Thursday, February 6, 2020

වසර 30ට පසු සිදුවන සෙනසුරු මාරුවෙන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද ?




වසර 30 ට පසුව සෙනසුරු නොහොත් ශනි ග්‍රහයා තම වාසස්ථානයට පැමිණීම එනම් ස්වක්ෂේත්‍ර ගතවීම එළඹුණු 2020 ජනවාරි මස 24 දින සිදුවිය. විශේෂයෙන්ම වැඩකරන හා පීඩිත ජනතාවට සුභ සිද්ධිය, වාසනාව ගෙන දෙන මේ සෙනසුරු මාරුව නිසා වෙන කවරදාටත් වඩා එම ජනතාව ගැන කතා බහක් මෙන්ම ප්‍රායෝගික තලයේදී ඔවුන්ගේ ජීවන ගැටළු පිළිබදව වඩාත් නම්‍යශීලී හා ප්‍රතිඵලදායි වැඩපිළිවෙත් ක්‍රියාවට නැංවෙන යුගයක ආරම්භය වශයෙන් මෙය සනිටුහන් වේ.

නිසැකවම ඔබට ද ඒ තුලින් යම් ධනාත්මක තත්වයක් උදාවිය හැකිය. එබැවින් කල්තියාම ඔබ ඒ ගැන දැනගන්න, සූදානම් වන්න.
සාධාරණත්වයට මුල්තැන දී ධර්මානුකූලව ජීවිකාවන් ගෙන යන්නේ නම් ඔවුන්ට ඉදුරාම සුභසෙත උදාවේ. තවද එවැනි සමාජයකට මුලපුරන බොහෝ කටයුතු වෙනත් කාලයන්ට සාපේක්ෂව වේගයෙන් මේ ශනිගේ කාලසීමාව තුල සිදුවේ. ඒ සඳහා වන සියළු ආකාරයේ පසුබිම් සැකසීම් සියළු අංශයන්ගෙන් දැකගත හැකිවනු ඇත. 

එසේම සියළු අනීතික බලවේගයන් දුෂ්ට බලවේගයන් දෙදරද්දී ඔවුන්ට නිසි ආකාරයේ දණ්ඩනයන්ද ලැබෙනු ඇත. ඒ සඳහාද වන වටපිටාව බොහෝ සෙයින් වර්ධනය වේ. 

බොහෝ සෙයින් වැදගත් වන මේ ශනි මාරුව සිදුවන්නේ වසර 30ට පසුව වන බැවින් සමාජයේ විවිධ පැතිකඩයන්හි සැලකිය යුතු පෙරළි සිදු වේ. 
තවද මෙවර ශනි මාරුව විශේෂ වන්නේ සෙනසුරු  ග්‍රහයා තම බලය රිසි සේ  විදහාපාන රාශි දෙකක ඉදිරි වසර 5 තුල ගමන් කිරීමයි. 2020 ජනවාරි 24 සිට ඉදිරියට වසර 5ක් එම කාලසීමාව බලපැවැත්වේ.

ඒ ආකාර තත්වයන් අපට කෙසේ බලපාවිදැයි සූක්ෂ්මව නිරීක්ෂණය කර ඉදිරි ජීවිත කාලයට යහපත් පදනමක් දමා ගැනීමට  මෙය මහගු හා කදිම අවස්ථාවකි.

කොත්මලේ සෙනෙවිරත්න
071 400 7494
011 564 7564