ඉරණම ලංකා

Thursday, March 5, 2020

parliament election 2020 - Sri Lanka

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ මැතිවරණය  2020



සියළු තොරතුරු ඔබම දැනගන්න අදම අමතන්නකොත්මල් පරපුරේ ප්‍රවීණතම ජෝතීර්වේදියාකොත්මලේ සෙනෙවිරත්න - (ගම්පහ දී)

Posted by H G L Senevirathne at 8:38 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

කියවන්න අද, 2020 ජීවිතයට යමක් එකතු කිරීම අපේ අරමුණයි

  • ▼  2020 (3)
    • ►  July (1)
    • ▼  March (1)
      • parliament election 2020 - Sri Lanka
    • ►  February (1)
  • ►  2019 (4)
    • ►  April (2)
    • ►  January (2)
  • ►  2018 (1)
    • ►  November (1)
  • ►  2017 (12)
    • ►  August (12)

ජීවිතයට ජ්‍යෝතිෂය සරලව (පාඨමාලාව)



01. ඔබට ලග්නයක් ලැබෙන්නේ කොහොම ද ?

02.උපන් වේලාව අනුව ලග්නය සාදාගන්නා අයුරු.

03.එම ලග්නය ලැබෙන අයුරු විද්‍යාත්මක ස්වභාවය පැහැදිලිව.

04.ඒ ඒ ලග්නයට හිමි ගති පැවතුම් හා ග්‍රහයින්ගේ පිහිටීම අනුව පලාපල සැකසීම

05.කේන්ද්‍රයක සුභ ග්‍රහයින් අසුභ ග්‍රහයින් දැනගන්නේ කොහොමද ?

06.බලය අඩු වූ හෝ අසුභ වූ ලග්නය සුභදායී කරගන්නේ කොහොමද?

07.ශුභ නැකැත් සාදා ගන්නා ආකාරය හා මංගල නැකැත් සාදන අයුරු

Contact us : එන්න If you need a great astrological service.? අප අමතන්න contact the ''iranamalanka”

071 4007494 / 011 5647564 / 033 2259263 / 077 3795179 / Skype : iranamalanka / E_mail : iranamalanka@gmail.com / post : 140/10 Ambaraluwa north Weliweriya. ඔබට අවශ්‍ය විශිෂ්ට ජෝතිෂ්‍යය සේවාවක් නම් සමබන්ධ වන්න අප සමඟින් “ඉරණමලංකා ”

මේ පිටු කියවන්න

  • නිසැකවම ඔබේ ගැටළු සහ බාධක, දුරුකරන අපල පීඩාවන් සමන...
  • iranamalanka
  • කාලේ හොඳයි ඒත් නරකක්මයි වෙන්නෙහැමදාමත් බාධා...!  එ...
  • සම්බන්ධ වන්න අප සමඟ   ( 0714007494,  0115647564,  ...

දින වැකිය, හැමදාම කියවන්න එන්න


2019/11/16

නිවසේ, පාසලේ, ආයතනයේ මෙන්ම රටේ වුවද පාලනය කරන්නා මෙහෙයවන්නා ප්‍රධානීයා ගේ මෘදු බව, සෘජු බව ඔහු හෝ ඇය ගැන බොහෝ දේ හෙළිකරයි. මෘදු වූ සෘජු ගති සෑම තැනෙකම සුන්දරත්වයන් තීව්‍ර කරයි.

2019/11/15

අද සිටුවනා පැළයෙන් ඵලයක් ලබන්න බොහෝ දේ කළ යුතුය, බොහෝ කාලයක් බලා සිටිය යුතුය. පැළය ක්‍රමයෙන් වැඩී හොඳින් මේරූ පසුවයි අපට එයින් ඵල ලබන්න හෝ භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ.

එසේ සිදුවන්නේ යම් සේද ඔබ අද කරනා කුශලයේ ඵලය ලබන්නට නම් කුශලය බොහෝ කල් ක්‍රමයෙන් වැඩී වැඩී කුශලය මේරීමට ලක්කර ගත යුතුය. එවිට කුශලයන්ගේ කර්ම ඔබ පසුපස හඹාවිත් ඔබට ඵල ලැබදෙනු ඇත. හොඳින් සිතන්න අකුශලයද එසේ වන හෙයින් අකුශලයන් නොමෝරා තබාගත යුතුවග.

2019/07/11

ඔබේ දරුවා කෙතරම් කුඩා කෙනෙකු වුවද කෙතරම් ලොකු කෙනෙකු වුවද, එම දරුවාට ඔබේ පපුව දෙන්න තුරුළු වන්න සෙනෙහසින්, දරුවාට හදවත ගැහෙන හඬ අහන්ට දෙන්න සෙනෙහසින්.
උදෑසනක මිහිරියාව විඳින්න දෙන්න. රැයක අහස දෙස බලමින් පාළුව විඳින්න දෙන්න, කතා කරන්න ඒ ගැන බොහෝ සැප සම්පත් වලින් නොලැබෙන සුවයක් දැනේවී නිසැකවම ඔබේ විඩාබර දරුවා හටද ඔබටද. අතීතයේදී වූ කරදර කම්කටොළු සියල්ල මොහොතකින් ශූන්‍ය වේවි මොහොතකට හෝ! පුරුදු කරන්න නිතරෝම.

2019/01/05

දූෂිත වූ වා තලය හැමවිටම අශුභ තත්වයන් ඇති කරයි. අප කතා කරන වචනයකින් පවා වා තලය පිරිසිදු කළ හැකි බව සිහියට ගනිමු. නිතර නිතර අවංකව කරුණාවන්තව සත්‍යය සුදුසු පරිදි කතා කිරීමෙන් එයට තනි තනිව දායක විය හැකියි නේද ? එසේ වීමෙන් කාලයත් සමඟ ඉතා ශක්තිමත් සුභදායක තත්වයක් ඔබ වටා ගොඩනැගෙනු ඇත.

2019/01/04

නිවසට එන සොර සතුරන්ගෙන් තම නිවස රැකගන්නා සේම ඊටත් වඩා අවබෝධයෙන් තම සිතට ඇතුළුවන ඊර්ෂියා, ක්‍රෝධ, වෛරය ආදී සකලවිධ කෙළෙස් නමැති සොර සතුරන්ගෙන් තම සිත රැකගත යුතු වන්නේය.
එසේ නොවන්නට ඔබේ සිතෙහි පවතින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා දී වටිනා සාරධර්මයන් සියල්ල අතුරුදහන් වනු ඇත.

2019/01/03

හැමෝම දිනන මඟ නම් මේ මහා අනවරථ තරඟයෙන් මිදී තම මනස විනිවිද දකිමින් වත්මනෙහි නිවැරදිව ම සම්මා දිට්ඨියෙන් තම තම කටයුත්තෙහි යෙදීමෙනි. නොයෙදීමෙන් නම් කියවීමෙන් පමණක් අවැඩක්ම වන්නේය.

2019/01/02

කවුරුන් හෝ යමෙකුගේ යහපත් කටයුත්තකදී නොපැකිළිව ඇගයුම් කරන්නේ ද කෘතවේදී වන්නේ ද , එමෙන්ම අවැඩක් කිරීමේ දී එය මුහුණට ම කියන්නේ ද ඔබව ඉන් මුදවාලීමට නින්දා වුව කරන්නේ ද. ඒ නම් සැබෑ මිතුරකුගේ ලක්ෂණයන්ය එවැනි අය ඇසුරට සුදුසු වග දත යුතුය.

2019/01/01

එකිනෙකා පරයා යන මේ ජීවන ගමනේ බොහෝ දෙනා වෙහෙසව තැවෙති. මදකට තරඟයෙන් මිදී තම යහපත් ආකල්ප තුලින් ජීවන ගමනට මුහුණ දෙන්න. අපහසු වුවත් එය නම් මනාව සැනසිල්ලක් උදාකරණු ඇත.

2017/12/16

දරුවාගේ වැරදි, ඔබ ස්නේහයෙන් යුතුව සාදන්න, දරුවාගේ වැරදි අඩුපාඩු විවේචනයෙන් තොරව විචාරයෙන් ම සාදන්න වෙර දරන්න. එසේ නොකරන්නට ඔවුන් වරදින තැන් දන්නේ කෙසේ ද? දරුවනගේ වරද ඉදිරියේ කිපීමෙන්, ඔවුන්ට ඔවුන් ගැන ආත්මාභිමානයක් හෝ තමාට තමන් ගැන විශ්වාසනීයත්වයක් තනා ගන්නේ කෙසේ ද? ඒ සඳහා ඔවුන්ට උදව් කරන්න. දරුවන්ව යහපත් විශ්වාසයකින් හෙබි දරුවන් ලෙස සමාජ ගත කරවන්නට නම් ඒ දේ අවශ්‍යම වේ.

2017/12/15

මරු තුරුලට යනතුරු ම නොඉඳ අද අදම එක් හෝ ඇද පලුද්දක් හරිමගකට ගත හැකි නම් මා පළමුවම මා හට විරුවෙකි.

2017/12/14

පිනිබර යාමයේ අවදි වූ පසුව ඔබ යහපත් වූ සැහැල්ලු මනසින් ලොවටම මෛත්‍රී සිතින් ලෝ වැස්සන්ට යහපත පතන්න. මෙය දිනපතා පුරුදු වන්න ඔබේ ආධ්‍යාත්මික වූ සුවය වර්ධනය වනු ඇත.

