Tuesday, January 22, 2019

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?         තැන අනුව දෙන පල මෙන්න !



  • සඳු යනු පෘථිවියට අයත් ග්‍රහයෙකි. උපදින සෑම කෙනෙකුටම හිමි වන නැකතක් ඇත. එනම් යමෙක් උපදින මොහොතේ සඳු ග්‍රහයාගේ ගමන අනුව පවතින නැකතක් ඇත. විශ්වයේ බෙදීම් අනුව නැකැත් 27 කි. ඉන් එක් නැකතක් ඒ ඒ වෙලාවට උපදින අයට උපන් නැකත ලෙස හිමි වේ. සඳු ගේ ගමන අනුව සඳු ග්‍රහයා ගමන් ගන්නා ස්ථානය අනුව නැකැත් චක්‍රය බෙදා ඇත. 
  • කෙනෙකු උපත ලබන වේලාවේදී සඳු ගමන් කරන ස්ථානය චන්ද්‍ර ස්ඵූටය වේ. ඒ අනුව කෙනෙකුට උපන් නැකත ජෝතීර්වේදියා විසින් ගණන් බලා සකසා ගනී. සඳු ග්‍රහයා ගමන් කරන නැකත අනුව ජන්මියාට හිමි මහදශා තීරණය වේ.
  • සඳු ග්‍රහයා ද අන් ග්‍රහයින් මෙන් ම ගමන් කරන ස්ථානය අනුව විවිධ ගති පැවතුම් ඉස්මතු කරවයි. යම් මොහොතක උපදින අයට ඒ  ඒ ගමන් ස්ථානය අනුව සඳු ගෙන් ඉස්මතු කරවන ගති පැවතුම් ජන්මියා තුල ද ඉස්මතු කරවයි. 
  • භාවයක් එනම් රාශියක් අංශක තිහකින් (30) යුත් කොටසකි. භාව දොලස හෙවත් රාශි දොලස ම අංශක 30කින් යුත් කොටස් දොළහකි. සඳු හෝ කුමණ ග්‍රහයෙකු වුවද මේ රාශි 12 තුල ගමනේ යෙදේ. එනම් එක් රාශියක් තුල එනම් අංශක 30 තුල  එක් එක් අංශකය බැගින් අංශක 30ක් ගමන් කරයි. එවිට ඒ ඒ අංශකයේ දී ද ග්‍රහයෙකුගේ බලය විහිදු වීම යම් යම් වෙනස්කම් පෙන්වයි. ඒවා ජන්මියාට බලපාන අයුරුද ඒ ඒ ලෙස අධ්‍යයන්යන්ගෙන් ම හඳුනා ගත යුතුය
  • අප මේ ඔබට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ  සඳු ගමන් කරන නැකැත් 27 අනුව පලාපල නම් නොවේ. සඳු ග්‍රහයා කෙන්ද්‍රයේ භාව දොළොසේ ගමන් කරන විට ඒ ඒ භාවයන් තුල පෙන්වන පලාපල වේ. එනම් ඔබ කළ යුත්තේ ඔබේ කේන්ද්‍ර යේ  සඳු ඉන්නේ කොතැනද කියා බලා පලාපල ග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා දක්වා ඇති ආදර්ශ රූප සටහන තුලින් වටහා ගන්න.

