Tuesday, January 22, 2019

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?         තැන අනුව දෙන පල මෙන්න !



  • සඳු යනු පෘථිවියට අයත් ග්‍රහයෙකි. උපදින සෑම කෙනෙකුටම හිමි වන නැකතක් ඇත. එනම් යමෙක් උපදින මොහොතේ සඳු ග්‍රහයාගේ ගමන අනුව පවතින නැකතක් ඇත. විශ්වයේ බෙදීම් අනුව නැකැත් 27 කි. ඉන් එක් නැකතක් ඒ ඒ වෙලාවට උපදින අයට උපන් නැකත ලෙස හිමි වේ. සඳු ගේ ගමන අනුව සඳු ග්‍රහයා ගමන් ගන්නා ස්ථානය අනුව නැකැත් චක්‍රය බෙදා ඇත. 
  • කෙනෙකු උපත ලබන වේලාවේදී සඳු ගමන් කරන ස්ථානය චන්ද්‍ර ස්ඵූටය වේ. ඒ අනුව කෙනෙකුට උපන් නැකත ජෝතීර්වේදියා විසින් ගණන් බලා සකසා ගනී. සඳු ග්‍රහයා ගමන් කරන නැකත අනුව ජන්මියාට හිමි මහදශා තීරණය වේ.
  • සඳු ග්‍රහයා ද අන් ග්‍රහයින් මෙන් ම ගමන් කරන ස්ථානය අනුව විවිධ ගති පැවතුම් ඉස්මතු කරවයි. යම් මොහොතක උපදින අයට ඒ  ඒ ගමන් ස්ථානය අනුව සඳු ගෙන් ඉස්මතු කරවන ගති පැවතුම් ජන්මියා තුල ද ඉස්මතු කරවයි. 
  • භාවයක් එනම් රාශියක් අංශක තිහකින් (30) යුත් කොටසකි. භාව දොලස හෙවත් රාශි දොලස ම අංශක 30කින් යුත් කොටස් දොළහකි. සඳු හෝ කුමණ ග්‍රහයෙකු වුවද මේ රාශි 12 තුල ගමනේ යෙදේ. එනම් එක් රාශියක් තුල එනම් අංශක 30 තුල  එක් එක් අංශකය බැගින් අංශක 30ක් ගමන් කරයි. එවිට ඒ ඒ අංශකයේ දී ද ග්‍රහයෙකුගේ බලය විහිදු වීම යම් යම් වෙනස්කම් පෙන්වයි. ඒවා ජන්මියාට බලපාන අයුරුද ඒ ඒ ලෙස අධ්‍යයන්යන්ගෙන් ම හඳුනා ගත යුතුය
  • අප මේ ඔබට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ  සඳු ගමන් කරන නැකැත් 27 අනුව පලාපල නම් නොවේ. සඳු ග්‍රහයා කෙන්ද්‍රයේ භාව දොළොසේ ගමන් කරන විට ඒ ඒ භාවයන් තුල පෙන්වන පලාපල වේ. එනම් ඔබ කළ යුත්තේ ඔබේ කේන්ද්‍ර යේ  සඳු ඉන්නේ කොතැනද කියා බලා පලාපල ග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා දක්වා ඇති ආදර්ශ රූප සටහන තුලින් වටහා ගන්න.

                                          
ඉදිරියට ගොස් කියවන්න ≥≥≥

Monday, January 21, 2019

“ජීවිතයට ජ්‍යෝතිෂය සරලව”  (දුරස්ථ පාඨමාලාව)

පහසුවෙන් හා සරල ලෙසින් අධ්‍යයනය කර ඉගෙන ගත හැකි ලෙස සැකසූ පාඩම් මාලාවකි. නිබන්ධන, සරල උදාහරණ සහිත ව පියරෙන් පියවර සෑම අවස්ථාවක්ම. අවශ්‍යම දේ ඕඩියෝ වීඩියෝ මාර්ගයේ පැහැදිලි කිරීම.  නිවසේ සිටම නිදහසේ ඉගෙන ගතහැකි මනාව සැකසූ ජීවිතයට ඉතාමත් උපයෝගී ලෙස සකසා ඇත.

දුරස්ථ පාඨමාලවක් වන මෙම ජෝතීෂය පාඨමාලාව ඔබේ ජීවිතයට ඉතාමත් සමීපත ම ලෙස සකසා ඇත. ඔබ බලාපොරොත්තු වන දැනුම ඔබ ම ප්‍රායෝගිකව යොදා ගන්නා තෙක් ම අප ඔබට විවිධාකාරයෙන් දැනුම ලබා දීමට ද සැලසුම් කර ඇත.