2017/12/13

නිවසෙහි වට පිටාවේ ඇති පරිසරය සහ අනෙකුත් භෞතික සාධක මෙන්ම ඔබේ නිවස වටා ඇති වායුධාරාවේ ද පිරිසිදු බව සුරකින්න. එවිට ඔබේ නිවස වටා යහපත් වූ විශ්ව ශක්තියක් රැඳෙනු ඇත.

2017/12/12

නිවසෙහි අභිමන ලොවට විහිදුවන්න නම් නිවැරදි වාතාවරණයක් නිවස්නෙහි පැවතිය යුතුමය. ඒ වෙනුවෙන් ඇප කැප වන්න. එම දැනුම ලබනට වෙහෙස වන්න. මන්ද යත් නිවුණු ඔබේ නිවස ලොවටම සෙත සාදයි.

2017/12/11

ආවේගය මුදවා හරින්න වඩා යහපත් වූ මාර්ගයෙහි.. විශාල ශක්තියක් ගැබ් වී ඇති ආවේගාත්මක සිතුවිලි බුද්ධියෙන් යුතුව පාලනය කරගත හැකිනම් සහ අනිසි නොවන නිසි මාර්ගයන්හි යෙදවිය හැකිනම් ඔහු හෝ ඇය වඩා උසස් කෙනෙකු ලෙස වැජඹෙනු නොඅනුමානය.

2017/12/10

වැරදි දේ නිතර නිතර අහන දකින අය ඒ දේවල් ඉතා වේගයෙන් වැළඳ ගනී. ක්‍රමයෙන් ඒ දේවල් නිවැරදි දේ ලෙසට ඒ සමාජයයන් විසින්ම තර්ක විතර්ක ගෙන එති, නිර්වචනයන් ද ගෙන එති, ඒවා සමාජගත වෙති. එනිසාම සමාජයේ යහ පැවැත්මට අනුචිත වූ විවිධ වූ උපසංස්කෘතීන් බිහි වෙමින් පවතී.

2017/12/09

නැති වී වඳ වී යන යහපත් දෑ, සමාජයෙන් වැලලී යන හරවත් දෑ, මිනිසා තුලින් වියැකී යන සංවේදී වූ මිනිස්කම, යළිත් රෝපණය කළ හැකි, වැපිරිය හැකි ශක්තිමත් සෘජු මිනිසෙකු වන්න අපට පුළුවන්.

2017/12/08

මානව දයාව පිරි අපේ අවධානයෙන්.., ඉතා සුළු වූ අවධානයෙන් වුවද.. තව කෙනෙකුගේ ජීවිතය බෙරා ගැනීමට ඉවහල් වේ, තව කෙනෙකුගේ දුකක් නිවීමට හේතු වේ, තව කෙනෙකු ජීවත් කරවීමට එය හේතු වේ, කෙනෙකුගේ ජීවිතය යහපත් ලෙස වෙනසකට ලක්කිරීමට හේතු වේ.

2017/12/07

ක්‍රියාව හා බද්ධ වූ සිත, සැනසෙනුයේ ක්‍රියාව මල්පල දරණ අවස්ථාවේදීය..එතෙක් යා යුතු මඟ මල් යහන් උඩින් පමණක් නම් නොවන වග ඔබ අප දන්නේ අත්දැකීමෙන්මය. ජීවිතයට මඟ කියාදෙන එවන් අත්දැකීම් ලබන්න ඔබ මඟ බලා ඉන්න.. ජීවිතයට පන්නරය මෙන්ම සුවිශාල දැනුම් සම්භාරයක් ද ඒ තුලින් කා හට වුවද ලැබ දෙනු ඇත.

2017/12/06

නරක සිතුවිල්ලක් ඇති වූ සැණින් එම සිතුවිල්ලට හැකි සෑම අයුරකින්ම තමා ම යහපත් වූ සිතුවිලි වලින් නිර්දය ලෙස පහර දෙන්න.. නුදුරේදී ම ඔබට වඩා යහපත් වූ සැනසුමක් හිමිවනු ඇත.

2017/12/05

සුළු සුළු දේ කියා සිතුවාට ඒ සුළු සුළු දේවල් කළ විට සිතා ගැනීමටවත් නොහැකි ලෙස නිමැවුමක්, ඵලයක් ඔබට අත්විඳින්නට හැකි වේවි. හොඳට මෙන්ම නරකට ද එලෙසම වේවි.

2017/12/04

අප කරනා සෑම සටනක්ම, හරඹයක්ම අපගේම සාමයට, සතුටට, සමඟියට දියුණුවටම විය යුතු නොවන්නේ ද? එයින් අනර්ථයක් වී නම් අප එ් කළා වූ සටන කුමකට ද?, අප ඒ කළා වූ හරඹය කුමකට ද?

2017/12/03

හුදෙක් මේ සමාජයට අවැසි වන්නේ උත්සව, සාද පවත්වමින් නාස්තිකාර ලෙස දන් පින් කරනා ධනපතියන්, ජන නායකයින් නොව, මිනිසාට, මෙන්ම පරිසරයට ම හිතැති ලෙසට දන් පින් කරනා සැබෑම සිටුවරුන් ය, සැබෑම ජන නායකයින්ය.

2017/12/02

නොරටුන්ගේ විකුම් යෙහෙන් වැළඳගෙන තම තමන්ගේ ද ෑ ඉවත හෙළමින්, තම මානවායා මොට කරමින් ඉදිරියට යන්නට කටයුතු කරනා රටකට ජාතියක ට කිසිදා නැගිටිනු නොහැකේය.

2017/12/01

අපේ දරුවන් ගේ නිදැල්ලේ, නිදහසේ, නොඉඳුල්ව තිබෙනා මනස ඩැහැ ගැනීමට සංකර වූ, අරුත්සුන් වූ අපේ ආලින්දයේ තිබෙනා රූප පෙට්ටියට ඉඩ දෙන්න එපා..අඩු ම තරමේ ඔවුන්ට යමක් තාර්කීක ලෙසට සිතීමට හැකිවන තෙක්වත්.

2017/11/30

නැලැවිලි ගීයක මිහිර විඳිමින් නින්දට යන දරුවන් සිටින්නේ කීයෙන් කී දෙනාද? අපේ දරුවන්ට රසබර ඉඟි බිඟි ඇති කතාන්දර ජීවිතයට කියාදෙන්නට ආචිචිලා සීයලා සිටින්නේ කීයෙන් කී දෙනාදා, කී දෙනාටද? ලද ඇසිල්ලක තම දරුවන් සමඟින් කුමක් හෝ ගෙන සෙල්ලම් කරන්නට පෙළඹෙන්නේ කීයෙන් කී දෙනාද? එවන් බොහෝ දෑ අහිමි අපේ දරුවෝ රූප පෙට්ටියෙන් බොහෝ දේ උගනිති.. කරති උන් නම් වෙන කුමක් කරම්ද? හැකි තරම් ඔබ ඔබේ අහිංසක දරුවාට රසබර සෙනෙහෙබර අත්දැකීම් හිමිකර දෙන්න..

2017/11/29

ඔබේ ජීවිතය සංකීර්ණ වී ඇති ද ? වෙනදාට වඩා, නැත්නම් ඉස්සර කාලේ ට වඩා ඔබ වැඩ පහසුකර ගැනීමේ උපකරණ මත ම යැපෙන්නේ ද ? ඒ දෑ වල අඩුපාඩුවෙන් ඔබගේ ජීවිතය පසුබසින්නේ ද ? නොරැවටෙන්න, මායා දැලෙක නොපැටලෙන්න. තිරසාර දියුණුවක් නම් නොවේ එය.. කිසි අයුරකින් හෝ එය ඔබට සුභයක් ගෙන නොදෙනු ඇත.

2017/11/28

ඔබ කියා දුන් දෙයින් සාර්ථක වූ අයෙක් ඇතිද ? ඔබේ අවවාදයෙන් මුවග සිනහ නැඟුනු අයේක් වේද ? ඔබේ ආදර්ශයෙන් ඔබ අනුව යමින් යමෙක් තම ජීවිතය සුවපත් කරගනුයේ ද ? ඔබ ඒ කළ දේ මේ හිස් අවකාශයේ කොතැනනෙක හෝ රැඳී ඉඳුරාම ඔබට ඵල ලබාදෙනු ඇත.

2017/11/27

ඔබේ නිවසේ සියළු අංශයන්හි සාර්ථකත්වයට සාර්ථකම වූ මුල්ම පාවඩය වනුයේ නිවස පිහිටි භූමියයි, සෑම භූමියකම නිවැරදි ලෙස ජනපදයන් බිහි නොවේ. පරපුරෙන් පරපුරට තම වර්ගයාගේ පැවැත්මට නිවැරදි භූමිය තෝරාගෙන ඔබේ නිවහන ඉදිකර ගැනීමට උත්සුක වන්න.

2017/11/26

ගුණ ගරුක, විනය ගරුක, දයාව, ළබැඳි බව, සංවේදී වූ සමාජයක පුරුක් ගොඩනැගෙනුයේ ඔබේ නිවසෙනි. සමාජගත වන ඒ පුරුක ඔබේ පවුලේ, නිවසේ කැඩපත වනු ඇත.

