Friday, July 24, 2020

වෙළඳාමක් කරගෙන යනකොට !

වෙළඳාමක් කරගෙන යනකොට බොහෝ දෙනා සිතන්නේ ආර්ථික විද්‍යානුකූලව දැනුම උපයෝගී කොටගෙන ඒ ඒ න්‍යායන් අනුගමනය කරමින් තම වෙළඳාම කරගෙන ගියාම ලාභය මෙන්ම දියුණුව ළඟා කරගත හැකි ය යන්නයි. 
ඒත් එවැනි දැනුම අවශ්‍ය වන්නා සේම එැවැනි කිසියම් හෝ දැනුමක් නැතිව ව්‍යාපාරයන් අරඹා උත්සාහයෙන් දියුණු වන්නෝද එමටය
තවද උත්සාහයන් දැරුවද දැනුම තිබුනද කඩාවැටුණු වෙළඳ ආයතනද ඕනතරම් දක්නට ලැබෙනවා

මෙසේ වන්නේ කෙසේද ?
හේතුවන කරුණු ගණනාවක් ගැන අනාවරණය කරගත හැකි හැකියාව අපට තිබෙනවා

තම තමන්ගේ පෙර වාසනා ගුණය ඒ කියන්නේ තමන්ගේ කුශලාකුශල ගිණුමේ තිබෙන කුශල හා අකුශල ප්‍රමාණයන්, මේ ගිණුම ගැන දැනගන්න නම් ඉතින් දක්ෂ ලෙස හඳහන කියවා ගත යුතුමයි. එසේ නැත්නම් බොහෝ කාලයක් මුළුල්ලේ තමන් ගැන හොඳ සෙවිල්ලකින් නිරීක්ෂණ බුද්ධියෙන් කටයුතු කලාමත් යම් අවබෝධයක් පෙරවාසනාව ගැන දැනගැනීමට ඇතැම් අයට පුළුවනි. 

යම් අයෙක් දන්නා සියළු ශිල්ප දාමින් සිය වෙළඳ කටයුුතු මෙහේය වුවත් ජනතා ආකර්ෂණය හිමිකරගත නොහැකිව ව්‍යාපාරය බුන්වත් එනම් පාඩු ලබන ව්‍යාපරයක් බවට පත් වේ. 

ජනතා ආකර්ෂණය හිමිවන්නේ කාන්තිමත් ව්‍යාපාරික ස්ථානයන් වෙතය. බඩු භාණ්ඩවල හෝ සේවාවන්වල මිල වැඩිවුවත් විටෙක එතරම් වෙළඳ පරිසරයක නොවන ව්‍යාපාරයක් වුවද ඉතාමත් සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යන ව්‍යාපාරයන් බොහෝ තිබේ. 

ජනතා ආකර්ෂණය ලබාගත නොහැකිව ණය බරින් මිරිකී බලාපොරොත්තු සියල්ල කඩකරගනිමින් විටෙක නීතිය හමුවේද චූදිතයන් වෙමින් වසා දමන ව්‍යාපාර අතරට ඔබේ ව්‍යාපාරයත් එක් අවධානම් සහිත ව්‍යාපාරයක් වූවාද ?

කඩිනමින් ම ඔබේ ව්‍යාපාරයට වූයේ කුමක් ද? යන්නත් කාන්තිමත් බව ව්‍යාපාරය තුලින් ගිලිහී ගියේ කෙසේද? යන්නත් විමසා බැලිය යුතුම අවස්ථාව මෙයයි. 

අප තර කරගත් කුශල අකුශල තත්වයන් කෙසේද ? යන්න ගැන පුළුල් අවබෝධයක් අපට ලබාගත හැකිනම් වරදින තැන් මෙන්ම වැරදුන තැන් ගැනද අපට අවබෝධයෙන් යුතුව පිළයම් යොදමින් සාර්ථක ගමනක් යා හැකි නොවේද ?.

මෙතෙක් අපගේ අවබෝධය තුලින්  ජීවිතයේදී විශේෂ වූ ව්‍යාපාරික පිරිසක්ද අපට හමුවෙනවා, එනම් ඔවුන් තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කොටගෙන ඇතත් ජීවිතයේ විඳිය හැකි සියළු මානසික පීඩනයන් විඳිමින් ජීවිතය ගතකරන පිරිසක් හැටියටයි.

මේ සඳහාද බලපාන්නා වූ විවිධ ශාස්ත්‍රීයව සොයා ගතයුතු ගැටළු රාශියක් අපට හමුවෙනවා.

  • ව්‍යාපාරයන් සාර්ථක වීම සඳහා බලපාන්නා වූ කරුණු මොනවාද?
  • ව්‍යාපාරයත් පවුලේ අභිවෘද්ධියත් එකට ගෙනයාමට බලපාන කරුණු මොනවාද?
  • ව්‍යාපාරයක් සමාජයේ ජනප්‍රියත්වයකට පත්වන්නට හේතු මොනවාද?
  • කඩා වැටුණු හා කඩාවැටෙන්නට තිබෙන ව්‍යාපාරයක කාන්තිමත් බව තහවුරු කරගෙන වැඩිදියුණු කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද?
  • ඉල්ක්කගත තම පාරිභෝගිකයින් ගේ විශ්වාසයත් ඔවුන්ගේ මානසික තෘප්තිමත් බවත් රැකගැනීමට කළ හැකි ශාස්ත්‍රීය වූ පිළියම් මොනවාද?
  • ව්‍යාපාරයේ කීර්තිනාමය ස්ථාවරව පවත්වා ගැනීමට කළයුත්තේ කුමක්ද?
පියවරෙන් පියවරජය මාවතක ඔබේ ව්‍යාපාරය, වෙළඳ ආයතනය රැගෙන යන්නට නම් ඔබේ හැකියාවට උත්සාහයට විශ්ව ශක්ති ආශිර්වාදය හා කාන්තිමත් බව එක් කරගෙන ස්ථාවර වූ යහපත් සමාජ ව්‍යාපාරයක්, වෙළඳ සැලක් හිමිකර ගන්න. අදම ඔබේ හඳහන තුලින්   දැනගන්න ඔබ ඉන්නේ කිනම් තත්වයකද කියා.