සියළු විමසීම් 077 243 2 943 (ලක්ෂ්මන් මහතා)

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට
  • ඔබේ  මෙන්ම පවුලේ අයගේ කේන්ද්‍ර පරික්ෂා කර ගැනීමට හැකිවීම
  • බල දුබල තා හඳුනා ගැනීම හා  එ්වාට පිළියම් යෙදීම කළ හැකි වීම 
  • ස්වයං රැකියාවක් ලෙස හෝ අමතර ආදයම් මාර්ගයක් ලෙසට වෘත්තියෙහි යෙදිය හැකි වීම
  • නියමාකාරයෙන් ජීවිතය ගැන වැටහීමක් ලබාගත හැකිවීම
  • ඔබේ වැදගත් කටයුතු වලදී ශුභ මුහුර්ථයක් සකසා ගත හැකි වීම
  • නිවසේ සාමය සතුට  හා ආර්ථික සමෘද්ධීය ලබාගෙන ස්ථාවරත්වයක් පවත්වා ගත හැකි වීම
  • ස්වභාවධර්මයේ මෙන්ම දේවාරක්ෂාව ආශිර්වාදය ලබාගෙන කටයුතු කළ හැකිවීම
  • නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ශාස්ත්‍රීය ලෙස කටයුතු කළ හැකි වීම 
  • ජීවිතය ගැන මනා වැටහීමක් තුලින් සැලසුම් සහගත බවක් ලැබීම
  • ජ්‍යොතිෂයේ ඉතිහාසය හා ඒ තුල ඇති විද්‍යාත්මක පැතිකඩ ඔබට ම ස්පර්ෂ කළ හැකිවීම



01. ඔබට ලග්නයක් ලැබෙන්නේ කොහොම ද ?

i.    උපන් වේලාව අනුව ලග්නය සාදාගන්නා අයුරු.

ii.   එම ලග්නය ලැබෙන අයුරු විද්‍යාත්මක ස්වභාවය පැහැදිලිව.

iii.  ඒ ඒ ලග්නයට හිමි ගති පැවතුම්.

iv.  ලග්නය දුර්වල වන්නේ කොහොමද ? සුභ වන්නේ කොහොමද?

v.   බලය අඩු වූ හෝ අසුභ වූ ලග්නය සුභදායී කරගන්නේ කොහොමද?


02. කේන්ද්‍ර සටහනක ග්‍රහයින් පිහිටුවන්නේ කොහොම ද ?

i.    රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු ආදි ග්‍රහයින් කොටු දොළස තුල පිහිටුවන අයුරු

ii.   ඒසේ ග්‍රහයින් පිහිටු වීමට අනුගමනය කළ යුතු පියවරෙන් පිියවර සරලව 

iii.  ලග්නයකට අධිපති ග්‍රහයෙක් ඇත. එය දැනගන්න

iv.  ලග්ණාධිපති ග්‍රහයා ඒ ඒ කොටු තුල දී ඇති කරන පල විපාක 

v.   භාව දොළස තුල ග්‍රහයින් ගේ හැසිරීම හා පල විපාක


03. නවාංශක කේන්ද්‍රය කියන්නේ මොකක් ද? නවාංශක කේන්ද්‍රයේ ග්‍රහයින් පිහටුවන්නේ කොහොම ද ?

i.    නවාංශකය කියන්නේ මොකක් ද පියවරෙන් පියවර

ii.   නවාංශක තුල ග්‍රහයින් පිහුටුවන්නේකෙසේ ද? සරලව 

iii.  සඳු ග්‍රහයා ගේ ඇකි බලය ජීවිතයට වැදගත් ද? නවාංශකය තුල සඳු පිහිටුවන අයුරු 

iv.  උපන් නැකත, ගණ, යෝනි, ලිංග, ආදි තොරතුරු සොයා ගන්නේ කොහොමද ? 