2017/11/25

දැරිය හැකි බව වර්ධනය වන්නේ දරා ගන්නා තරමටය, ඔබේ දරුවාද කුඩා කළ සිටම දරා ගැනීම් වලට හුරු කරවන්න, නැඹුරු වන්නට ඉඩ දෙන්න.. ඔබ ඔය තනමින් සිටින්නේ මතු ලොව අනාගතයයි.

2017/11/24

දියුණුව කියන්නේ මොකක් ද යන්න හරියටම අර්ථ දක්වා ගන්න. කෙනොගෙන් කෙනාට දියුණුව වෙනස්, මගේ දියුණුව අන් අයගේ දේම විය යුතු ද? මගේ ලක්ෂ්‍යය එයම ද? නැහැ මායාවන්හී පැටලෙන්න එපා දියුණුව සාපේක්ෂ විය යුතුම ද? එය හුදෙක්ම තම තමන්ගේ සිතෙහි පටු බව හා පළල් බව අතර දෝලනය වන්නක්..

2017/11/23

තරු විසිතුරු ම බල බලා සැනහෙන මිනිසුන් සිටින මේ ලොව තුල තවත් කුමණ නම් දේ බලාපොරොත්තු වෙමු ද ?
මිථ්‍යාව මිථ්‍යාව කිය කියා සාරධර්ම ගොන්නක් කුණු කූඩයට ඇද දමමින් මේ යන්නේ සත්‍යය සොයා ද?
විද්‍යාව විද්‍යාව කිය කියා මේ අප වැළඳ ගනිමින් සිටින්නේ ඇත්තටම විද්‍යාව ද ?
එසේ වුවා නම් ඇත්තටම දැන් සිටින්නේ නිවුනු සැනසුනු සත්ත්වයෝය...?

2017/11/22

මේ ලොව සිටින සෑම කෙනාටම ආරක්ෂා කර ගන්න අමාරුම දේ තමයි තමාගේම සිත, සිත තමාගේ වුවත් නිතර ම සිටින්නේ වෙන වෙන තැන්වල දුවන්න සූදානම්වයි.. සිතෙහි පාලනය, හසුරුවා ගැනීමට කොතෙක් දුරට සමත් ද ඔහු හෝ ඇය ගේ සාර්ථකත්වයේ තරම ඒ මගින් කියාපායි.

2017/11/21

කාගේ වුවද ප්‍රියමනාප බව රැඳී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාපය, සිතුම් පැතුම් හා හැසීරීමේ විලාශයන් මෙන්ම වචනය හසුරුවන අයුරු තුලමය. නැතිනම් අපේ මේ ශරීර කූඩුව තුල නම් නොවේ.

2017/11/20

ඔබ ලබන සෑම ජයග්‍රහණයක්ම ගැන ආත්මයෙන්ම පරිපූර්ණ වූ සතුටක් වේද? එයට පිළිතුර ඔව් නම් ඔබ සැබෑම සත්‍යවාදී ජයග්‍රාහකයෙකි... නැත නම් ඔබ ඔබවම පරාජයකොට ගෙන ඇත.

2017/11/19

සතුට, සතුටින් බුද්ධිමය න්‍යායන් වැසෙන්න ඉඩ නොදෙන්න. නොඑසේ නම් ජීවිතයේ යලි කවරදාවත් සාදා ගත නොහැකි ලෙස වරදක් වේවි. දුකේ දී වුව මෙය එක සේ බලපායි. සෑම ක්‍රියාවකදීම සෑම කෙනාටමත් පොදු දෙයක්මයි මෙය.

2017/11/18

පැළයක් සිටුවන්න, දිනෙන් දින එය වැඩෙන සැටි බලා සැනසෙන්න, ආදරයෙන් සලකන්න, මල් පිපෙන අයුරු ඵල දරන අයුරු බලන්න, මිනිසුන් මෙන්ම සතුන් ද ඵල නෙලනයුරු දකින්න..විඳින්න එය කුඩා දරුවන්ට ද කියා දෙන්න.. මිහිකත සැනසේ වී..

2017/11/17

නවතාවයෙන් වෙළඳපොලේ ඇති කීයක් නම් උපකරණ වලට ඔබ ඔබේ මුදල් පසුම්බිය දිය කර හරින්නේ ද? ඒ නිසාම ඔබේ අය වැය සමනය කරගත නොහැකිව ඔබ ලතවන්නේ ද? දිකින දකින දේ මත, සිත ගැටෙන්න ඇලෙන්න දෙන්න එපා...

2017/11/16

රහ මෙර ගෙන ගෙට එන කෙනෙක් නම්, ඔබ ඔබේ දරුවන්ට ද, දෙමාපියන්ට ද කරණුයේ මහත් වූ නිගාවකි..ඔවුන් එය  ඔබට කියාගත නොහැකිව ලතැවෙති.

2017/11/15

වාසස්ථානයක් ඉදිකිරීමේ දී සතුට රැඳී සමගිය රැඳි සහ සංහිඳියාව රැඳි පියස්සක් ඉදිකර හිමිකර ගැනීමට ම වෑයම් කරන්න. ලොවට පෙනෙන තම කැදැල්ලට නැති බිත්ති සතර කුමකට ද ? කා සනසන්න ද ? සොබාදහම තුල රැඳීමට තම කැදැල්ල සූදානම් කර තබන්න..

2017/11/14

යහපත් වන්නට, වැරදි හදා ගන්නට වෙර දරන අය දෙස සුභවාදී ලෙස බලන්න. ඔබ ඔවුනට අවස්ථාවන් විවර කර දෙන්න, වචනයෙන් පවා සහාය හිමි කර දෙන්න. මන්ද හුදෙක් ඔවුන් එය ඔබ තුලින් බලාපොරොත්තු වේ.

2017/11/13

මම ය, මගේ ය මටම ය, මම විතර ය යන සිතුවිල්ලෙන්ම ඔබ කටයතු කරන්නේ ද, සිතන්නේ ද ඔබට කෙදිනකවත් නියම සතුටක් ලැබීමට නොහැකිය.

2017/11/12

ගෙ මිදුලේ කොනක තිබුණු මල් ගහක පිපුණු මල් පොකුරක් තරම් වත් ඔබ ඔබේ නිවසට සුවඳක් එක් කර ඇති ද ? සිරියක් එක් කර ඇතිද ? එසේ ඔබ නොකෙළේ නම් ඔබේ නිවසට සිරියක් කොයින් ද ?

2017/11/11

වෙනසකට යන්න..! හැබැයි වඩා යහපත් වූ වෙනසකට.. නමේ වෙනසට නොරැවටීම හරිම වටියි. වෙනසේදී තමන් තුල වූ, තමන් අසල වූ යහපත් හා ගුණාත්මක දේ ඉතිරි වී ඇති දැයි සැක හැර දැන ගන්න. නො එසේ නම් ඔබ වැටෙනා ප්‍රපාතයෙන් ගොඩ වීමට ඔබට ම නොහැකි වේවි.

2017/11/10

හැඬුමක දී කඳුලක් ගිලිහුනේ නැති ද ඔබේ දෑසින්... හුඟ කාලෙකින් ! බොරුවට හරි ටිකක් විතර අඬන්න..වියලී ගිය ඔබේි කඳුළු වලට පන දෙන්නට ඔබට හැකි වේවි...නැගුණු කඳුළ ඔබේ සතුටට ඇරඹුමක් ම වේවි.

2017/11/09

සීතල දනෙන වෙලාවට උණුසුමක අගය මනාවට වැටහේ... උණුසුම දනෙනා විට සිසිලසක් ලබන්න බොහෝ ලෙස උත්සුක වේ.. ඔබේ අසල රැඳි අය ගේ අගය දැනෙන්න ට ඔවුන් ඔබෙන් දුරස් වන තුරු බලා ඉන්නවා ද ? හද බැඳි උණුසුමද, සිසිලසද ඔවුන්ට පුදන්න නිර්ලෝභී ලෙසම

2017/11/08

ඕන ෑම දෙයක පල ලබන්න නම් ඒ පල ලැබීමට අවශ්‍යය සාධකයන් කෙරෙහි ආකර්ෂණයක් තිබිය යුතුමය. ගහක වැලක වුවත් මල්, පල හට ගන්නේ එසේය.... ඔබේ නිවසට ද ඔබට ද ඔබ කරන කාර්යයට වුවද, වාසනාව මෙන්ම දේව ආකර්ෂණය ලැබෙනුයේ ඒ දේවල් ආකර්ෂණය වන පරිදි ඔබේ නිවස ද ඔබ ද සූදානම් වූ විටය..

2017/11/07

ආහාරය නම් රස නහර පිනවන භෝජනයක් ම විතරක් නම් නොවේ..බොහෝකොට ම ඖෂධයක් විලස වේ. මාත්‍රාවට අනුව ඖෂධ භාවිතය යම් සේ ද ආහාරය ගැනද සැලකිලිමත් වීම යහපත් වන්නේ ඔබේ සෞඛ්‍යයටම ය

2017/11/06

කරදර ඔබ කරා පැමිණෙනතුරු සිට පින්දම් කිරීමට බලා නොසිටින්න. අන් සෑම දෙයකටම වාගේ ම පෙර සූදානම ගැන සිතන්න.

2017/11/05

ගුරුහරු කම් ලබා ගැනීමට මැලි නොවන්න, අවවාදයන් අනුශාසනාවන් ලැබීමට මැලි නොවන්න, ඒ සියල්ල ඔබට ලැබෙන්නේ ඔබගේ වාසනාවටය. එය එසේම යැයි ද සිතන්න මන්ද යත් සත්‍යය නම් එයමය.