ජෝතිෂ්‍යවේදී, වාස්තු උපදේශක ශාස්ත්‍රඥ කොත්මලේ සෙනෙවිරත්න

Thursday, February 6, 2020

වසර 30ට පසු සිදුවන සෙනසුරු මාරුවෙන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද ?




වසර 30 ට පසුව සෙනසුරු නොහොත් ශනි ග්‍රහයා තම වාසස්ථානයට පැමිණීම එනම් ස්වක්ෂේත්‍ර ගතවීම එළඹුණු 2020 ජනවාරි මස 24 දින සිදුවිය. විශේෂයෙන්ම වැඩකරන හා පීඩිත ජනතාවට සුභ සිද්ධිය, වාසනාව ගෙන දෙන මේ සෙනසුරු මාරුව නිසා වෙන කවරදාටත් වඩා එම ජනතාව ගැන කතා බහක් මෙන්ම ප්‍රායෝගික තලයේදී ඔවුන්ගේ ජීවන ගැටළු පිළිබදව වඩාත් නම්‍යශීලී හා ප්‍රතිඵලදායි වැඩපිළිවෙත් ක්‍රියාවට නැංවෙන යුගයක ආරම්භය වශයෙන් මෙය සනිටුහන් වේ.

නිසැකවම ඔබට ද ඒ තුලින් යම් ධනාත්මක තත්වයක් උදාවිය හැකිය. එබැවින් කල්තියාම ඔබ ඒ ගැන දැනගන්න, සූදානම් වන්න.
සාධාරණත්වයට මුල්තැන දී ධර්මානුකූලව ජීවිකාවන් ගෙන යන්නේ නම් ඔවුන්ට ඉදුරාම සුභසෙත උදාවේ. තවද එවැනි සමාජයකට මුලපුරන බොහෝ කටයුතු වෙනත් කාලයන්ට සාපේක්ෂව වේගයෙන් මේ ශනිගේ කාලසීමාව තුල සිදුවේ. ඒ සඳහා වන සියළු ආකාරයේ පසුබිම් සැකසීම් සියළු අංශයන්ගෙන් දැකගත හැකිවනු ඇත. 

එසේම සියළු අනීතික බලවේගයන් දුෂ්ට බලවේගයන් දෙදරද්දී ඔවුන්ට නිසි ආකාරයේ දණ්ඩනයන්ද ලැබෙනු ඇත. ඒ සඳහාද වන වටපිටාව බොහෝ සෙයින් වර්ධනය වේ. 

බොහෝ සෙයින් වැදගත් වන මේ ශනි මාරුව සිදුවන්නේ වසර 30ට පසුව වන බැවින් සමාජයේ විවිධ පැතිකඩයන්හි සැලකිය යුතු පෙරළි සිදු වේ. 
තවද මෙවර ශනි මාරුව විශේෂ වන්නේ සෙනසුරු  ග්‍රහයා තම බලය රිසි සේ  විදහාපාන රාශි දෙකක ඉදිරි වසර 5 තුල ගමන් කිරීමයි. 2020 ජනවාරි 24 සිට ඉදිරියට වසර 5ක් එම කාලසීමාව බලපැවැත්වේ.

ඒ ආකාර තත්වයන් අපට කෙසේ බලපාවිදැයි සූක්ෂ්මව නිරීක්ෂණය කර ඉදිරි ජීවිත කාලයට යහපත් පදනමක් දමා ගැනීමට  මෙය මහගු හා කදිම අවස්ථාවකි.

කොත්මලේ සෙනෙවිරත්න
071 400 7494
011 564 7564












Monday, April 29, 2019

අප්‍රේල් ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණා ?

ඔබේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබට බලපාන තත්වයන් කුමක් ද ?



අපගේ රටටත් මුළු මහත් මිනිසත් බවටත් එල්ල වූ ඒ බරපතල මිලේඡ්ච ප්‍රහාරයෙන් විපතට පත් සෑම සියළු දෙනාටම පළමුව ම අපගේ බලවත් ශෝකය හදවතින්ම පිළිගන්වමු !

යුධයක හෝ කිසිදු අයුරකින් අස්ථාවර තත්වයක් ගැන අප කිසිම අයුරකින් දැන නොසිටි මොහොතක ශාස්ත්‍රාණුකූලව කළ ගවේෂණයකට අනුව ඉදිරිපත් කළ අනාවැකියකට හසුවූයේ රටේ යම් අයුරකින් පැන නැගිය හැකි මිලේච්චත්වයක සේයාවකි. මෙවර අවුරුදු පලාපල ජනතාවට රට ගැන ඉදිරිපත් කළේ පහත පරදිය - 2019 අප්‍රේල් 8 දින මෙම අනාවැකිය අපගේ වෙබ් අඩවියෙහි පල කළත් එය මාර්තු මස අග භාගයේදී අපගේ ශාස්ත්‍ර පරික්ෂාවේ දී අනාවරණය කරගත් තතත්වයකි.



2019 අප්‍රේල් 08 දින පහත දක්වා ඇති වෙබ්අඩවියෙහි පලකර ඇත



අනාවැකියේ කොටසක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් අර්බුදකාරී තත්වයන් ද මේ කාලය තුල ඉස්මතුවේ. විදේශගතව බලපාන පුළුල් පීඩාකාරී තත්වයන් හා සතුරු බලපෑම් ඇතිවීමටද අවකාශ ඇත. 2020 මුල්භාගය වන විට රටට සුභදායක හා යහපත් කාලයක් උදාවීමට නියමිතය. අර්ධ වශයෙන් බලපාන කාලසර්ප යෝගයක් ද මෙදා අවුරුදු උදා නැකතේ යෙදී පවතී. මේ නිසා සමාජය තුල ආරෝපිත වී ඇති වෛරය, ක්‍රෝධය ඉදිරි කාලය තුල යළිත් යම් තරමකට ඉස්මතුවිය හැකිය.”