04. දශාව මහ දශාව කියන්නේ මොකක් ද ? ඒ ඒ උපන් වේලාවන්ට අනුව දශා මහදශා සොයාගන්නේ කොහොම ද ?

i.    ඔබ උපන් දශාව සොයාගන්නේ කොහොම ද ?

ii.   ඔබ දැනට ගත කරන දශාව මොකක් ද සරලව 

iii.  ඔබට පල අඩු සහ පල වැඩි දශා මොනවාද ?

iv.  අසුභ දශාවල කළ යුතු පිළිවෙත් ? සරලව මනෝ වද්‍යාත්මකව 


05. අධ්‍යාපනය / උසස් අධ්‍යාපනය ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


06. විවාහයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


07. ගෘහ ජීවිතයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


08. දේශපාලනයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


09. රාජ යෝග දැනගන්නේ කොහොම ද ? රාජ යෝග තිබුණට පල නොදෙන්නේ ඇයි ? හේතු විද්‍යාත්මකව හා සරලව


මෙම පාඨමාලාව හදාරා අවසන් කළ සැමට වාස්තු විද්‍යාව, ශුභ මුහුර්ථ සහ ශාන්තිකර්ම පිළිබඳව ද හැදෑරීමට අවශ්‍ය නම් හැකියාව ඇත.


Wednesday, November 7, 2018

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි

මානව ශබ්දයට ඇත්තේ අප්‍රමාණ වූ මහා බලයකි. ශබ්ද බලය මැනවින් යෙද වූ කල්හී යහපතක් ද නොමනා අයුරින් යෙදවූ කල්හී අයහපතක් ද නිර්මාණය වේ.
මැනවින් ශබ්ද ශාස්ත්‍රය උපයෝගීත්වයෙන් පෙර දවස මෙන්ම අද දවසෙහිද ජීවිතයට යහපතක් උදා කරගන්නෝ බොහෝ වෙති. ගුප්ත විෂයයන් නිසාවෙන්ම සමාජය තුලට මේවායෙහි රහස් හරි හැටි සෘජු ලෙස අනාවරණය නොවේ.

එවන් දවසක අප යත්න දරණුයේ මේ ගුප්ත ශබ්ද බල රහස් ක්‍රම යොදාගෙන මිනිසුන්ගේ පාපයන් දුරුකොට පින් බලය තහවුරු වන පරිදි සෙත්කවි ශබ්ද බලයෙන් දහසකුත් එකක් දුක් කරදර කම්කටොළු සමනය කරවීමය.

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි. එය නිතර නිතර භාවිතයෙන් ඔබේ ජය තහවුරු කරගන්න.



Monday, August 7, 2017



12 මීන ලග්නය  2017 නොවැම්බර්

මීන ලග්නයට

මීන රාශි හිමියන්ගේ කේන්ද්‍රයේ 7 වැන්නට කුජ ග්‍රහයා පැමිණ සිටී. නොවැම්බර් මාසය පුරාවට කුජ සතුරු රාශියක් වශයෙන් 7 වැන්නේ ගමන් කරන බැවින් ඔබ බොහෝ ප්‍රවේශමෙන් තම කට වචනය පාලනය කර ගැනීමට උනන්දු වන්න. නොවැම්බර් මාසය තුල ඔබේ කට වචනය නිසා ඇති විය හැකි සතුරු කරදර තත්වයක් බලපෑ හැකිය.

රැකියාව ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල සමස්ථයක් වශයෙන් යහපත් හා ගුණාත්මක ප්‍රතිපල ලබා ගැනීමේ වාසනා ගුණයක් ඇත. ඇතැම් විට ආකල්පමය ප්‍රශ්ණ මැද පැවති ආයතනයක් නම් එහි අනෙක්  අය සම සහයෝගයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. ජලය හා සම්බන්ධව කටයුතු කරන අයද විශේෂයෙන්ම නාවුක හා ජල ක්ෂේත්‍රයෙහි නියැලී සිටින අය මේ කාලය තුලදී බොහෝ ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. නොසිතූ විරූ ආකාරයෙන් හදිසි අනතුරු ඇති විය හැකිය. ඔබ පුළුල් ආකාරයට මිල මුදල් කටයුතු වල නිරත වන කෙනෙකු නම් මේ මාසය තුලදී සොරසතුරන්ගෙන් ප්‍රවේශම් වීම සහ තමන් අතින් සිදු විය හැකි අත් වැරදි පිළිබව අවබෝධයෙන් කටයුතු කරන්න. එසේම රාත්‍රී කාල වලදී ගමන් බිමන් යන අය බොහෝ ප්‍රවේශමෙන් ගමන් බිමන් යාම යහපත් වේ. අළුත් දෙයක් කිරීමට අදහසක් ඇත්නම් අළුත් ප්‍රවේශයකට කැමැත්තක් ඇත්නම් ඊට අවශ්‍ය ඉදිරි පෙළගැස්මක් මේ කාලය තුලදී සිදු විය හැකිය. නිර්මාණ කරණයෙහි නිරත වන අයට නව නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ කාලය තුල ලැබේ. ගුරු හා සිකුරු 8 සහ 9 ස්ථාන වල ගමන් කිරීම නිසා විදේශගතව අධ්‍යාපන කටයුතු වල නිරත වන කෙනෙකු නම් ඔබට විශේෂ වාසි දායක සහ යහපත් වූ පසුබිමක් මේ කාලය තුල ගොඩනයි.

ගෘහ ජීවිතය
සමීපයෙන් ඇසුරු කරන කෙනෙකු නිසා යම්කිසි අමනාප මතභේද ඇතිවීමේ අවකාශ ඇත. යානවාහන පිළීබව බලාපොරොත්තු ඇති කෙනෙකු නම් ඒ සහා සුදුසු කාලය මේ කාලය තුල ගලපා ගත හැකි බවක් පෙනේ. වස විෂ ශරීර ගත වීමට අවකාශ ඇති බැවින් තම කෑම බීම වලින් සහ අනවශ්‍ය තැන් වලින් කෑම ගැනීමෙන් වලකින්න. පිටරට ජීවත් වන මිතුරෙකු හෝ වැඩිහිටියෙකු ඔබට උදව් පදව් කිරීමට අවකාශ ඉඩ කඩ සැලසේ.

රෝග පීඩා
උදරයේ ඇති වන අම්ලකර රෝග තත්වයන් ඇති වේ. තවද මූත්‍රා රෝග වැනි තත්වයන් ඇති වීමටද අවකාශ ඇත. ඌශ්ණ අධීක ආහාර පාන වලින් ප්‍රවේශම් වන්න. ජලයේ ජීවත් වන සතෙකුගෙන් අනතුරක්  ඇති වීමේ අවකාශ ඇත.

දශානු දශා තත්වයන්
රවි,කුජ,රාහු දශානු දශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ.අනතුරු හා ධනහානි තත්වයන් ඇති වේ. සතුරු කරදර සහිතය. බුධ,සිකුරු,ගුරු දශානු දශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල  ජයග්‍රහණ වලට ඉඩ කඩ සලසයි.අඹු දරුවන් අතර ප්‍රීතිමත් ආරංචි මාර්ග අසන්නට ලැබේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 6,7.8 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු ඇරඹෙන කාලය තුල ලාභ ප්‍රයෝජන තත්වයන් බලපාන බවක් පෙනේ.

   

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල....

Best astrology service in Sri Lanka. Best astrologers in Sri Lanka. Horoscope matching, making horoscope, 
Sri Lanka, nature of Sri Lanka, 

ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




11 කුම්භ ලග්නය  2017 නොවැම්බර්


කුම්භ ලග්නය
කුම්භ රාශිය මුල්කොට උපත ලැබූ ඔබේ ජන්ම කෙන්ද්‍රයේ ශනි ග්‍රහයා 11 වැන්න වූ අයස්ථාන ගතව බලවත් වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් සැලකේ. ඔක්තෝබර් මස 26 වන දින පටන් එම විශේෂ ග්‍රහ තත්වය පිහිටා තිබීම තුලින් ඔබට වාසනා ගුණයක් උදා කර දීමට හැකියාව සැලසේ.

රැකියාව හා ආර්ථිකය
ඔක්තෝබර් මාසය පුරාවට ඔබේ ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ කුජ ග්‍රහයා හැසිරීම යම් ආකාරයකට අසුභපල ගෙන දීමට නියමිතය. අවිආයුධ දරණ අය සහ ගැඹුරු ස්ථාන වල කටයුතු කරන අයට ද ගින්දර හා වස විෂ හා සම්බන්ධ කටයුතු කරන අයට ද මේ කාලය තුල බොහෝ ප්‍රවේශම්විය යුතුය. හදිසි අනතුරු සහ බොහෝ මාරක විපත්ති ඇති කිරීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ  6 සහ 8 වැන්නේ පාපයින් ගමන් කරන මේ කාලය සෙනසුරුගේ මාරුවක් සිදු වී තිබීම නිසා සතුරු කරදර සහගත  තත්වයක් ඇති වීමට ද අවකාශ ඇත.  ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකු නම් ඔබට රැකියාවක් හෝ යම්කිසි ආදයම් මාර්ගයන් විවර කර ගැනීමට මේ කාලය තුල ඉඩකඩ සැලසේ. රෙදිපිළි විලාසිතා සහ කලා කටයුතු කරන අයගේ දියුණුව උදෙසා යහපත් ගමන් මාර්ගයන් විවෘත්ත වීමකට මේ කාලය තුල ඉඩකඩ සලසයි. එසේම මොස්තර නිරූපිකාවන් වැනි සෞනදර්යමය ක්ෂේත්‍ර වල නිරත වන අයට යහපත් පුළුල් ආදායම් මාර්ග උදා කර ගත හැකිය. එබු ආයතන වල සේවය කරන අයට ද යහපත් වූ අත්දැකීම් වලට අවකාශ සලසයි.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහා මේ කාලය තුල සුභදායක වේ. මංගල යෝග උදා වීමක් සහ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම වැනි ප්‍රීතිමත් අවස්ථාවන් මේ කාලය තුල බලපාන අතර විශේෂයෙන්ම නොවැම්බර් 20 ගණන් වලදී වඩාත් සතුටුදායක අවස්ථාවලට සහභාගී වීමේ අවකාශ සැලසේ.  ඇතැම්විට ඔබ කුම්භ ලග්නය මුල්කොට උපත ලබා තිබීම නිසා විදෙස් ගතව සිටින කෙනෙකු හා සම්බන්ධ වී යම්කිසි ව්‍යාපාර අරමුණක් ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසේ. විශේෂයෙන්ම දෙදෙනාම කුම්භ ලග්නයට සම්බන්ධ වී සිටි අඹු සැමියන් වෙතොත් ඔවුන් සඳහා මේ දුර්ලභ ඝණයේ අවස්ථාව වඩාත් යහපත් ලෙස යොදා ගත  හැකිය. සුන්දර වූ වාසස්ථානයන් මිල දී ගැනීමක් හා කලා ක්ෂේත්‍රය තුල නිර්මාණ කටයුතු වලට ද මේ කාලය තුල විශේෂ යහපත් හා ගුණාත්මක බවක් ඉස්මතු වේ.

රෝග පීඩා
දියවැඩියාව, වකුගඩු රෝග සහ ලේ නහරගතව බලපාන ඇතැම් රෝග වලට ගොදුරු විය හැකි මේ කාලය තුල දණහිස් ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් පවතින අය තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිබව බොහෝ  අවබෝධයෙන් කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

කුජ, රාහු හා ගුරු දශානු දශා තත්වයන් පවතින අයට  හදිසි අනුතුරු ආපදා සහ ලෙඩ රෝග වැනි තත්වයන්ගෙන් ආරක්ෂා වී කටයුතු කරන්න. බුද, සිකුරු, ශනි සහ සුගේ  දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග උදා වීම මිලමුදල් ලැබීම හා රැකියා ක්ෂේත්‍රයෙහි ජයග්‍රහණ සහා ඉඩකඩ වාසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11, 12 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු බොහෙවින්ම සිත්තැවුල්  හා කරදරකාරී මෙන්ම ධනහානි තත්වයක් ඇති වීමේ අවකාශ පවතී.

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

10 මකර ලග්නය  2017 නොවැම්බර්


මකර ලග්නය
මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්නට පැමිනීමෙන් වසර 7 ½ ක ඒරාශ්ටකයක් ඔක්තෝබර් මස 26 වන දින සිට ආරම්භ කර ඇත. ඔබේ  ලග්නාධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සෙනසුරු ග්‍රහයා ගුරුගේ රාශි ස්ථානයකට පැමිණීම පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවක් මෙහිද ී අවධාරනය කළ යුතුය

රැකියාව හා ආර්ථිකය
සිකුරු ග්‍රහයා ඔබේ ජනම් කේන්ද්‍ර යේ 10 වැන්නේ බලවත් වීම විශේෂ මාලවී යෝගයක් වශයෙන් සැලකිය යුතුය. එය සරස්වතී යෝගයක් වශයෙන් දරුවන්ගේ අතුරු කියවීම සඳහා යොදා ගත හැකි වේ. කලා ක්ෂේත්‍ර යෙහි මෙන්ම  කාන්තාව නියෝජනය කරන රැකියා කටයුතු වල නියැලෙන කොයි කාටත් පුළුල් යහපතක් උදාකළ හැකි තත්වයක් මේ නොවැම්බරයේ දී බලපායි. කෙසේ වෙතත් බුද, සිකුරු ආදී ග්‍රහයින් බලවත් වීම කරණකොට ගෙන මකර ලග්න හිමියන්ට යස ඉසුරු සැපසම්පත් ළඟාකර ගත හැකි තත්වයක්  මේ නොවැම්බර් මාසය තුලදී උදා කරයි. ස්ථානගත වෙනස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට යහපත් වැඩපිළිවෙලක ආරම්භය මේ කාලය තුල සිදුවිය හැකිය. 7 වැන්නේ දුබල වූ  ග්‍රහ තත්වයක් බලපාන මේ කාලය තුල විෂකුරු සතුන්ගෙන් ප්‍ර වේශම් වීම සහ ජලයෙන් විපත්ති ඇතිවිය හැකි බැවින් ජලාශ්‍රිතව රැකියා වල නිරත වන මකර ලග්න හිමියන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් සිතීමට අවශ්‍ය කාලයකි. ශනි ඒරාශ්ටකයේ මුල් අවස්ථෘව ජලයෙන් විපත් ඇතිවීමේ ඉඩකඩ භහුල බවක් පෙනේ.

ගෘහ ජීවිතය
දූ දරුවන්ගේ යහපත හේතුවෙන් යම්කිසි සතුටක් වින්දනයක් මේ කාලය තුල බලපායි. විශේසයෙන්ම අධ්‍යාපන ජයග්‍රහණ සහ රැකියා ක්ෂෞත්‍රය තුල ඇති වන යහපත් තත්වයක් මේ කාලය තුල උදාවිය හැකිය. නැතහොත් විවාහ මංගල්‍යයක් කරණකොට ගෙන ඇතිවන ප්‍රීතිමත් අවස්ථෘවක් මේ කාලය තුල උදා වේ. ඔබ ඉඩකම් මිල දී ගැනීමට බලාපොරෙතාතුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුලදී සතුරු කරදර බලපෑම් වලට ඉඩකඩ පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් ඔබ ඉඩකඩම් මිල දී ගන්නේ නම් ඒ ඉඩම ආසන්නයේ සිටින අය පිළිබඳව උනන්දුවෙන් සිතන්න, සොයා බලන්න. ඔබට ඔවුන්ගෙන් දැඩි පීඩාකාරී තත්වයක් ඉදිරි කාලය තුලදී ඇතිවිය හැකිය. යාන වාහන මිල දී ගන්නා අයට  

රෝග පීඩා
සෙම් රෝග ආදිය කිපීමෙන් ඇතිවන ඇතැම් රෝග පීඩා වලට ද එසේම දණහිස් තුනටිය ආශ්‍රිතව සන්ධිස්ථාන ගත රෝග ද මේ කාලය තුල භහුලව බලපාන බවක් පෙනේ. විශේෂයෙන්ම වැසි සහිත අවස්ථාවලදී ඇතිවන අනතුරු ආදිය පිළිබඳව බොහෝ ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

රාහු, කුජ හා රවිගේ දශානුදශා තත්වයන් පවතින අයට යම් යම් අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයක් මෙන්ම අවමාන සහගත තත්වයන් ඇති විය හැකිය. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ලැබීම් සහ රැකියා ක්ෂේත්‍රෙයහි යහපතක් උදා වීමට මේ කාලය තුල අවකාශ ඇත. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 8, 9, 10 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු පවතින කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් අඩු වී යන බවක් පෙන්වයි. නොවැම්බර් 16 දක්වා කාලය තුල කිසිම අලුත් යමක් ඇරඹීමට සුදුසු නොවන බවක් පෙනේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




9 ධනු ලග්නය  2017 නොවැම්බර්


ධනු ලග්නය
ධනු රාශිය හිමි ගුරු ග්‍රහයා නොවැම්බර් මාසය තුලදී  තුලා රාශියෙහි සංක්‍රමණය වේ. එසේම ගුරුගේ සතුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන සිකුරු ග්‍රහයා ද තුලා රාශියෙහි ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වේ.