2017/11/05

කෙනෙකුට හිමි වටිනාම වත්කම උසස් සිතුවිලි විශිෂ්ට අයුරින් ක්‍රියාවට නැංවීමෙන් ලබන තෘප්තිය වන්නේ නම්, ලොව ඇති වඩාත්ම ප්‍රියජනක හා ආරක්ෂිතම ස්ථානය ඔබ සිටින තැන බව සිතන්න.

2017/11/04

කෙනෙකුට හිමි වටිනාම වත්කම උසස් සිතුවිලි විශිෂ්ට අයුරින් ක්‍රියාවට නැංවීමෙන් ලබන තෘප්තිය වන්නේ නම්, ලොව ඇති වඩාත්ම ප්‍රියජනක හා ආරක්ෂිතම ස්ථානය ඔබ සිටින තැන බව සිතන්න.

2017/11/03

සිතෙහි පළල සිතුවිල්ලෙන් වැටහේ, උසස් වූ සිතුවිලි යායක හිමිකරුවෙකු වන්න. ඵල නෙලන්නේ ද ඔබමනේ.. වෙන කා හටවත් එම ඵල නෙලා ගන්න බැහැ.. හැබැයි එම ඵල වල මිහිරෙන් මුළු මහත් සමාජයම රසවත් වන බව ද සතුටින් ම සිතිය යුතුයි.

2017/11/02

ඔබ ඉදිරියේ පෙනී සිටින අය කවුරුන් වුවත්, ඔබ අැවිද යන විට මග තොටේ දී හමුවන කවුරුන් වුවත් කොතැනක හෝ කොයිම වේලාවක හෝ ඔබට හමුවන කවුරුන් වුවද ඔහු හෝ ඇය ත් එක්ක කුළුපගව සිනාසෙන්න, කතා කරන්න: ඔබේ ඒ කුළුපග වූ සිනහවෙන්, කතාවෙන් ජවයක් ලබන ඔහු හෝ ඇය යහපත් ලෙස දවස ගත කරාවි. නිසැකවම එලෙස වේවි.

2017/11/01

බුද්ධිමත් වූ විචාරශීලී වූ මහා දැනුමක් සිත ගත දරා සිටින ඔබ, ඔබේ නිහඬ බව, ඔබේ නොනැගිටීම, ඔබේ ඉදිරිපත් නොවීම, කොටින්ම ඔබේ දැනුම මේ මව්බිමේ නොවැපිරීම තරම් අවාසනාවක් රටකට තවත් ඇතිද ?
ඔබ අවදි වන තෙක් මව් දෙරණ හඬනු ඇත.

2017/10/31

වාසනාව..වාසනාව කියන වචනය ගොඩාක් ම වටිනවා.. හැබැයි එහෙම වුනාට උත්සාහය තුල වීරත්වය තුල කැපවීම තුල වැනි මේ කාරණාවන් නිසාවෙන් වාසනාවට හිමි සැලකිල්ල ටිකක් විතර පහලට යනව... ඒ කොහොම වුණත් මේ ලොව ජයගෙන ඇත්තේ වාසනාවන්ත දක්ෂයන්ය.. ඔවුන් තමන් ලත් ජයග්‍රහණයන් ගැන තෘප්තිමත්, වගේම ලොවසෙත පිණිස වැඩක් කළ අය වේ, ඔවුන්ගේ ජීවිත පරමාදර්ශයන්ගෙන් පිරී ඇත ...

වාසනාව යනු අමුතු දෙයක් නෙවේ.. නොහැකියාවේ වචනයක් ද නොවේ.. කුසලකර්මයන්ගේ එකතුවක අරුමයයි, ඒ එකතුවේ ශක්තිය නිසාවෙන් ගොඩනඟන බලයයි එය වාසනාව වේ.

2017/10/30

නායකයන් ඕනෑ තරම්ය.. ව්‍යාපාර කරන ජන නායකයන් අතරේ සැබෑම වූ ජනතා නායකයා ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති කරන නායකයාය.. ඔබ කවුරුන්ද?

2017/10/29

ඔබ පීත්ත පටිය කපන තැනට පමණක් සපැමිණෙන නායකයෙකු නොවන්න. තිරය පිටුපස ඇති දේ ගැන ගැඹුරින් සිතිය හැකි, එහි යමක් කළ හැකි නායකත්වයක් දරන්න.. දිරිය හෙටට ඔබවන් අය සපැමිණෙන තුරු හඬක් නැති.. හඬක් නොනැගිය හැකි මිනිසුන් දෑස් අයාගෙන බලා සිටී.

2017/10/28

දීප්තිමත් වූ ඔබේ සිනහවට සහ අවංකව තෙපලන ඔබේ වදන් පෙළට බොහෝ දෙනා සුවපත් කළ හැකිය. විටෙක එය ඔබ සිතනවාටත් වඩා බොහෝ ලෙස වේවි.එවන් දේවල අස්වැන්න ඉතා ඉක්මණින්ම, නිසැකයෙන්ම ඉතාමත් විගසින්ම ඔබට නෙලා ගන්නට ලැබේවි.

2017/10/27

ඔබගේ ආදරය, සෙනෙහස ඉඩෝරයකට හසු වී ද? වියලී ගිය ඔබේ සෙනෙහස නිසාවෙන් ම ඔබේම ළබැඳියන් දුක් විඳින්නේ ද ? වටහා ගන්න ඔවුන්ට වටිනාම දේ සහ ඔවුන්ට අවශ්‍යම දේ ඔබේ ආදරය සෙනෙහස පිරි රැකවරණයයි.

2017/10/26

රහසින් කරන පව් ඔබව වඩාත් පෙළයි. වැරදි කිරීමට අවස්ථාවන් ඕනෑ තරම් තිබියදීත් එයින් වැලකී සිටින්නා නියම විරුවෙකි. එසේ කෙනෙක් වේ නම් සැබෑම වූ සතුටින් සිටින්නෝ නිසැකවම ඔවුන්මය.

2017/10/25

දිවා රෑ නොබලා අප වෙනුවෙන් සේවය කරන මිනිසුන් මෙන්ම.. වැටුපකට වුවද ඔවුන්ගේ ජීවිතය දිය කරමින් ලෝ සෙත සලසවමින් මිනිසුන් වෙනුවෙන් තම වෙහෙස දෙන, තම දහදිය කඳුළු වගුරුවන මිනිසුන්ව සැම දිනයකම මෛත්‍රී ගුණය පෙරදැරිව සිහිපත් කරන්න.වඩා යහපත් වාසනාව ඔබවෙත පැමිණේවී.

2017/10/24

අප මොනතරම් දේ අවවාදයන් ලෙසින් හෝ උපදේශයන් ලෙසින් වචනයන් තෙපලූවත් ! ඒ සියල්ල අපගේ එක් සුළු වැරදි පූර්වාදර්ෂයක් තුලින් වැසී යාවි. සමාජය නම්.. හුදෙක්ම අසා සිටිනුයේ අප කියන දේට වඩා අප කරන දේ බලා සිටීම වේ. ඔවුන් පිළිගනුයේ ද වචනයට වඩා ක්‍රියාවයි. යහ ගුණ පිරි සමාජයක් උදෙසා ක්‍රියාවෙන්ම අර්ථවත් වෙමු.

2017/10/23

මේ විශ්වය තුල පවතින කුඩාම ඉඩක් තුල විශාලතම ගබඩාවකට හිමිකම් කියන්නේ අපගේ සිතයි. එම සුවිශාල ගබඩාවෙහි යහපත් ප්‍රයෝජනවත් දෙයින්ම පුරවාගන්න ඇත්නම්,.. අප මහා බුදු හිමි වැඩි මග ඔස්සේ යෑම අපට අපහසු නොවනු ඇත. ඒ විටිනා ඉඩකඩෙහි එක් එක් විෂ බීජයන්ගෙන් පිරි ගබඩාවක් බවට පත්වීමට ඉඩ නොදෙමු... අප මෙතෙක් සිත තුල ගොඩගසා ගත් දේ අනුවයි අප මේ අස්වනු නෙලා ගනිමින් සිටිනුයේ. ඉදිරිය ඔබ දැන් වපුරන දේ අනුවම වනු ඇත.

2017/10/22

අපි අඳින ඇඳුම පරණ වෙනකොට අලුත් එකක් මිල දී ගන්නේ ඉතාමත් ඕනෑකමින් සහ කැමැත්තෙන්. ඒ එම ඇඳුම තව දුරටත් නොගැලපෙන නිසාවෙනි. ඒ වගේම අපේ, අපේ සමාජයේ යහ පැවැත්මට නොගැලපෙන අපේ සිත තුල තෙරපෙන නොගැලපෙන සිතුවිලි කොතරම් ඇති වෙනවාද ? ඒ ඇතිවන නොගැලපෙන සිතුවිලි ඉවත් කර කිසිදු මිලයක් නොගෙවා තමන්ගේ සිතින්ම සපයාගත හැකි යහපත් සිතුවිලි වලින් සිත සරසාගන්න අපි වෙහෙසෙමු.