Friday, April 12, 2019

2019 බක් මාසයෙන් ඇරඹෙන සිංහල හින්දු                      අලුත් අවුරුදු ලග්න පලාපල කියවන්න.




Tuesday, January 22, 2019

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?

සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඉන්නේ කොතැන ද ?         තැන අනුව දෙන පල මෙන්න !



  • සඳු යනු පෘථිවියට අයත් ග්‍රහයෙකි. උපදින සෑම කෙනෙකුටම හිමි වන නැකතක් ඇත. එනම් යමෙක් උපදින මොහොතේ සඳු ග්‍රහයාගේ ගමන අනුව පවතින නැකතක් ඇත. විශ්වයේ බෙදීම් අනුව නැකැත් 27 කි. ඉන් එක් නැකතක් ඒ ඒ වෙලාවට උපදින අයට උපන් නැකත ලෙස හිමි වේ. සඳු ගේ ගමන අනුව සඳු ග්‍රහයා ගමන් ගන්නා ස්ථානය අනුව නැකැත් චක්‍රය බෙදා ඇත. 
  • කෙනෙකු උපත ලබන වේලාවේදී සඳු ගමන් කරන ස්ථානය චන්ද්‍ර ස්ඵූටය වේ. ඒ අනුව කෙනෙකුට උපන් නැකත ජෝතීර්වේදියා විසින් ගණන් බලා සකසා ගනී. සඳු ග්‍රහයා ගමන් කරන නැකත අනුව ජන්මියාට හිමි මහදශා තීරණය වේ.
  • සඳු ග්‍රහයා ද අන් ග්‍රහයින් මෙන් ම ගමන් කරන ස්ථානය අනුව විවිධ ගති පැවතුම් ඉස්මතු කරවයි. යම් මොහොතක උපදින අයට ඒ  ඒ ගමන් ස්ථානය අනුව සඳු ගෙන් ඉස්මතු කරවන ගති පැවතුම් ජන්මියා තුල ද ඉස්මතු කරවයි. 
  • භාවයක් එනම් රාශියක් අංශක තිහකින් (30) යුත් කොටසකි. භාව දොලස හෙවත් රාශි දොලස ම අංශක 30කින් යුත් කොටස් දොළහකි. සඳු හෝ කුමණ ග්‍රහයෙකු වුවද මේ රාශි 12 තුල ගමනේ යෙදේ. එනම් එක් රාශියක් තුල එනම් අංශක 30 තුල  එක් එක් අංශකය බැගින් අංශක 30ක් ගමන් කරයි. එවිට ඒ ඒ අංශකයේ දී ද ග්‍රහයෙකුගේ බලය විහිදු වීම යම් යම් වෙනස්කම් පෙන්වයි. ඒවා ජන්මියාට බලපාන අයුරුද ඒ ඒ ලෙස අධ්‍යයන්යන්ගෙන් ම හඳුනා ගත යුතුය
  • අප මේ ඔබට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ  සඳු ගමන් කරන නැකැත් 27 අනුව පලාපල නම් නොවේ. සඳු ග්‍රහයා කෙන්ද්‍රයේ භාව දොළොසේ ගමන් කරන විට ඒ ඒ භාවයන් තුල පෙන්වන පලාපල වේ. එනම් ඔබ කළ යුත්තේ ඔබේ කේන්ද්‍ර යේ  සඳු ඉන්නේ කොතැනද කියා බලා පලාපල ග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා දක්වා ඇති ආදර්ශ රූප සටහන තුලින් වටහා ගන්න.

                                          
ඉදිරියට ගොස් කියවන්න ≥≥≥

Monday, January 21, 2019

“ජීවිතයට ජ්‍යෝතිෂය සරලව”  (දුරස්ථ පාඨමාලාව)

පහසුවෙන් හා සරල ලෙසින් අධ්‍යයනය කර ඉගෙන ගත හැකි ලෙස සැකසූ පාඩම් මාලාවකි. නිබන්ධන, සරල උදාහරණ සහිත ව පියරෙන් පියවර සෑම අවස්ථාවක්ම. අවශ්‍යම දේ ඕඩියෝ වීඩියෝ මාර්ගයේ පැහැදිලි කිරීම.  නිවසේ සිටම නිදහසේ ඉගෙන ගතහැකි මනාව සැකසූ ජීවිතයට ඉතාමත් උපයෝගී ලෙස සකසා ඇත.

දුරස්ථ පාඨමාලවක් වන මෙම ජෝතීෂය පාඨමාලාව ඔබේ ජීවිතයට ඉතාමත් සමීපත ම ලෙස සකසා ඇත. ඔබ බලාපොරොත්තු වන දැනුම ඔබ ම ප්‍රායෝගිකව යොදා ගන්නා තෙක් ම අප ඔබට විවිධාකාරයෙන් දැනුම ලබා දීමට ද සැලසුම් කර ඇත.