                                          
ඉදිරියට ගොස් කියවන්න ≥≥≥

පළමු (01) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු

  • පළමු භාවය නම් ජන්මියාගේ  ලග්නය නියෝජනය කරන ස්ථානයයි. සඳු පුර තිථීයක බලවත් ව උපන්නේ නම් ඔහු හෝ අැය තුල ඉතා සෞම්‍ය ගති පැවතුම් හා යහපත් සිතුවිලි පෙරදැරිව කටයුතු කරන සුළු පුද්ගලයෙකු වන්නේ ය. උපේක්ෂාශීලීව යමක් ගැන දකිනවා මෙන්ම බොහෝ දුර දිග සිතා බලා ක්‍රමෝපායන් යොදන බව ද කිව යුතුය. වඩා ප්‍රවේශම් සහිත බව ඇති කරයි. 
  • භාව දොළස එනම් රාශි දොළස චර, තිර, උභය වශයෙන් ගති අනුව බෙදා වෙන්කර තිබෙනවා. ඒ අනුව  පළමු වැන්න චර රාශියක් වී චන්ද්‍රයා එම චර රාශියේ තැන්පත් වී සිටියේ නම්  ස්ථිරතාවය ගැන ප්‍රශ්න සහගතයි. චංචල ගති, උස් පහත් වීම් ස්ථිරතාව නොමැති ලක්ෂණ ස්වභාවයෙන් ම ඉස්මතු කරවයි.
  • එවන් විටක කේන්ද්‍ර සටහන තුලින් ඒ ගැන හඳුනාගෙන අවබෝධයෙන් චිත්ත අභ්‍යාස කිරීමෙන් හා මනා පුරුදු පුහුණුව මෙන්ම ශාන්තිකර්ම කිරීමෙන් එම තත්වයන් පාලනය කිරීමට හා නැති කර දැමීම ට යොමු වන්න.
  • සඳු පළමු වැන්නේ පිහිටීමෙන් ලෞකික සැප සම්පත් හිමි වීම යහපත් වේ. රූපශ්‍රීය වඩාත් ප්‍රියමනාප වේ, ධර්මයට ලැදිය, මවට මව්පස ට ආකර්ෂණය වේ. ආශ්‍රයට උසස් අය වෙත යොමුවේ. ඉවසිලිමත් කම ඉස්මතු කරවයි, ස්වභාවධර්මය ප්‍රියකරයි, ආහාරයද එලෙසම පරිසරයෙන්ම ලබා ගැනීමට ප්‍රියයි.
  • කෙසේ නමුත් චන්ද්‍රයා පාප ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක්වීම සහ අව තිථියකදී උපන්නේ නම් සහ පාප ග්‍රහයින් සමඟ යෝග වී ඇත්නම් පෙර සටහන් කළ යහපත් ගති අඩු වැඩි වශයෙන් අයහපත් තත්වයකට පත්කරයි. සෙම් රෝග තත්වයන් ඇති කරයි පීනස සාදයි. අක්ෂි රෝග ඇති කරයි. යහපත් ගති විනාශ කරදමයි.

දෙවැනි (02) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු


  • දෙවැන්න ධන භාවය නම් වේ. නිශ්චල හා චංචල ධනය ගැන සොයා බලන ස්ථානය වනුයේ දෙවැන්නයි  සඳු බොහෝවිට දෙවැන්න ට සුභ යැයි සඳහන්වේ. බලවත් සඳු ග්‍රහයා යහපත් මුහුණ ඇස නාසය ට දෙවැන්නේ දී බලපායි. තමාට අවශ්‍ය පරිදි ධනය ලැබේ, එසේ නොවුනද ලැබෙන ධනය සකසුරුවමෙන් යෙදවීමෙහි සමත්කම් පෙන්වයි. නිසි කල යහපත් දරු පවුල් ලැබේ. පුර තිථියක බලවත් ලෙස සඳු දෙවැන්නේ පිහිටා ඇත්නම් හා දෙවැන්නට උච්ච වී හෝ ස්වක්ෂේත්‍ර වී නම්  ඉතා හොඳ ගති සිරිත් ඇවතුම් පැවතුම් එම ජන්මියා තුල බලවත්ව පිහිටා ඇත. ඇස , නාසය, මුහුණ සිත් ඇදගන්නා සුළුවේ. තියුණු ගෞරවයකින් කුටුම්භය සුරක්ෂිත කරයි.
  • චන්ද්‍රයා දුර්වල වී නීච වී හෝ පාප සංයෝග වී නම් බෙල්ල උගුර ආශ්‍රිත රෝග හා සෙම් ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වීම සුදුසුය. 
තුන්වැනි (03) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු
  • තුන්වැන්න සහජ භාවයයි. යහපත් සහෝදර සහෝදරියන් ඇති වීම පුර පක්ෂයේ බලවත් සඳු තුන්වැන්නේ පිහිටීම බලපායි. සහජ තා වික්‍රමය ජන්මියාට  සුභදායක වේ. යහපත් චිත්ති බලය ද උසස් ඉගෙනීම ද වස්තුවද හිමි කරයි. උනන්දුව ඇති නිරත වන දේවල ප්‍රධානත්වයන් දැරීම හිමිය. ගමන් අධිකය, සහජ ඥාණය තේරුම් ගෙන කටයුතු වල යෙදීමෙන් ඉතා උසස් යහපතක් ලබා ගැනීම පහසුවෙන් කළ හැකිය. ගිවිසුම් ලිපි ලේඛන කටයුතු වලින් ද සුභයි. කාමාශා අධිකයි. සෙම් බහුල මහත්වන සුළු ශරීර වෙයි.
  • සඳු- දකුණු කන, අත්, උගුර, ස්නායු පද්ධතිය, නාඩි පද්ධතිය නියෝජනය කරයි. සඳු දුබලව පිහිටියේ නම් ඒ පිළිබඳ සෞඛ්‍යය තත්වයන් ගැන උනන්දු වන්න. ළය පීනස, අදුම සෑදිය හැකිය.