2017/10/21

ලද දෙයින් සතුටු විය නොහැකි වීමත්, අන් සතු දේ ගැන ලෝභ සිතින් සිතීමත්, ඒ නිසාම ඒවා ලබා ගැනීමේ අරුත් සුන් තරඟයත් නිසා ඔබ නොදන්නවා වුනාට ඔබව බොහෝ රෝගී කරයි ඔබව දවාලයි ඔබව වෙහෙසට පත් කරවයි. ඔබට ජීවිතය එපා කරවයි. බොහෝ දුර යා යුතු නැත දුක සහ සතුට තමන්ගේ ම සිතුවිල්ලක දුරින් ඇත.

2017/10/20

සිතක මහිම දැනගන්න සිතන්න... කරුණු මත කරුණු අයුරින් සිතන්න, වෙන වෙන්ව සිතන්න, සංසන්දනාත්මකව සිතන්න, තර්කානුකූලව සිතන්න

පෙනෙන දැනෙන සියළු දේ සත්‍යවත්, නොපෙනෙන නොදැනෙන සියළු දේ අසත්‍යවත් නොවේ.

2017/10/19

යම් ගැටළුවක් ඇතිද ? හැකි තරම් ගැටළුව තුලට එබිකම් කර බලන්න. ටික ටික ඒ වෙත සමීප වන්න ඔබටම තේරේවි ඔබ ගැටළුවට දුරින් සිට බලන විට තරම්ම ඒ වෙත සමීප වූ විට ගැටළුව ගැටළුවක් නොවන වග. විටෙක ඔබ සතුටු වේවි ඒ ගැටළුව ඇති වීම ගැන, ඒ තරම්ම ගැටළු විසඳා ගැනීම හරිම ආශ්වාදනීයයි. ගැටළුව ඔබ නව මාවත් කරා රැගෙන යයි.

2017/10/18

දිනයක දී කොයි යම් හෝ තමන්ට පහසු වේලාවකදී ඉතා සැහැල්ලු මනසින් ඉතා හොඳින් හුස්ම ගනිමින් සහ පිට කරමින් මඳ වේලාවක් ගත කරන්න. ඒ කාල වේලාව තුලදී ජීවිතයේ යථාර්තය දකිමින් සතුටින් ගතකරන්න. ඔබ ඒ කරගන්නා කුශලකර්මය ඔබ පසුපස නිසැකවම පැමිණේ.

2017/10/17

අප කොතරම් පහසුවෙන් බැඳීම් ඇතිකරගත්ත ද එම බැඳීම් කැඩී යනවිට ඇතිවන පළුදු, විශාල පැල්ලම් ඇති කරයි. යම් විටෙක බැඳීම් ඇතිවීම නතර කළ තැන පළුදු ඇති නොවනු ඇත එසේ නම් පැල්ලම් ද නැත. ඇති බැඳීම් නොකැඩෙන ලෙස රැක ගැනීමත් අනවශ්‍ය බැඳීම් ඇති කර නොගැනීමටත් වගබලා ගැනීම අප සතුම වේ.

2017/10/16

සමාජ සාරධර්මයන් හා හරයන් රහසින් හෝ බිඳිමින් සමාජයට දායාද කරණ ඔබේ දරුවා ඔබටත් අපටත් මුළු සමාජයටමත් මහත් වූ විනාශයක් කරණු ඇත.

2017/10/15

බොහෝ දෙනා තමන් කරන කියන දේ ගැන හරිම ආඩම්භරයෙන් කතා කරති. තමන්ට පුළුවන් දේ ගැන මෙන්ම තමන්ගේ බලය, රැකියාව විතරක් නොවේ විවිධ හැකියාවන්.. බොහොම හොඳ දෙයකි ඒ.. ඒත් දන්නවාද අපගේ ඒ හැසිරීම් වලින් සමාජයට කිසි වැඩක් නැත. වැදගත් වන්නේ ඔබ අප කළ කී දෙයින් සමාජයට වූ යහපත කොතෙක්ද යන්නයි. අප අපට කරගන්නා දේට වඩා අපෙන් මුළු සමාජයටත්, පරිසරයට ඉටු කරන සේවාවත් සැමදා ඔබව සුරකිනු ඇත.

2017/10/14

ඔබේ නිවසේ රජයන්නේ අසතුට ද ? අවාසනාව ද ? එසේත් නැත්නම් බලාපොරොත්තු කඩවීම් ද ? කළ යුතු බොහෝ දෑ තමා තුලමය. බොහෝවිට ඉතාමත් සුළු සිතුවිලි වෙනසකි. ටිකක් සිතන්න.

2017/10/13

ඔබ යම් දැනුවත් කිරීමකට එහා ගිය, නරක දරුණු පුවත් වාහකයෙකු නොවන්න. මන්දයත් එවිට ක්‍රමයෙන් මේ සමාජය නරක හා දරුණු අතට පරිවර්තනය වීම නැවතිය නොහැකිය.

2017/10/12

අයිතිවාසිකම් කීමට පෙර යුතුකම් ඉටු කරලන්න. අවවාදයට නොව ආදර්ශයටම මුල්තැන දෙන්න.. ඔබ මේ විශ්වයට අවැසි කෙනෙකි.!

2017/10/11

නැගිටීමේ රසය මනාව වැටහෙනුයේ වැටුනු විටදීය... වැටුනු තැනින් නැගී සිටින්න. දරා ගැනීමේ අගය මනාව දැනෙනුයේ පැරදුණු විටය... ඉවසීමෙන් දරාගන්න එය ඔබේ ජයග්‍රහණයේ අඩිතාලමයි.

2017/10/10

ස්වභාවයේ පවතින අයහපත් වේගයන් මර්ධනය කිරීමට, පාලනය කිරීමට සාමූහික යහපත් බලවේගයන්ට හැකිය.. ඔබේ යහපත් සිතුවිල්ල වුව ද සෑම අවකාශයක් තුල ම සැරිසරයි.

2017/10/09

ස්වභාවයේ පවතින නීති රීති අවභාවිත නොකරන්න. ගුණ දම් මුදුන් පත් කරගෙන ලෝ සෙත සලසන්න.

2017/10/08

මිනිසා, මිනිසාවම විනාශකරගන්නා අරුම පුදුම සත්වයෙකි. අන් සතුන් මෙන් නොව උපන්දා සිටම , පෙර පාසලේ සිටම අනෙකාව පරයා යන්න ඉගෙන ගන්නා එකම සත්වයා මිනිසාය. සැම තැනකම තරඟය, අඳින පළඳින තැන සිටන් තරඟය. පරදින්න දන්නේම නැති පැරදුනාම දරා ගන්න ද දන්නෙ නැති දියුණුයි කියා අපිම කියා ගන්නා සත්වයෙකි. මෙහෙම වුනේ ඇයි ? මෙවන් යුගයක අදාරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රීය, නිහතමානීත්වය මෙන්ම අනෙකුත් හර පද්ධතීන් කැබිලිති ගාණට වැටී නැතිදැයි සිතේ.

2017/10/07

නිවසේ නිතර පවතින අඳුරු තැන් ඔබව අඳුරටම ඇද දැමිය හැකිය. සුළුවෙන් කර ගත හැකි වෙනස්කම්, මාරු කිරීම් නිතර දෙවේලේ කරන්න.

2017/10/06

පිරිසිදු නිවස සිරිකත කැන්දයි, වාසනාවට දොරගුළු හරියි. ඔබට දෙවියන් යැදිය හැකිය, දෙවියන්ගෙන් යමක් ප්‍රර්ථනා කළ හැකිය.

2017/10/05

ඔබේ සිනහව සුසිනිදු මලකටත් වඩා ප්‍රියකරුය, පිරිසිදුය : අවංකව සිනාසෙන්න. උපහසායට, අපහාසයට සිනාසීමෙන් ඔබේ සිනහව පෙරළා ඔබටම උපහාසයක්, අපහාසයක් වේවි.

2017/10/04

තුන්වේල බුදින්න පොර බදන මිනිසුන් සිටින ලොවක අප මොනවාද මේ කරන්නේ. එකෙකුගේ.. ඔව් එකෙකුගේ දුක නිවන්න, ඔබට සිත සිතා සතුටු විය හැකි වේවි..!

2017/10/03

දෙමාපියන්, ගුරුන් හට ගරහන්යන එපා. ආගමකට දහමකට ගරහන්න එපා වියතුන් හට ගරහන්න එපා පිදුම් ලබන අයට ගරහන්න එපා සසර සැරිසරණ විට පින් මදි වේවි මිනිසෙකු ලෙස ඉන්නට.

2017/10/02

භාවනාව, ඔබේ සියළු භාවයන් සමනය කරවයි.. ගැටීම් තුලනය කරවයි..කැළඹීම් මැඬලයි..යහ ගුණය පිරුණු සතුට ගෙන දෙයි.. කරුණූ කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමට පුරුදු කරවයි..කොටින්ම ඔබව සුවපත් කරවයි.

2017/10/01

ළමා ලෝකය සුන්දර වන්නේ ඔවුන්ගේ ලෝකයට වැඩිහිට අප විසින් නිවැරදි ආදර්ශයන් දෙන දාටය. අවවාදයෙන් ඉගෙන ගන්නා දේට වඩා ආදර්ශයෙන් ඉගෙන ගැනීමට ඔවුන් දැඩි රුචියක් දක්වනවා.

2017/09/30

තමන් අතින් සිදු වූ සහ සිදුවන වැරදි වලට කෙදිනකවත් වෙන කෙනෙකු හට දෝෂාරෝපනය නොකරන්න. එසේ කරයි නම් ඔබ ඔබටම කරගන්නේ විශාල හානියකි. එය ඔබට ඒත්තු යන විට බොහෝ කළු පැල්ලම් ඔබේ චරිතයට එකතු වී හමාරය.