සියළු විමසීම් 077 243 2 943 (ලක්ෂ්මන් මහතා)

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට
  • ඔබේ  මෙන්ම පවුලේ අයගේ කේන්ද්‍ර පරික්ෂා කර ගැනීමට හැකිවීම
  • බල දුබල තා හඳුනා ගැනීම හා  එ්වාට පිළියම් යෙදීම කළ හැකි වීම 
  • ස්වයං රැකියාවක් ලෙස හෝ අමතර ආදයම් මාර්ගයක් ලෙසට වෘත්තියෙහි යෙදිය හැකි වීම
  • නියමාකාරයෙන් ජීවිතය ගැන වැටහීමක් ලබාගත හැකිවීම
  • ඔබේ වැදගත් කටයුතු වලදී ශුභ මුහුර්ථයක් සකසා ගත හැකි වීම
  • නිවසේ සාමය සතුට  හා ආර්ථික සමෘද්ධීය ලබාගෙන ස්ථාවරත්වයක් පවත්වා ගත හැකි වීම
  • ස්වභාවධර්මයේ මෙන්ම දේවාරක්ෂාව ආශිර්වාදය ලබාගෙන කටයුතු කළ හැකිවීම
  • නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ශාස්ත්‍රීය ලෙස කටයුතු කළ හැකි වීම 
  • ජීවිතය ගැන මනා වැටහීමක් තුලින් සැලසුම් සහගත බවක් ලැබීම
  • ජ්‍යොතිෂයේ ඉතිහාසය හා ඒ තුල ඇති විද්‍යාත්මක පැතිකඩ ඔබට ම ස්පර්ෂ කළ හැකිවීම



01. ඔබට ලග්නයක් ලැබෙන්නේ කොහොම ද ?

i.    උපන් වේලාව අනුව ලග්නය සාදාගන්නා අයුරු.

ii.   එම ලග්නය ලැබෙන අයුරු විද්‍යාත්මක ස්වභාවය පැහැදිලිව.

iii.  ඒ ඒ ලග්නයට හිමි ගති පැවතුම්.

iv.  ලග්නය දුර්වල වන්නේ කොහොමද ? සුභ වන්නේ කොහොමද?

v.   බලය අඩු වූ හෝ අසුභ වූ ලග්නය සුභදායී කරගන්නේ කොහොමද?


02. කේන්ද්‍ර සටහනක ග්‍රහයින් පිහිටුවන්නේ කොහොම ද ?

i.    රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු ආදි ග්‍රහයින් කොටු දොළස තුල පිහිටුවන අයුරු

ii.   ඒසේ ග්‍රහයින් පිහිටු වීමට අනුගමනය කළ යුතු පියවරෙන් පිියවර සරලව 

iii.  ලග්නයකට අධිපති ග්‍රහයෙක් ඇත. එය දැනගන්න

iv.  ලග්ණාධිපති ග්‍රහයා ඒ ඒ කොටු තුල දී ඇති කරන පල විපාක 

v.   භාව දොළස තුල ග්‍රහයින් ගේ හැසිරීම හා පල විපාක


03. නවාංශක කේන්ද්‍රය කියන්නේ මොකක් ද? නවාංශක කේන්ද්‍රයේ ග්‍රහයින් පිහටුවන්නේ කොහොම ද ?

i.    නවාංශකය කියන්නේ මොකක් ද පියවරෙන් පියවර

ii.   නවාංශක තුල ග්‍රහයින් පිහුටුවන්නේකෙසේ ද? සරලව 

iii.  සඳු ග්‍රහයා ගේ ඇකි බලය ජීවිතයට වැදගත් ද? නවාංශකය තුල සඳු පිහිටුවන අයුරු 

iv.  උපන් නැකත, ගණ, යෝනි, ලිංග, ආදි තොරතුරු සොයා ගන්නේ කොහොමද ? 


04. දශාව මහ දශාව කියන්නේ මොකක් ද ? ඒ ඒ උපන් වේලාවන්ට අනුව දශා මහදශා සොයාගන්නේ කොහොම ද ?

i.    ඔබ උපන් දශාව සොයාගන්නේ කොහොම ද ?

ii.   ඔබ දැනට ගත කරන දශාව මොකක් ද සරලව 

iii.  ඔබට පල අඩු සහ පල වැඩි දශා මොනවාද ?

iv.  අසුභ දශාවල කළ යුතු පිළිවෙත් ? සරලව මනෝ වද්‍යාත්මකව 


05. අධ්‍යාපනය / උසස් අධ්‍යාපනය ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


06. විවාහයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


07. ගෘහ ජීවිතයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


08. දේශපාලනයට ඉවහල් වන ජ්‍යෝතිෂය කරුණු ? දුර්වල නම් කෙසේ ක්‍රියා කළ යුතුද?


09. රාජ යෝග දැනගන්නේ කොහොම ද ? රාජ යෝග තිබුණට පල නොදෙන්නේ ඇයි ? හේතු විද්‍යාත්මකව හා සරලව


මෙම පාඨමාලාව හදාරා අවසන් කළ සැමට වාස්තු විද්‍යාව, ශුභ මුහුර්ථ සහ ශාන්තිකර්ම පිළිබඳව ද හැදෑරීමට අවශ්‍ය නම් හැකියාව ඇත.


Wednesday, November 7, 2018

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි

මානව ශබ්දයට ඇත්තේ අප්‍රමාණ වූ මහා බලයකි. ශබ්ද බලය මැනවින් යෙද වූ කල්හී යහපතක් ද නොමනා අයුරින් යෙදවූ කල්හී අයහපතක් ද නිර්මාණය වේ.
මැනවින් ශබ්ද ශාස්ත්‍රය උපයෝගීත්වයෙන් පෙර දවස මෙන්ම අද දවසෙහිද ජීවිතයට යහපතක් උදා කරගන්නෝ බොහෝ වෙති. ගුප්ත විෂයයන් නිසාවෙන්ම සමාජය තුලට මේවායෙහි රහස් හරි හැටි සෘජු ලෙස අනාවරණය නොවේ.

එවන් දවසක අප යත්න දරණුයේ මේ ගුප්ත ශබ්ද බල රහස් ක්‍රම යොදාගෙන මිනිසුන්ගේ පාපයන් දුරුකොට පින් බලය තහවුරු වන පරිදි සෙත්කවි ශබ්ද බලයෙන් දහසකුත් එකක් දුක් කරදර කම්කටොළු සමනය කරවීමය.

මතක තබා ගන්න නිවැරදි ලෙස ගන පිහිට වූ වාග් මාලාවකට ඇත්තේ අපරිමිත වූ බලයකි. එය නිතර නිතර භාවිතයෙන් ඔබේ ජය තහවුරු කරගන්න.



