Monday, August 7, 2017



8 වෘශ්චික ලග්නය  2017 නොවැම්බර්


වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ ලගනාධිපති ග්‍රහයා වශයෙන් සලකෙන කුජ ග්‍රහයා නොවැම්බර් මාසය පුරාවටම පාහේ කන්‍යා ලග්නයේ ගමන් කරයි. එනම් නොවැම්බර් මස 30 දක්වාම කන්‍යා රාශියේ සතුරුව ගමන් කරයි. කුජ හා බුද අතර  යෙදුණු පරිවර්ථන යෝගයක් ද උදා කරමින් බලපාන මේ ග්‍රහ තත්වය තුල ඇතැම්විට වෛරස් රෝග ආදිය සහ ලේ විෂ වීම් ආදී රෝග වලට ගොදුරු වීය හැකිය. තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිඳව අවබෝධයෙන් කටයුතු කරන්න.

රැකියාව හා ආර්ථිකය
වෙහෙස මහන්සියෙන් හා ශ්‍රම ශක්තියෙන් ජීවිකාවන් ගෙවෙන වෘශ්චික ලග්න හිමි ඔබට විශේෂයෙන්ම රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි තහවුරු වීමකට හෝ ස්ථාවරත්වයකට පත් වීමට හැකි ග්‍රහ තත්වයක් බලපායි. ඔබ විදෙස්ගත වීමට අපේක්ෂා කරන කෙනෙකු නම් ඔබේ බලාපොරොත්තු ඉටු වේ. සිකුරු බලවත් වූ රාශි ස්ථානයක ගමන් කිරීම නිසා පිටස්තර කෙනෙකුගේ සහයෝගයෙන් ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ කාලය තුල අවකාශ සැලසේ. හදිසි ධනලාභයක් ආකාර වූ බලාපොරොත්තු වූ මුදලක් ලැබීම නිසා ආර්ථිකයෙහි යම්කිසි සවිමත් බවක් හා ස්ථාවර බවක් ඇතිවිය හැකිය. ශනි ඔබේ ලග්නයෙන් 2 වැන්නට ගමන් කොට සිටීම මේ කාලය තුල සෙනසුරුගේ ඒරාශ්ටකයක්ද බලපාන අතර ගේ දො ඉඩකඩම් හා සම්බන්ධ රැකියාවන් හී වෘත්තීන් හී නිරත වන අයට අලාභහානි සතුරු කරදර සහ සිත්තැවුල් සහගත තත්වයන්  ඇතිවිය හැකිය. මැණික් ගැරීම් වැනි පොළොව හා සම්බන්ධව කටයුතු කරන අයට ද එසේම සොර සතුරු උපද්‍රව හා වංචා කාරයින්ගෙන් සතුරු කරදර ඇතිවිය හැකිය. නොවැම්බර් 16 වන දිනට පසුව නීතිමය කරදර හා යම් උපද්‍රවකාරී තත්වයන් හා බලාපොරොත්තු කඩවීම් වලට ඉඩකඩ සලසන තත්වයක් ඇති වේ. රැකියා ක්ෂේත්‍රය තුල  තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට උනන්දු වන්න. ඇතැම්විට පාවා දීම් වැනි තත්වයන් මේ කාලය තුල සිදුවිය හැකිය.

ගෘහ ජීවිතය
ඇතැම්විට ගෘහ ජීවිතය තුල සතුට , සෙනෙහස හා සංහිඳියාව නැති වී යන තත්වයක් බලපායි.  විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුල යම් සතුරු බලපෑමක් තුල බලාපොරොත්තු කඩවීමකට මග සලසයි. නැතහොත්  යම් විශ්වාසයෙන් සිටින කෙනෙකුගෙන් ඇත් වීමට තුඩුදෙන තත්වයක් බලපායි. ඔබ ඉඩකඩම් ගේ දොර මිල දී ගැනීඹට උනන්දු වන කෙනෙකු නම් ඔබට හොඳ අවස්ථාවක් මේ කාලය තුල උදා වේ. සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණ බලවත් වී සිටින මේ කාලය තුල කුජ බුද අතර පරිවර්ථනයක් යෙදී තිබීම හේතුවෙන් වස්තු ලාභ වැනි තත්වයන් ඉස්මතුවිය හැකිය වුවත් සතුරු ග්‍රහයින්ගේ බලපෑම් වලින් යුත්ත බැවින් තම තමන්ගේ ග්‍රහ අපල මැඩපැවැත් වීම සඳහා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආගමික වතාවත් වැනි දේ වලින් සිත සමනය කර ගන්නා කරන කටයුතු වල යෙදීමෙන් බොහෝ දුරට අකුශලකර්ම වලට ගොදුරුවිය හැකිය.   

රෝග පීඩා
ලේ විෂ වීමෙන්  ඇතිවන ඇතැම් රෝග පීඩාද සතා සිවුපාවුන්ගෙන් ඇතිවිය හැති අනතුරු සහගත තත්වයක් ද මේ කාලය තුල බලපෑ හැකිය. එසේම ජලය හා සම්බන්ධ ව සෙම් රෝග ආදී ඇතැම් රෝග පීඩා වලට ගොදුරුවිය හැකි අතර ජලය විදුලි වැනි දේ වලින් හදිසි අනතුරු තත්වයන් බලපෑ හැකිය.

දශානුදශා ත්වයන්

රවි රාහු දශානුදශා තත්වයන් පවකින අයට තරමක උපද්‍රවකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට යහපත් හා ගුණාත්මක රැකියා ලාභ හා ස්ථානගත ලාභ ප්‍රයෝජන ආදිය ලබා ගැනීමේ වසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11 හා 12 ස්ථාන වල සිටියේ නම් ඔබට මේ නොවැම්බර් මාසය 16 දිනට පසු මෙතෙක් පැවති කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් දුරු වී යන තත්වයක් බලපායි. ඉදිරි කාලය තුල බලාපොරොත්තු ඉටුකර ගැනීමකට තුඩුදෙන කිසියම් වෙනස් වීමකට මේ කාලය තුලදී කෙනෙකුගෙන් උදව් උපකාර ලබාගත හැකි බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....


No comments:

Post a Comment