2017/09/29

අපි සිතන පතන මහලොකු සතුටුදායක බව රැඳී ඇත්තේ ඉතා කුඩා සිතුවිලි මතය. සමහරවිට අපට ලජ්ජා සිතෙන තරමට ම ඉතා කුඩා සිතුවිල්ලක ජීවිතයම පිනා යන සතුටක් රැඳී ඇතියි සිතිය හැකි ද ?

2017/09/28

වැරදීමක් වුනාද ? ඉක්මණින්ම වරද සාදා ගන්න, නිහතමානීව සමාව භජනය කරන්න, වැරැද්ද ගැන කණගාටුව ප්‍රකාශ කරන්න, වැරැද්දට වගකියන්න, හානියට පත් වින්දිතයාට සහනය සලසන්න, පසුවිපරමක යෙදෙන්න, යළි ඒ වරද නොවන අයුරු ගැන සිතන්න...ඔහු හෝ ඇය නිසැකවම ඔබගේ කළණ මිතුරෙකු වනු ඇත.

2017/09/27

හැකි තරම් විනිවිද භාවය සුරකින්න. සැම විටම, සැම තැනකදීම. එය ඔබගේ පාරිශුද්ධත්වයේ ප්‍රමුඛතම සලකුණ වේ. එසේ කිරීමට නොහැකි තන්හි දී අන් අයට ඒ බව පහදා දෙන්න නොපැකිලිව.

2017/09/26

හැම විටම අප සම තැන සොයනවාට වඩා නිසි තැන සොයන්න වෙහෙසෙමු.
කිමද ? හුදෙක් ම අපගේ තැන නිර්ණය වනුයේ අප සිතන පතන හා කරණ කියන දේ අනුවමය.

2017/09/25

ගතානුගතික යැයි සැම දේ බැහැර නොකරන්න. ඇතැම්විට ඔබට වඩා යහපතක් සලසා ගත හැක්කේ ගතානුගතික යැයි බැහැර කළ දෙයින් විය හැකිය.

2017/09/24

ධනය හා බලය යනු ප්‍රබල මායාවකි.. මුලා නොවන්න, ඒ දෑ කවදා හරි අපෙන් ව්‍යුක්ත වූ දිනක අප සමාජයේ මංමුලා වූ උමතුවෙකු මෙන් වනු ඇත.

2017/09/23

විරාමය, විරාමය සැමටම අවැසිය සැම විටම උචිත අවස්ථාවන්හිදී උචිත විරාමය ගන්න.

2017/09/22

පින්බර වූ තැන යහපත රැඳෙනු ඇත. අකුශලයනම් යහපත පලවා හරිනු ඇත.

2017/09/21

දෑස් නොපෙනෙන කොලු ගැටයෙක් සෙල්ලම් කරමින් සිටියේ වසා ඇති දුමරිය මාර්ගයකය...දෑස් පෙනෙන කොලු ගැටව් 10 ක් 15 ක් විතර වසා ඇති දුම්රිය මග අසලම අලුතින් ඉදිකර ඇති දුම්රිය මගෙහි සෙල්ලම් කරමින් සිටියහ.
ටික වේලාවකින් දුම්රිය මගෙහි දුම්රියක් ධාවනය වන්නට විය. දුම්රිය රියදුරුට මේ සෙල්ලම් කරමින් සිටි පිරිස ඉදිරියෙන් දර්ෂනය වන්නට වුවේය.

දුම්රිය රියදුරු මේ පිරිස දැක, වසා ඇති දුම්රිය මග දෙස බලා ඒ දෙසට දුම්රිය ධාවනය කරවූවේ බොහෝ පිරිස බේරා ගැනීමටය . දුම්රිය මගක සෙල්රලම් කිරීම වැරදි වුවද, වැරදි කරන බොහෝ පිරිස බේරා ගැනීම සඳහා. නිවැරදි ලෙස ක්‍රියා කළ අඳ කොලු ගැටයා යටකරමින් දුම්රිය මඳක් ඉදිරියට ඇදී නතර වූවේය. සෑම ක්ෂේත්‍රයකම පාහේ මෙවන් ක්‍රියා අද නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ. බහුතරය වෙනුවෙන් තීරණ ගැනීම කාට වුවද සුභ ගෙන නොදෙනු ඇත.

2017/09/21

හැමවිටම බහුතරය ගැන අවධානය යොමු කරන මේ සමාජයේ නිවැරදි දේ, හරවත් දේ, දුර්ලභ දෙයක් බවට පත්වෙමින් යනවා..
ලොව යහමගට ගැනීමට හැරවුම් ලක්ෂ්‍යක් වූ සෑම අවස්ථාවකදීම, නවමු අදහස් වලින් පිරි චරිත ලොවට බිහි වී ඇත. හුදෙක්ම එම චරිත මුළු සමාජයම සිතන දේවල් වෙනත්ම දෘෂ්ඨියකින් දැකපු අය
හැබැයි ඒ අය ලොවට දායද කළ දැනුමින් අප නිවැරදි ඵල නොලබන්නෙමු. ඔවුන්ගේ අරමුණු අප සුනුවිසුනු කර දමමින් සිටී..
මම ද ඔබ ද අපි සියල්ලන්ම ලොව ගැන, නූපන් පරපුරේ පැත්තේ සිටගෙන බලමු, දකිමු.

2017/09/20

අපගේ දියුණුවේ නිවැරදිම රහස නම් අප වෙත පැමිණෙන ගැටළු සහ බාධකය, ඒවාට අප කොතරම් අකමැති වුවත් කෙනෙකුගේ නොබිඳෙන සුළු දියුණුවේ ශක්තිය, ඇතිවන බාධක ගැටළු මෙන්ම සතුරන්ය.

2017/09/19

සෙත් කවියක ගුණ ගයන්න
වැටුණු තැනින් නැගිට යන්න
තම එඩියම අතට ගන්න
කවියක ගුණ බැහැ කියන්න

ඇඳුනු රැඳුනු කළ පස් පව්
නොමදෙන් එබෙනට දිවියට
මින්මතු නොකරන් හෙම පස් පව්
ගයමු කවිය සෙත් වෙන්නට සැමවිට

2017/09/18

මලක මෙලෙක හඳුනන අපි සිතක මෙලෙක හඳුනනවා ද ?, ලස්සන කවි ගී වැල් මුමුණා, රසමසවුලු දිවගා, උතුරා යන සෙනෙහෙ පැතුම් මුවග පුරා රැව් පිළිරැව් දුන්නත් ඇඟ ලා ගෙන සුදු පිරුවටයත් ගම්භීර වේ නිතැතින් ම අපි සැමදා....මේවා මොකටද අපි සිතන දේ සහ කරණ දේ අපවිත්‍ර නම් සමකල හැකි ද? කුණු ගොඩකටවත්...

2017/09/17

“මට සතුට ඕනෑ” ලෙස ඔබ සිතන්නේ නම් නිශ්චිතවම මට සතුට ඕනෑ යන වචන ත්‍රිත්වයේ දෙපසින් ඇති - මට සහ ඕනෑ යන වචන දෙක ඇත්තටම ක්‍රියාවෙන් මෙන්ම සිතිනුත් ඉවත් කරන්නට හැකිනම් නිසැකවම සතුට ඔබ තුල රැඳෙනු ඇත.

2017/09/16

දරුවාගේ නිර්මාණශීලී ලෝකය බිඳ නොහෙළමු, වෙළඳ පොලේ ඇති නොයේක් සෙල්ලම් බාණ්ඩයන්ගෙන් නිවෙස පුරවන්න එපා. එසේ කරන අපි කඩා බිඳ දමන්ගේ ඔවුනගේ ලස්සන නිර්මාණශීලී හැකියාවන්ය. ඔවුනගේ බුද්ධි වර්ධනයට දායක වීම අපගේ යුතු කමකි, වගකීමකි. මතු දවස ලොව දිනන දරුවෙකු බිහි කිරීම ඇත්තේ අප තුලමය අප අවටමය.

2017/09/15

හිටියොත් හොඳ දෙවියොත් නමට වඳී... දෙවියන්ට පය ගහන්න බැරි තැන පෙරේතයෝ පිනුම් ගසයි ලූ. මෙය සරල කියමනක් නම් නොවේ. අපට නොගැලපෙන තැන් වලට අප වුවද යන්නේ නැත. ගියද එතරම් වැඩක් නම් නොමැත.! දෙවියන් වඩින මල් යහනාවක් වැනි සිතුවිලි පුරෝගෙන යහපත් වැඩෙහි යෙදෙන විට දෙවියන් ද සැබවින්ම අපට උදව් කරාවි.

2017/09/14

එක්තරා ප්‍රදේශයක තම තමන් ගේ ළමයින් විශාල පිරිසක් රැස් වූ ශාලාවක ගිනි ගැනීමක් ඇති වුනාලු. දෙමාපියන් යුහුසුලු වී බොහෝ වෙහෙස මහන්සි වී තම තමන්ගේ දරුවන් සොයන්නට විය. ඇතැමෙක් තමන්ගේ දරුවන් බේරා ගත් අතර බොහෝ ජීවිත හානි මෙන්ම තුවාල වූවෝ ද බොහෝ විය.