Monday, August 7, 2017



12 මීන ලග්නය  2017 නොවැම්බර්

මීන ලග්නයට

මීන රාශි හිමියන්ගේ කේන්ද්‍රයේ 7 වැන්නට කුජ ග්‍රහයා පැමිණ සිටී. නොවැම්බර් මාසය පුරාවට කුජ සතුරු රාශියක් වශයෙන් 7 වැන්නේ ගමන් කරන බැවින් ඔබ බොහෝ ප්‍රවේශමෙන් තම කට වචනය පාලනය කර ගැනීමට උනන්දු වන්න. නොවැම්බර් මාසය තුල ඔබේ කට වචනය නිසා ඇති විය හැකි සතුරු කරදර තත්වයක් බලපෑ හැකිය.

රැකියාව ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල සමස්ථයක් වශයෙන් යහපත් හා ගුණාත්මක ප්‍රතිපල ලබා ගැනීමේ වාසනා ගුණයක් ඇත. ඇතැම් විට ආකල්පමය ප්‍රශ්ණ මැද පැවති ආයතනයක් නම් එහි අනෙක්  අය සම සහයෝගයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. ජලය හා සම්බන්ධව කටයුතු කරන අයද විශේෂයෙන්ම නාවුක හා ජල ක්ෂේත්‍රයෙහි නියැලී සිටින අය මේ කාලය තුලදී බොහෝ ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. නොසිතූ විරූ ආකාරයෙන් හදිසි අනතුරු ඇති විය හැකිය. ඔබ පුළුල් ආකාරයට මිල මුදල් කටයුතු වල නිරත වන කෙනෙකු නම් මේ මාසය තුලදී සොරසතුරන්ගෙන් ප්‍රවේශම් වීම සහ තමන් අතින් සිදු විය හැකි අත් වැරදි පිළිබව අවබෝධයෙන් කටයුතු කරන්න. එසේම රාත්‍රී කාල වලදී ගමන් බිමන් යන අය බොහෝ ප්‍රවේශමෙන් ගමන් බිමන් යාම යහපත් වේ. අළුත් දෙයක් කිරීමට අදහසක් ඇත්නම් අළුත් ප්‍රවේශයකට කැමැත්තක් ඇත්නම් ඊට අවශ්‍ය ඉදිරි පෙළගැස්මක් මේ කාලය තුලදී සිදු විය හැකිය. නිර්මාණ කරණයෙහි නිරත වන අයට නව නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ කාලය තුල ලැබේ. ගුරු හා සිකුරු 8 සහ 9 ස්ථාන වල ගමන් කිරීම නිසා විදේශගතව අධ්‍යාපන කටයුතු වල නිරත වන කෙනෙකු නම් ඔබට විශේෂ වාසි දායක සහ යහපත් වූ පසුබිමක් මේ කාලය තුල ගොඩනයි.

ගෘහ ජීවිතය
සමීපයෙන් ඇසුරු කරන කෙනෙකු නිසා යම්කිසි අමනාප මතභේද ඇතිවීමේ අවකාශ ඇත. යානවාහන පිළීබව බලාපොරොත්තු ඇති කෙනෙකු නම් ඒ සහා සුදුසු කාලය මේ කාලය තුල ගලපා ගත හැකි බවක් පෙනේ. වස විෂ ශරීර ගත වීමට අවකාශ ඇති බැවින් තම කෑම බීම වලින් සහ අනවශ්‍ය තැන් වලින් කෑම ගැනීමෙන් වලකින්න. පිටරට ජීවත් වන මිතුරෙකු හෝ වැඩිහිටියෙකු ඔබට උදව් පදව් කිරීමට අවකාශ ඉඩ කඩ සැලසේ.

රෝග පීඩා
උදරයේ ඇති වන අම්ලකර රෝග තත්වයන් ඇති වේ. තවද මූත්‍රා රෝග වැනි තත්වයන් ඇති වීමටද අවකාශ ඇත. ඌශ්ණ අධීක ආහාර පාන වලින් ප්‍රවේශම් වන්න. ජලයේ ජීවත් වන සතෙකුගෙන් අනතුරක්  ඇති වීමේ අවකාශ ඇත.

දශානු දශා තත්වයන්
රවි,කුජ,රාහු දශානු දශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ.අනතුරු හා ධනහානි තත්වයන් ඇති වේ. සතුරු කරදර සහිතය. බුධ,සිකුරු,ගුරු දශානු දශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල  ජයග්‍රහණ වලට ඉඩ කඩ සලසයි.අඹු දරුවන් අතර ප්‍රීතිමත් ආරංචි මාර්ග අසන්නට ලැබේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 6,7.8 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු ඇරඹෙන කාලය තුල ලාභ ප්‍රයෝජන තත්වයන් බලපාන බවක් පෙනේ.

   

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල....

Best astrology service in Sri Lanka. Best astrologers in Sri Lanka. Horoscope matching, making horoscope, 
Sri Lanka, nature of Sri Lanka, 

ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




11 කුම්භ ලග්නය  2017 නොවැම්බර්


කුම්භ ලග්නය
කුම්භ රාශිය මුල්කොට උපත ලැබූ ඔබේ ජන්ම කෙන්ද්‍රයේ ශනි ග්‍රහයා 11 වැන්න වූ අයස්ථාන ගතව බලවත් වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් සැලකේ. ඔක්තෝබර් මස 26 වන දින පටන් එම විශේෂ ග්‍රහ තත්වය පිහිටා තිබීම තුලින් ඔබට වාසනා ගුණයක් උදා කර දීමට හැකියාව සැලසේ.

