක්තෝබර් 26 වන දින අවසන් වී ඇත. පහසුවෙන්ම යම්කිසි ඉලක්කයක් කරා පොළොඹවන මේ කාලය තුල තම ආගමික කටයුතු පෙරදැරිකොට ගෙන කටයුතු ආරම්භ කරන්න.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට මේ කාලය සුභපලදායකය. නොවැම්බර් 26 වන දින ගතවන තුරුම විශේෂ මංගල යෝග තත්වයක් ඔබට බලපායි. එමෙන්ම ඉඩකඩම් මිල දී ගැනීමක් හෝ ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවන අයට මේ කාලය තුල යහපත් ප්‍රතිඵල උදා වේ. ජලය හා සම්බන්ධ රැකියාවන්හි කටයුතු කරන අය ටිකක් ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු සහගත  තත්වයක්  හෝ ජලයෙන් ඇතිවිය හැකි රෝග තත්වයක් මේ කාලය තුලදී බලපෑ හැකිය. තුලා ලග්න හිමියන්ගේ 12 වැන්නට කුජ ග්‍රහයා ගමන් කිරීම නිසා කට වචනය වැරදීමෙන් ඇතිවිය හැකි අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයන් මේ කාලය තුල බලපායි. ඔබ නඩුහබ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින කෙනෙකු නම් මේ කාලය තුල ප්‍රවේශම් විය යුතුය. එනම් කට වචනය වරද්දා ගැනීම තුලින් ඇතිවිය හැකි සිත්තැවුල් මේ කාලයේ බලපෑ හැකිය.

රෝග පීඩා
මූත්‍රා රෝග සහ දත් රෝග වලට ගොදුරුවිය හැකි මේ කාලය තුල සැර ආහාරපාන වලින් වැලකී සිටීමට උනන්දු වන්න. කැපුම් කෙටුම් වැනි දේ ඇතිවිය හානි නිසා අවිආයුධ වලින් භාවිතයේදී ප්‍රවේශම් වන්න. ජලය ආශිතව කටයුතු කරන අය ජල විපත් වලින් වැලකීම සඳහා කටයුතු කරන්න

දශානුදශා තත්වයන්
කුජ ,රාහු සහ කේතුගේ දශානුදශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. අලාභහානි සිත්තැවුල් පමුණුවයි.

 ගුරු ,සිකුරු, බුද දශානුදශා තත්වයන් පවතකින අයට විශේෂ මංගල යෝග සහ කලා ක්ෂේත්‍රයන් හී නිරත වන අයටද සුභපල උදා කරයි. යම්කිසි ජයග්‍රහණයකට ඉඩකඩ සලසන බවක් ද පෙනේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 , 12 හා ලග්නයේ සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දින සිට ඉදිරියට සුභපල උදා කරන වාතාවරණයක් උදා වේ. ඕනෑම ජයග්‍රාහී අවස්ථාවකට  ඉදිරිපත් වීම සුභදායකය.


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

No comments:

Post a Comment