තවත් එක්තරා පෙදෙසක එවැනිම ආකාරයේ දරුවන් විශාල ලෙස එක්රැස් වී සිටි ශාලාවක හදිසි ගිනි ගැනීමක් ඇති විය. එහිදී රැස් වී සිටි සියළු දෙමාපියන් ඉතා කඩිසරව තම තමාට හසුවන ළමුන් රැගෙන ශාලාවෙන් පිටතට ගෙන ආවා. ඒ ආකාරයෙන් සියළු දෙමාපියන් ක්‍රියා කළ නිසා සියළුම ළමුන් කිසිම හානියකින් තොරව බේරාගත් ආකාරය මෙයින් ගම්‍ය වේ.

අවංක මනසින්, කරන පොදු කැපකිරීම් මිල කළ නොහැකිය. ලොවක් වටී.

2017/09/13

ජංගම දුරකථනය නිසා මෙන්ම දුරකථන නිසා ඔබේ ළගින්ම ඉන්නා කීදෙනෙක් දුරස් වෙනවාද ? මග හැරෙනවාද ? දුරකථනය පණිවුඩ හුවමාරුවට පමණක් ම තබා ගන්න. දුරකථනය දුරින්ම තියන්න. ගෙදරින් පටන් ගත්තාම තමන්ට තමන්ගේ දෙමාපියන් මෙන්ම දෙමාපියන්ට දරුවන් සමඟ ද සතුටින් ගෙවා දැමිය හැකි කාලය දුරකථනය විසින් ඔබෙන් උදුරා ගනී. තමන්ගේ, තම පවුලේ මෙන්ම තම සේවා ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවිය හැකි වටිනා කාලය නිකම්ම උඩු ගුවනට දිය වී යයි. කොටින්ම දුරකථනය විසින් අපේ ජීවිතයට අනවශ්‍ය කෙලෙස් ගොන්නක්ම ඔබේ දෝත මත තබා ඇත.

2017/09/12

දැන් දැන් බොහෝ අයගේ දැනුම විභාග ලියන්නත්, තර්ක විතර්ක තරන්නත්, රැකියාවක් ලබා ගැනීමටත් නැත්නම් සමාජයේ කැපීපෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමටත් පමණමයි යොදා ගන්නෙ. අැසුවොත් සියළු දේ දනී. ඒ දැනුම තම ජීවන ගමනට ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක තත්වයෙන් යොදා ගන්නේ බොහොම සුළු පිරිසකි.

2017/09/11

අසම්මතයේදී, අකටයුත්තේදී, අසාධාරනයේදී, අවනීතියේදී කොටින්ම නොවිය යුතු කුමණ දේදී වුව, උස් තැන් දැක හැකිලෙන්නත්, මිටි තැන් දැක පුප්පන්නත් එපා. එසේ නොකරන ඔබ මේ විශ්වයට අවැසිය. කොටින්ම ඔබ ජීවත්වන වපසරිය ඔබව අයැදිමින් සිටී.

2017/09/10

මිතුරන්, සතුරන් ගෙන් පිරි සමාජය තුල කුමණ තත්වයකට වුවත් අප විවෘත වීමේ දී තමන් තුල ඇති කිසිම යහපත් ගුණාංගයකට වෙනස් වීමට ඉඩ නොදෙන්න. අප නොසිතුවාට අපටත් නොදැනීම එසේ වූ අවස්ථා නැතුවා නොවේ. යහපත් දේ ඊටත් වඩා යහපතකට පමණක් පරිවර්ථනය වූවාවේ. එසේ වී නම් ඔබ මේ සමාජයට කිරුළු නොපලන් රජෙකි, විරුවෙකි.

2017/09/09

පින සහ පව එපා කිව්වත් පස්සෙන් එනවා, ඒවා සඵල වෙනවා..ඒ හන්දම පින් කර කර පින මෝරන්න දෙන්න. පව දුරලන්න මෝරන්න දෙන්න එපා. ගසක වුණත් ඵලයන් ලබා දෙන්නේ අවශ්‍ය පරිදි මෝරා වැඩුණු දා සිටය. ඒසේ නැතිව ඉඳ හිට පමණක් පින්දම් කර අපට හොඳක් වෙන්නෙ නැහැයි කියා තැවෙන්න එපා. පින මෝරන තුරු ඉවසන්න අප සසර තුල කළ බොහෝ දෑ ඇත.

2017/09/08

ඇසට පෙනෙනවාට වඩා යමක් සැම දේකම තියෙනවා. ඒක අපි හැමෝම දන්නවානෙ, ඒත් බුද්ධිය නැමැති ඇස විවර කර නොබලනතාක් කල් අප නොයෙක් ගැටළු කම්කටොළු වලට මුහුණ දෙනවා.

2017/09/07

ආදරයයි සෙනෙහසයි අතර බොහෝ වෙනස්කම් පවතී. හැකිනම් අාදරය නොව හැමටම සෙනෙහස දක්වන්න.

2017/09/06

ඔබ ශබ්ද ඝෝෂාකාරී ජීවන රටාවකට හුරු වී ඇතිද ඒ නිසාම විවිධ මානසික රෝගාබාධයන්ට ලක් වී ඇතිද ඉතාම ඉක්මනට ඔබ තරමක භාවනාමය චිත්ත විවවේකයන්ට යොමුවන්න. නිහඬව පරිසරය විඳින්න, පරිසරයට ආදරය කරන්න, අසරණ කෙනෙකු හට උපකාර කර ඒ ගැන සතුටු වන්න, තමන් කුඩා අවදියේදී කළ විනොදජනක සිද්ධි අන්අය සමඟ කතාබහ කරන්න, ශරීරිකව සුළුවෙන් හෝ ව්යාපයාමයක නිරත වන්න, ජලය පානය කරන්න වැඩියෙන්. ලස්සන සිතුවිලි ඔබව ජව ගන්වයි.

2017/09/05

අවවාදයට වඩා ආදර්ශය උතුම්මය, විවේචනයට වඩා විචාරය උසස් වේ. කෙසේ වුවද අවවාදය ද විවේචනය ද සමාජ මෙහෙවරේදී අවැසි තැන් නැතුවා නොවේ.

2017/09/04

ආත්ම තෘප්තිය මිලට ගත නොහැකිය ඇත්තේ තමන් තුලමය. හෘද සාක්ෂියට අනුව නියම වීරයා අවදි කරගන්න. ඔහු යහපත්ය ඇත්තටම යහපත්ය. නියම ආත්ම තෘප්තිය ඇත්තේ එ තැනය

2017/09/03

නරක මුහුණටම කියන්න හැම තැනම නොකියන්න, හොඳ හැම තැනම කියන්න මුනිවත නොරකින්න.

2017/09/02

යම් කෙනෙකුට පොරොන්දුවක් දීමට පෙර එය තමාට ඉටු කළ හැකිද යන වග සිතන්න. එය ඉටු නොවී නම් ඔබේ වටිනා ජීවිතය ට නිකරුණේම කළු පැල්ලමක් එකතු වේ. බලාපොරොත්තුව ට කෙනෙකු ජීවත් කරවිය හැකිවා මෙන්ම ජීවිතයක් වැනසීමටද හේතුවන බව අප නොදන්නවා නොවේ.

2017/09/01

අපට හිමි වාහනය අපට ලැබුණු ආබරණයක් කර නොගනිමු. වාහනයක් හිමි අප හැමෝම සුළු සුළුවෙන් හෝ හැමදාමත්ම පරිසරයට මහත් විනාශයක් කරනවා, ඒ වගේම අප මතක තියා ගන්න අවශ්‍ය දේ නම් කල්වේලා ඇතිව වාහනයෙන් ගමනක් පිටත් වීමයි. නැත්නම් අප උදුරා ගන්නේ අන් අයගේ වටිනා ජීවිතයකි. ඒ අනතුරට ලක්වන කෙනාටද ජීවත් වීමට අයිතියක් ඇත එම අයිතිය සුරකිමු. ඒ අනතුර නිසා මුළු පවුලක්ම මහමගට අදවැටී යා හැකිය.

2017/08/31

අතීතයට හා පෙර විසූ කිසිවෙකුටවත් බනින්න එපා මොකද වර්තමාණය අපේය, ඕනෑම දෙයක් හා ඕනෑම වාතාවරණයක් වෙනස් කර ගැනීම අප සතු වගකීමක් මෙන්ම එය අපට කළ හැකිය. අතීතය කවදාවත් වෙනස් කළ නොහැකිය. එමෙන්ම අතීතයේ සිටි අයට කිසිවකටවත් උත්තර දිය නොහැකිය. අතීතයේ වූ වැරදි අපට හොඳින් අවබෝධ වේ මන්දයත් එය සිදු වී හමාරය. ගත යුත්තේ උගත් පාඩම් පමණය,

2017/08/30

සුළු සුළු දේවල් කියල අප සිතන බොහෝ දේ වගකීමකින් යුතුව කළ හැකිනම්, අප මහ ලොකුයි, කරන්න අමාරුයි කියල හිතන බොහෝ දේ ඉතා පහසුවෙන්ම කළ හැකියි. අදම කරල බලන්න.

2017/08/29

සවන් දීම ගැන අප එතරම් නොසිතුවාට එතරම්ම වටින දේවල් ඇත්තේ බොහොම ටිකයි. සෑම දෙනාටම ඇහුම්කන් දෙන්න ඔබ දරන්නේ මොන වගකීමක් ද ඒ ඕනෑම වගකීමකදී ඔබට අයත් සවන්දීමේ කොටස මැනවින්ම ඉටු කරන්න. සියල්ල සතුටුදායකව පවතීවී.

2017/08/28

තම ඇඳිවත ගැන දක්වන සැලකිල්ල, පිටත ඔපය ගැන දක්වන සැලකිල්ල, නැතිනම් ඔබේ වාහනය, ගේ දොර, වතුපිටි, බලය ගැන තිබෙන ආදරය සැලකිල්ල මදකට හෝ අපගේ ම මුළු ශරීරයම මෙහෙයවන අප දන්නා පරිදි දෙලොවටම වැඩගත හැකි මේ සිත හදා ගැනුමට යොදවන්නේ කොච්චරනම් අල්ප මාත්‍රෙයන් ද ඔබේ සිතට ආදරය කරන්න සිත කිලිටි වන කිසි දෙයක් සිතට වැද්ද ගන්න එපා..

2017/08/27

ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් ද එසේ නම් ඔවුනගේ පොත පතේ දක්ෂතාවයන් මෙන්ම මානසික ශාරීරික සුව අභ්‍යාසයන් ගැන උනන්දු වන්න. ඔබේ ළමුනගේ සංවේදීතාවයන් ගැන සෑහීමකට පත්විය හැකිද? පාරිසරික වෙනස්වීම් වලට යහපත් ප්‍රතිචාර දක්වනවා ද? ආදරය සෙනෙහස දක්වන්නේ ද? බෙදා හදා ගැනීම ප්‍රමාණවත් ද? සමාජ සංයෝජනය, ගැටළු නිරාකරණය වැනි අත්‍යාවශ්‍ය දේ ඔබේ දරුවාට තෑගි වශයෙන් කියා දෙන්න.. ඔබේ ත් රටේත් ලෝකයේත් අනාගතය බොහෝ නිවුණු තැනැක් වේවි.

2017/08/26

යමෙකුගේ දියුණුව යන්න භෞතික සාධකයන් නම් නොවේ. යාන වාහන ගේ දොර වතුපිටි කුමක් තිබුණ ද විශිෂ්ට අදහස් හා ක්‍රියාවන් නොමැති කළ ඔහු අනුවණයෙකුමය. විශිෂ්ට යහපත් අදහස් හා ක්‍රයාවන් ගොන්නක් සිත ගත දරා සිටින්නා සැම තැන්හිම බබලයි. එහි රසය නැවත නැවත අත්විඳින්න. ඔබටම දැනේවී එහි ඇති සැපය. එය සදාකල් පවතී. සසර පුරුදු ලෙස සසරින් සසරට යහපත අපව ලුහුබඳී.. යාන වාහන, ගේ දොර වතුපිටි කවරදාවත් අප පසුපස නොඑනු ඇත.

2017/08/25

අස්වැන්නක ගුණාත්මක බව හා ප්‍රමාණය රඳා පවතින්නේ වපුරන්නාගේ කැපවීම මතය ඔහු දරණ මානව ගුණය මතය, සිත නැමති වගාබිබෙහි යහපත් සිතුවිලි නම් වූ බීජු වපුරන්නෙකු වන්නේ නම් ඔහු සැබෑම උසස් පුද්ගලයෙකු වේ. ඔහු වටා යහපත් බලවේග මෙන්ම යහපත් ශක්ති කිරණයන් ගැවසේ. ඒවා නිතරම ඔහුව හෝ ඇයව සුරකිනු ඇත.

2017/08/24

සත්‍යවාදී වන්න සැම විටම, සාධාරණ වන්න සැමවිටම, නීතිගරුක වන්න සැමවිටම, වැරදි කිරීමට ඉඩහසර ඇතැත් එහි නොයෙදෙන්න සැමවිටම, වැරැද්දක් පෙන්වා දුන් අයට තුති පුදන්න සැමවිටම, අන්සතු දේ ගැන නොසිතන්න නරක සිතින් සැමවිටම, ඔබට සතුටෙන් සිටිය හැකිය.

2017/08/23

කෘතවේදී බව කෙනෙකු මැණිය හැකි හොඳ ම මිණුම් දණ්ඩකි. යමෙක් කළ ඕනෑම උපකාරයකට නිහතමානීව කෘතවේදීත්වය දක්වන්න, ඇගයිය යුතු දේ අගයන්න,පිදිය යුත්තන් පුදන්න. ලෝකයාට මෙන්ම සෑම දේකටම ඒ දෑ අවශ්‍ය යෙන්ම අවැසි බව අපි තේරුම් ගන්නේ අඩු සැලකිල්ලකිනි.

2017/08/22

කිසිම දවසක හෝ කිසිම වෙලාවක තමන්ට හිමිවන වාසියකට හෝ ලාබයකට නැත්නම් අල්ලසට තම රාජකාරීන් මගහරින්න එපා, සාධාරනත්වය ගරු කරන්න සැමට එක ලෙස සලකන්න තමා වෙත එන අයට උපරිමව සේවය සලසවන්න. හදවතින් සිනාසෙන්න, නිහතමානී වන්න, නිවට නොවන්න වාසනාව ඔබ පසුපස හඹා ඒවි.

2017/08/21

කොතැනකදී වුවත් කොයිම වෙලාවක වුවත් අපි ලෝකය නාස්තිකාර විදියට පරිහරණය කරන්නෝ නොවෙමු. පරිසරයේ ආශිර්වාදය ලබා ගැනීමට සොබා දහමට අවනතව කටයුතු කරමු. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. දියුණුවේ තිරසර.. හදමු පුරවර..රකිමින පරිසර..පෙමින් බැතිබර

2017/08/20

ඔබේ සිත තුල සිරකර ගෙන ඇති යහපත් සිතුවිලි ගොන්නෙන් එක් සිතුවිල්ලක් හෝ ප්‍රායෝගිකව මුදාහරින්න එයින් ඔබේම සිත අලුත් මානයන් කරා පියමනිනු ඇත. එපා වූ ජීවිතයට ජවයක් ලබාගන්න මෙවන් දෑ පවුලේ අය සමඟ, අසල්වැසියන් සමඟ, ඔබේ පාසලේ ආයතනයේ අය සමඟ බෙදාහදා ගන්න

2017/08/19

සිහින මන්දිර වල ජීවත් වන අපි අන් අයගේ සිහින කොතරම් නම් බිඳ දමනවාද.. අපේ සිහින වගේම ඒ අයගේ සිහින වලට ද වටිනාකමක් ඇත. අපේ පුංචි හෝ උදව්වක් අවැසි අය බොහෝ ඇත. අපි හැමෝම ඒ ගැන සිතන දවසට මේ ලෝකය තව තවත් ලස්සන වේවි..යථාර්තවාදීව ලෝකය දකිමු.

2017/08/18

යම් කෙනෙකු තව කෙනෙක් ව පීඩාවට පත් කළ විට එම පීඩාවට හසු වූ තැනැත්තා විසින් තව සිය දහසක් දෙනා පීඩාවට පත් වීමේ ඉඩකඩ බොහෝය. මෙම සමාජමය තත්වය වටහාගෙන මිනිසුන්ට මෙන්ම සතාසීපාවුන්ට, පරිසිරයට ද ගෞරවයෙන් ආමන්ත්‍රණය කරමු.

2017/08/17

යමක් අැසූ පමණින්වත්, දැක්ක පමණින්වත් පූර්ව නිගමනයන්ට එළඹෙන්න එපා. එසේ කිරීම යහපත් නොවනවා මෙන්ම සමබර ජීවිකාවක් ගෙනයාමට එය පිටිවහලක් නෙවේවි. සැම දෙයක්ම විචාරන්න, කරණු මත කරුණ තර්කයට හසුකරන්න. සිත් සන්සුන්ව උපේක්ෂාව පෙරදැරිව නිගමනයන්ට එළඹෙන්න.
ඇයි දන්නවා ද?
අපි ගන්නා තීන්දු තීරණ අපිට මෙන්ම අපේම අයට ගොඩාක් වටිනවා..! කොටින්ම අපේ දරුවන්ට පවා

2017/08/16

සුභය, අසුභය දෙකම දැනගත යුතුය. සුභ දේ දැන සතුටු වීමත් අසුභ දේ දැන දුක්වීමත් හොඳ නැත සුභ ද අසුභ ද දෙකම එක ලෙස දරාගත යුතුය. අසුභ දේ තුලින් නැගුනු පාඩම් සුභ දෙයකට පරිවර්තනය වනු ඇත.

2017/08/15

කුණු ගොඩක් ළඟ හරිම අප්‍රසන්න දුඟදක් හමනවා ඒ තැන්වල ඉන්නෙ ඒ තැන් වලට ප්‍රිය කරන සතුන් වර්ග,

හරිම සරලයි..!

අපේ සිත් කුණුවෙන අදහස් වලින් පිරි, ඒ වගේම අපි කරන වැඩ අප්‍රසන්න ඒවා නම් අපි වටා කිසිම යහපත් බලවේගයන් රැඳෙන්නේ නැති බව අපි ඉක්මණින්ම තේරුම් ගත යුතුයි.


2017/08/14


සෑම දිනයකම උදයේ ඔබේ සිත සමඟ මනා සම්බන්ධතාවයක් ඔබ විසින්ම තබා ගන්න. සිත මෛත්‍රීෙයන් යුතුව සතුටෙන් තබන අයුරු සිතන්න.
Travel theme. Powered by Blogger.