රැකියාව හා ආර්ථිකය
ඔක්තෝබර් මාසය පුරාවට ඔබේ ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ කුජ ග්‍රහයා හැසිරීම යම් ආකාරයකට අසුභපල ගෙන දීමට නියමිතය. අවිආයුධ දරණ අය සහ ගැඹුරු ස්ථාන වල කටයුතු කරන අයට ද ගින්දර හා වස විෂ හා සම්බන්ධ කටයුතු කරන අයට ද මේ කාලය තුල බොහෝ ප්‍රවේශම්විය යුතුය. හදිසි අනතුරු සහ බොහෝ මාරක විපත්ති ඇති කිරීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ  6 සහ 8 වැන්නේ පාපයින් ගමන් කරන මේ කාලය සෙනසුරුගේ මාරුවක් සිදු වී තිබීම නිසා සතුරු කරදර සහගත  තත්වයක් ඇති වීමට ද අවකාශ ඇත.  ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකු නම් ඔබට රැකියාවක් හෝ යම්කිසි ආදයම් මාර්ගයන් විවර කර ගැනීමට මේ කාලය තුල ඉඩකඩ සැලසේ. රෙදිපිළි විලාසිතා සහ කලා කටයුතු කරන අයගේ දියුණුව උදෙසා යහපත් ගමන් මාර්ගයන් විවෘත්ත වීමකට මේ කාලය තුල ඉඩකඩ සලසයි. එසේම මොස්තර නිරූපිකාවන් වැනි සෞනදර්යමය ක්ෂේත්‍ර වල නිරත වන අයට යහපත් පුළුල් ආදායම් මාර්ග උදා කර ගත හැකිය. එබු ආයතන වල සේවය කරන අයට ද යහපත් වූ අත්දැකීම් වලට අවකාශ සලසයි.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහා මේ කාලය තුල සුභදායක වේ. මංගල යෝග උදා වීමක් සහ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම වැනි ප්‍රීතිමත් අවස්ථාවන් මේ කාලය තුල බලපාන අතර විශේෂයෙන්ම නොවැම්බර් 20 ගණන් වලදී වඩාත් සතුටුදායක අවස්ථාවලට සහභාගී වීමේ අවකාශ සැලසේ.  ඇතැම්විට ඔබ කුම්භ ලග්නය මුල්කොට උපත ලබා තිබීම නිසා විදෙස් ගතව සිටින කෙනෙකු හා සම්බන්ධ වී යම්කිසි ව්‍යාපාර අරමුණක් ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසේ. විශේෂයෙන්ම දෙදෙනාම කුම්භ ලග්නයට සම්බන්ධ වී සිටි අඹු සැමියන් වෙතොත් ඔවුන් සඳහා මේ දුර්ලභ ඝණයේ අවස්ථාව වඩාත් යහපත් ලෙස යොදා ගත  හැකිය. සුන්දර වූ වාසස්ථානයන් මිල දී ගැනීමක් හා කලා ක්ෂේත්‍රය තුල නිර්මාණ කටයුතු වලට ද මේ කාලය තුල විශේෂ යහපත් හා ගුණාත්මක බවක් ඉස්මතු වේ.

රෝග පීඩා
දියවැඩියාව, වකුගඩු රෝග සහ ලේ නහරගතව බලපාන ඇතැම් රෝග වලට ගොදුරු විය හැකි මේ කාලය තුල දණහිස් ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් පවතින අය තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිබව බොහෝ  අවබෝධයෙන් කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

කුජ, රාහු හා ගුරු දශානු දශා තත්වයන් පවතින අයට  හදිසි අනුතුරු ආපදා සහ ලෙඩ රෝග වැනි තත්වයන්ගෙන් ආරක්ෂා වී කටයුතු කරන්න. බුද, සිකුරු, ශනි සහ සුගේ  දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග උදා වීම මිලමුදල් ලැබීම හා රැකියා ක්ෂේත්‍රයෙහි ජයග්‍රහණ සහා ඉඩකඩ වාසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11, 12 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු බොහෙවින්ම සිත්තැවුල්  හා කරදරකාරී මෙන්ම ධනහානි තත්වයක් ඇති වීමේ අවකාශ පවතී.

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

10 මකර ලග්නය  2017 නොවැම්බර්


මකර ලග්නය
මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්නට පැමිනීමෙන් වසර 7 ½ ක ඒරාශ්ටකයක් ඔක්තෝබර් මස 26 වන දින සිට ආරම්භ කර ඇත. ඔබේ  ලග්නාධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සෙනසුරු ග්‍රහයා ගුරුගේ රාශි ස්ථානයකට පැමිණීම පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවක් මෙහිද ී අවධාරනය කළ යුතුය

රැකියාව හා ආර්ථිකය
සිකුරු ග්‍රහයා ඔබේ ජනම් කේන්ද්‍ර යේ 10 වැන්නේ බලවත් වීම විශේෂ මාලවී යෝගයක් වශයෙන් සැලකිය යුතුය. එය සරස්වතී යෝගයක් වශයෙන් දරුවන්ගේ අතුරු කියවීම සඳහා යොදා ගත හැකි වේ. කලා ක්ෂේත්‍ර යෙහි මෙන්ම  කාන්තාව නියෝජනය කරන රැකියා කටයුතු වල නියැලෙන කොයි කාටත් පුළුල් යහපතක් උදාකළ හැකි තත්වයක් මේ නොවැම්බරයේ දී බලපායි. කෙසේ වෙතත් බුද, සිකුරු ආදී ග්‍රහයින් බලවත් වීම කරණකොට ගෙන මකර ලග්න හිමියන්ට යස ඉසුරු සැපසම්පත් ළඟාකර ගත හැකි තත්වයක්  මේ නොවැම්බර් මාසය තුලදී උදා කරයි. ස්ථානගත වෙනස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට යහපත් වැඩපිළිවෙලක ආරම්භය මේ කාලය තුල සිදුවිය හැකිය. 7 වැන්නේ දුබල වූ  ග්‍රහ තත්වයක් බලපාන මේ කාලය තුල විෂකුරු සතුන්ගෙන් ප්‍ර වේශම් වීම සහ ජලයෙන් විපත්ති ඇතිවිය හැකි බැවින් ජලාශ්‍රිතව රැකියා වල නිරත වන මකර ලග්න හිමියන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් සිතීමට අවශ්‍ය කාලයකි. ශනි ඒරාශ්ටකයේ මුල් අවස්ථෘව ජලයෙන් විපත් ඇතිවීමේ ඉඩකඩ භහුල බවක් පෙනේ.

ගෘහ ජීවිතය
දූ දරුවන්ගේ යහපත හේතුවෙන් යම්කිසි සතුටක් වින්දනයක් මේ කාලය තුල බලපායි. විශේසයෙන්ම අධ්‍යාපන ජයග්‍රහණ සහ රැකියා ක්ෂෞත්‍රය තුල ඇති වන යහපත් තත්වයක් මේ කාලය තුල උදාවිය හැකිය. නැතහොත් විවාහ මංගල්‍යයක් කරණකොට ගෙන ඇතිවන ප්‍රීතිමත් අවස්ථෘවක් මේ කාලය තුල උදා වේ. ඔබ ඉඩකම් මිල දී ගැනීමට බලාපොරෙතාතුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුලදී සතුරු කරදර බලපෑම් වලට ඉඩකඩ පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් ඔබ ඉඩකඩම් මිල දී ගන්නේ නම් ඒ ඉඩම ආසන්නයේ සිටින අය පිළිබඳව උනන්දුවෙන් සිතන්න, සොයා බලන්න. ඔබට ඔවුන්ගෙන් දැඩි පීඩාකාරී තත්වයක් ඉදිරි කාලය තුලදී ඇතිවිය හැකිය. යාන වාහන මිල දී ගන්නා අයට  

රෝග පීඩා
සෙම් රෝග ආදිය කිපීමෙන් ඇතිවන ඇතැම් රෝග පීඩා වලට ද එසේම දණහිස් තුනටිය ආශ්‍රිතව සන්ධිස්ථාන ගත රෝග ද මේ කාලය තුල භහුලව බලපාන බවක් පෙනේ. විශේෂයෙන්ම වැසි සහිත අවස්ථාවලදී ඇතිවන අනතුරු ආදිය පිළිබඳව බොහෝ ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

රාහු, කුජ හා රවිගේ දශානුදශා තත්වයන් පවතින අයට යම් යම් අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයක් මෙන්ම අවමාන සහගත තත්වයන් ඇති විය හැකිය. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ලැබීම් සහ රැකියා ක්ෂේත්‍රෙයහි යහපතක් උදා වීමට මේ කාලය තුල අවකාශ ඇත. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 8, 9, 10 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු පවතින කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් අඩු වී යන බවක් පෙන්වයි. නොවැම්බර් 16 දක්වා කාලය තුල කිසිම අලුත් යමක් ඇරඹීමට සුදුසු නොවන බවක් පෙනේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




9 ධනු ලග්නය  2017 නොවැම්බර්


ධනු ලග්නය
ධනු රාශිය හිමි ගුරු ග්‍රහයා නොවැම්බර් මාසය තුලදී  තුලා රාශියෙහි සංක්‍රමණය වේ. එසේම ගුරුගේ සතුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන සිකුරු ග්‍රහයා ද තුලා රාශියෙහි ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වේ.

රැකියාව හා ආර්ථිකය
ඔබේ ලග්නයට සෙනසුරුගේ සම්ප්‍රාප්තියක් සිදු වී ඇත. එනම් ශනි ඒරාශ්ටකයක් වශයෙන් ඇරඹෙන මේ කාලය ඉදිරියට වසර 2 ½ ක් පමණ පවතී. මේ ශනි ඒරාශ්ටකය ධනු ලග්න හිමියන්ට එතරම් බියවිය යුතු කාරණවක් නොවේ. රැකියා ක්ෂේත්‍රය තුල ගුණ යහපත් කම් ඉස්මතු  කරගත හැකි ශනි ඒරාශ්ටකය තුල ඇතැම්විට රැකියාවෙහි සුළු සුළු බාධාකාරී තත්වයන් ද ඇතිවිය හැකිය. කෙසේ වෙතත් ඔබට නොවැම්බර් මාසය තුල සමස්ථ ආර්ථිකයෙහි සතුටුදායක තත්වයක් පවත්වා ගෙන යාමට වාසනාවක් ඇත. ඇතැම්විට ඉදිරියට පැමිණෙන සතුරු කරදර තත්වයක් පැවතුනත් තම ස්ථාවරය මත කිසිම දෙයක් බිඳ හෙළීමට ඔවුන්ට අවස්තාව නොසැලසේ. ව්‍යාපාර ක්ෂේත්‍රය හා කලා ක්ෂේත්‍රයට විශේෂයෙන්ම සුභපල උදා කරයි. සංගීතය කලාව හා නිර්මාණ කටයුතු වල නිරත වන ධනු ලග්න හිමියන්ට තම ව්‍යාපාර අරමුණු උදෙසා කාර්යභහුල ජීවිතයක් ගත කිරීමට සිදුවේ. ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකුනම් නොවැම්බර් 16 න් පසුව යහපත් හා ගුණාත්මක දියුනකණුවකට වාසනාව සැලසේ. එනම් ස්ථාන මාරුවක් හෝ පදවි වෙනස් වීමක් හෝ නව රැකියා ප්‍ර වේශයක් සිදුවිය හැකිය.