හතරවැනි (04) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු
  • සඳු- පුර පස වී නම් සතරවැන්න නියම ස්ථානයකි. මහලු වයසේ වුවද සැප සම්පත් හා ප්‍රසිද්ධිය සුලභයි. මව් පසයෙන් දේපල, ධනය හිමි වනු ඇත. යන යන තැන ගිය ගිය තැන සැප ලැබේ. වාසනාව හිමිවේ. යහපත් වාසස්ථාන හිමිය. සැමගේ හොඳ හිත ඔබ වෙත යොමුවේ. අලංකාර නිවෙස් හිමිය. යුක්ති සහගතයි, ධර්මිෂඨයි, අනුනගේ විපතේ දී වහා හිත උණුවන සුළු හිත් ඇතිවේ. 
  • එසේ වුවද දුබල සඳු මේවා චංචල කරයි. අසුභ දෘෂ්ටි තුල මේවාගේ වෙනස්කම් දැකිය හැක්කේය. කෙසේ වුවද හතර වැන්න සඳුට නියම ස්ථානයක් වේ. 
පස්වැනි (05) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු
  • සඳු පස් වැන්නේ වී ද පුරුෂ වීර්ය ලැබදෙයි. අධික කාමාශා ඇතිකරයි.  බොහෝ දරුසම්පත් යහපත් වේ.  ඉගෙනුමට ද යහපත් අතර දක්ෂතා දක්වන්නෝ වෙති. ක්‍රීඩාවෙහි යෙදීම, ජය ලැබීමෙහි සමත් වේ. 
  • හික්මීමෙන් යුක්ත වුවන් වන මේ ජන්මීන් වීර්යය ඇත්තවුන්ය.
  • ආමාශගත හා බඩ ආශ්‍රිතව රෝග ඇතිකරවන සුළුය. අවපස සඳු උපතේ දී වී නම් ඒ සඳහා වැඩි නැඹුරුතාවයක්  ඇති බව සිතට ගන්න. 
හයවැනි (06) භාවයේ  සඳු සිටින විට එය ජන්මියාට බලපාන අයුරු
  • සයවැන්නට සඳු එතරම් සුබ නොවන්නේ ය යන්න  ජ්‍යෝතිෂයේ බොහෝ තැන්වල සඳහන් වේ. කෙසේ නමුත් සඳු සයවැන්නේ පිහිටියේ වුවද ඒ ගැන තැවීමෙන් පලක් නොවනු ඇත. ඒ ගැන වීර්යෙන් යුතුව කළ යුතු දෑ බොහෝය. බලාපොරොත්තු සහගතව ඒ කටයුතු වල නිරත වීමෙන් යහපල ලැබෙනු ඇත.
  • ඳු සයවැන්නේ වූ කල්හි රෝගී ස්වභාවයන් ප්‍රමුඛ තත්වයට පත්වීමට කරුණු යෙදිය හැකිය. විශේෂයෙන් ළදරු අවධියෙහි උදරගත රෝගාබාධයන් සාදයි. මධුර රසයන් හි වැඩි ප්‍රිය වනු ඇත. එයද රෝග ඇතිකිරීමේ බලපෑම් කරවන ගතියකි.
  • උනන්දුව එනම් මන්දෝත්සාහි ගති ජන්මියා කෙරෙහි ඇතිකරවයි. ශක්තිය පිරිහීමට ලක් කරාවි එමෙන්ම ආහාර ප්‍රියතාව දුබල වනු ඇත. 
  • සත්ව හින්සාවන්ගෙන් ප්‍රවේශම් වන්න. සතුරු කරදර කෙරෙහි විමසිලිමත්ව කටයුතු කරන්න.

1 comment: