වෙළඳාමක් කරගෙන යනකොට බොහෝ දෙනා සිතන්නේ ආර්ථික විද්‍යානුකූලව දැනුම උපයෝගී කොටගෙන ඒ ඒ න්‍යායන් අනුගමනය කරමින් තම වෙළඳාම කරගෙන ගියාම ලාභය මෙන්ම දියුණුව ළඟා කරගත හැකි ය යන්නයි.
ඒත් එවැනි දැනුම අවශ්‍ය වන්නා සේම එැවැනි කිසියම් හෝ දැනුමක් නැතිව ව්‍යාපාරයන් අරඹා උත්සාහයෙන් දියුණු වන්නෝද එමටය
තවද උත්සාහයන් දැරුවද දැනුම තිබුනද කඩාවැටුණු වෙළඳ ආයතනද ඕනතරම් දක්නට ලැබෙනවා
මෙසේ වන්නේ කෙසේද ?
හේතුවන කරුණු ගණනාවක් ගැන අනාවරණය කරගත හැකි හැකියාව අපට තිබෙනවා
තම තමන්ගේ පෙර වාසනා ගුණය ඒ කියන්නේ තමන්ගේ කුශලාකුශල ගිණුමේ තිබෙන කුශල හා අකුශල ප්‍රමාණයන්, මේ ගිණුම ගැන දැනගන්න නම් ඉතින් දක්ෂ ලෙස හඳහන කියවා ගත යුතුමයි. එසේ නැත්නම් බොහෝ කාලයක් මුළුල්ලේ තමන් ගැන හොඳ සෙවිල්ලකින් නිරීක්ෂණ බුද්ධියෙන් කටයුතු කලාමත් යම් අවබෝධයක් පෙරවාසනාව ගැන දැනගැනීමට ඇතැම් අයට පුළුවනි.
යම් අයෙක් දන්නා සියළු ශිල්ප දාමින් සිය වෙළඳ කටයුුතු මෙහේය වුවත් ජනතා ආකර්ෂණය හිමිකරගත නොහැකිව ව්‍යාපාරය බුන්වත් එනම් පාඩු ලබන ව්‍යාපරයක් බවට පත් වේ.
ජනතා ආකර්ෂණය හිමිවන්නේ කාන්තිමත් ව්‍යාපාරික ස්ථානයන් වෙතය. බඩු භාණ්ඩවල හෝ සේවාවන්වල මිල වැඩිවුවත් විටෙක එතරම් වෙළඳ පරිසරයක නොවන ව්‍යාපාරයක් වුවද ඉතාමත් සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යන ව්‍යාපාරයන් බොහෝ තිබේ.
ජනතා ආකර්ෂණය ලබාගත නොහැකිව ණය බරින් මිරිකී බලාපොරොත්තු සියල්ල කඩකරගනිමින් විටෙක නීතිය හමුවේද චූදිතයන් වෙමින් වසා දමන ව්‍යාපාර අතරට ඔබේ ව්‍යාපාරයත් එක් අවධානම් සහිත ව්‍යාපාරයක් වූවාද ?
කඩිනමින් ම ඔබේ ව්‍යාපාරයට වූයේ කුමක් ද? යන්නත් කාන්තිමත් බව ව්‍යාපාරය තුලින් ගිලිහී ගියේ කෙසේද? යන්නත් විමසා බැලිය යුතුම අවස්ථාව මෙයයි.
අප තර කරගත් කුශල අකුශල තත්වයන් කෙසේද ? යන්න ගැන පුළුල් අවබෝධයක් අපට ලබාගත හැකිනම් වරදින තැන් මෙන්ම වැරදුන තැන් ගැනද අපට අවබෝධයෙන් යුතුව පිළයම් යොදමින් සාර්ථක ගමනක් යා හැකි නොවේද ?.
මෙතෙක් අපගේ අවබෝධය තුලින් ජීවිතයේදී විශේෂ වූ ව්‍යාපාරික පිරිසක්ද අපට හමුවෙනවා, එනම් ඔවුන් තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කොටගෙන ඇතත් ජීවිතයේ විඳිය හැකි සියළු මානසික පීඩනයන් විඳිමින් ජීවිතය ගතකරන පිරිසක් හැටියටයි.
මේ සඳහාද බලපාන්නා වූ විවිධ ශාස්ත්‍රීයව සොයා ගතයුතු ගැටළු රාශියක් අපට හමුවෙනවා.
No comments:
Post a Comment