රැකියාව හා ආර්ථිකය
ඔබේ ලග්නයට සෙනසුරුගේ සම්ප්‍රාප්තියක් සිදු වී ඇත. එනම් ශනි ඒරාශ්ටකයක් වශයෙන් ඇරඹෙන මේ කාලය ඉදිරියට වසර 2 ½ ක් පමණ පවතී. මේ ශනි ඒරාශ්ටකය ධනු ලග්න හිමියන්ට එතරම් බියවිය යුතු කාරණවක් නොවේ. රැකියා ක්ෂේත්‍රය තුල ගුණ යහපත් කම් ඉස්මතු  කරගත හැකි ශනි ඒරාශ්ටකය තුල ඇතැම්විට රැකියාවෙහි සුළු සුළු බාධාකාරී තත්වයන් ද ඇතිවිය හැකිය. කෙසේ වෙතත් ඔබට නොවැම්බර් මාසය තුල සමස්ථ ආර්ථිකයෙහි සතුටුදායක තත්වයක් පවත්වා ගෙන යාමට වාසනාවක් ඇත. ඇතැම්විට ඉදිරියට පැමිණෙන සතුරු කරදර තත්වයක් පැවතුනත් තම ස්ථාවරය මත කිසිම දෙයක් බිඳ හෙළීමට ඔවුන්ට අවස්තාව නොසැලසේ. ව්‍යාපාර ක්ෂේත්‍රය හා කලා ක්ෂේත්‍රයට විශේෂයෙන්ම සුභපල උදා කරයි. සංගීතය කලාව හා නිර්මාණ කටයුතු වල නිරත වන ධනු ලග්න හිමියන්ට තම ව්‍යාපාර අරමුණු උදෙසා කාර්යභහුල ජීවිතයක් ගත කිරීමට සිදුවේ. ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකුනම් නොවැම්බර් 16 න් පසුව යහපත් හා ගුණාත්මක දියුනකණුවකට වාසනාව සැලසේ. එනම් ස්ථාන මාරුවක් හෝ පදවි වෙනස් වීමක් හෝ නව රැකියා ප්‍ර වේශයක් සිදුවිය හැකිය.

ගෘශ ජීවිතය
ගුරු සිකුරු බලවත් වීම තුල සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලය ලැබූ බැවින් ගුරු පරාජිත ග්‍රහයෙක් බව පෙනේ. මේ නිසා මංගල යෝග නිශ්පල වීම සහ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටීමක් හෝ අධික සිත්තැවුල් මේ කාලය තුල ඇති වේ. කට වචනයෙන් විවාදාත්මක අවස්ථාවන්ට  ඉදිරිපත් නොවී සිටීමට වගබලා ගන්න. මිල මුදල් ක්ෂේත්‍රය පිළිබඳව යම් ගැටළු පැවතුනත් එය බුද්ධියෙන් විසඳා ගැනීමට කටයුතු කරන්න. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ධනු ලග්න හිමියන්ට නොවැම්බර් 15 වන දිනට පසු ඒ සඩහා යොමු වන්නේ නම් ඉතා ප්‍ර වේශමෙන් ඒ කටයුතු වලට යොමු විය යුතුය. බොහෝවිට නොවැම්බර් 16 වන දිනට පසු කරන කටයුතු අසාර්ථක වී යා හැකි බව පෙනේ. යාන වාහන මිල දී ගැනීම් වැනි කටයුතු සඳහා නොවැම්බර් 16 ට පසු යම් තරමකට අසුභ බවක් පෙනේ.

රෝග පීඩා
බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි ඇතැම් රෝග පීඩා තත්වයක් ද උදරගතව ඌෂ්ණාධික බව හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්වයන් ද මේ කාලය තුල බලපායි. කෑම බීම වලදී බොහෝ දුරට ප්‍ර වේශම් වන්න.


දශානුදශා තත්වයන්
රාහු ගුරු හා ගුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට රෝග පීඩා ධනහානී සහ අසුභපල වලින් සමන්විත වේ. සිකුරු හා බුද දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි විශේෂ ජයග්‍රහණ උදා කරන බවක් පෙනේ. ශනි හා සඳු ගේ දශානුදශා තත්වයන් පවතින අයට පොළොව හා සම්බන්ධ වස්තු ලාබ සහ හදිසි වස්තු ලාබ ලබා ගැනීමේ වාසනා ගුණයක් උපදවයි. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ දන්ද්‍රයා 9, 10 , 11 ස්ථෘන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දිනට පසු යහපත් කටයුත්තකට සිත යොමු කිරීමට සිදුවන බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....