ගෘශ ජීවිතය
ගුරු සිකුරු බලවත් වීම තුල සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලය ලැබූ බැවින් ගුරු පරාජිත ග්‍රහයෙක් බව පෙනේ. මේ නිසා මංගල යෝග නිශ්පල වීම සහ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටීමක් හෝ අධික සිත්තැවුල් මේ කාලය තුල ඇති වේ. කට වචනයෙන් විවාදාත්මක අවස්ථාවන්ට  ඉදිරිපත් නොවී සිටීමට වගබලා ගන්න. මිල මුදල් ක්ෂේත්‍රය පිළිබඳව යම් ගැටළු පැවතුනත් එය බුද්ධියෙන් විසඳා ගැනීමට කටයුතු කරන්න. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ධනු ලග්න හිමියන්ට නොවැම්බර් 15 වන දිනට පසු ඒ සඩහා යොමු වන්නේ නම් ඉතා ප්‍ර වේශමෙන් ඒ කටයුතු වලට යොමු විය යුතුය. බොහෝවිට නොවැම්බර් 16 වන දිනට පසු කරන කටයුතු අසාර්ථක වී යා හැකි බව පෙනේ. යාන වාහන මිල දී ගැනීම් වැනි කටයුතු සඳහා නොවැම්බර් 16 ට පසු යම් තරමකට අසුභ බවක් පෙනේ.

රෝග පීඩා
බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි ඇතැම් රෝග පීඩා තත්වයක් ද උදරගතව ඌෂ්ණාධික බව හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්වයන් ද මේ කාලය තුල බලපායි. කෑම බීම වලදී බොහෝ දුරට ප්‍ර වේශම් වන්න.


දශානුදශා තත්වයන්
රාහු ගුරු හා ගුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට රෝග පීඩා ධනහානී සහ අසුභපල වලින් සමන්විත වේ. සිකුරු හා බුද දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි විශේෂ ජයග්‍රහණ උදා කරන බවක් පෙනේ. ශනි හා සඳු ගේ දශානුදශා තත්වයන් පවතින අයට පොළොව හා සම්බන්ධ වස්තු ලාබ සහ හදිසි වස්තු ලාබ ලබා ගැනීමේ වාසනා ගුණයක් උපදවයි. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ දන්ද්‍රයා 9, 10 , 11 ස්ථෘන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දිනට පසු යහපත් කටයුත්තකට සිත යොමු කිරීමට සිදුවන බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....



8 වෘශ්චික ලග්නය  2017 නොවැම්බර්


වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ ලගනාධිපති ග්‍රහයා වශයෙන් සලකෙන කුජ ග්‍රහයා නොවැම්බර් මාසය පුරාවටම පාහේ කන්‍යා ලග්නයේ ගමන් කරයි. එනම් නොවැම්බර් මස 30 දක්වාම කන්‍යා රාශියේ සතුරුව ගමන් කරයි. කුජ හා බුද අතර  යෙදුණු පරිවර්ථන යෝගයක් ද උදා කරමින් බලපාන මේ ග්‍රහ තත්වය තුල ඇතැම්විට වෛරස් රෝග ආදිය සහ ලේ විෂ වීම් ආදී රෝග වලට ගොදුරු වීය හැකිය. තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිඳව අවබෝධයෙන් කටයුතු කරන්න.

රැකියාව හා ආර්ථිකය
වෙහෙස මහන්සියෙන් හා ශ්‍රම ශක්තියෙන් ජීවිකාවන් ගෙවෙන වෘශ්චික ලග්න හිමි ඔබට විශේෂයෙන්ම රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි තහවුරු වීමකට හෝ ස්ථාවරත්වයකට පත් වීමට හැකි ග්‍රහ තත්වයක් බලපායි. ඔබ විදෙස්ගත වීමට අපේක්ෂා කරන කෙනෙකු නම් ඔබේ බලාපොරොත්තු ඉටු වේ. සිකුරු බලවත් වූ රාශි ස්ථානයක ගමන් කිරීම නිසා පිටස්තර කෙනෙකුගේ සහයෝගයෙන් ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ කාලය තුල අවකාශ සැලසේ. හදිසි ධනලාභයක් ආකාර වූ බලාපොරොත්තු වූ මුදලක් ලැබීම නිසා ආර්ථිකයෙහි යම්කිසි සවිමත් බවක් හා ස්ථාවර බවක් ඇතිවිය හැකිය. ශනි ඔබේ ලග්නයෙන් 2 වැන්නට ගමන් කොට සිටීම මේ කාලය තුල සෙනසුරුගේ ඒරාශ්ටකයක්ද බලපාන අතර ගේ දො ඉඩකඩම් හා සම්බන්ධ රැකියාවන් හී වෘත්තීන් හී නිරත වන අයට අලාභහානි සතුරු කරදර සහ සිත්තැවුල් සහගත තත්වයන්  ඇතිවිය හැකිය. මැණික් ගැරීම් වැනි පොළොව හා සම්බන්ධව කටයුතු කරන අයට ද එසේම සොර සතුරු උපද්‍රව හා වංචා කාරයින්ගෙන් සතුරු කරදර ඇතිවිය හැකිය. නොවැම්බර් 16 වන දිනට පසුව නීතිමය කරදර හා යම් උපද්‍රවකාරී තත්වයන් හා බලාපොරොත්තු කඩවීම් වලට ඉඩකඩ සලසන තත්වයක් ඇති වේ. රැකියා ක්ෂේත්‍රය තුල  තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට උනන්දු වන්න. ඇතැම්විට පාවා දීම් වැනි තත්වයන් මේ කාලය තුල සිදුවිය හැකිය.

ගෘහ ජීවිතය
ඇතැම්විට ගෘහ ජීවිතය තුල සතුට , සෙනෙහස හා සංහිඳියාව නැති වී යන තත්වයක් බලපායි.  විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුල යම් සතුරු බලපෑමක් තුල බලාපොරොත්තු කඩවීමකට මග සලසයි. නැතහොත්  යම් විශ්වාසයෙන් සිටින කෙනෙකුගෙන් ඇත් වීමට තුඩුදෙන තත්වයක් බලපායි. ඔබ ඉඩකඩම් ගේ දොර මිල දී ගැනීඹට උනන්දු වන කෙනෙකු නම් ඔබට හොඳ අවස්ථාවක් මේ කාලය තුල උදා වේ. සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණ බලවත් වී සිටින මේ කාලය තුල කුජ බුද අතර පරිවර්ථනයක් යෙදී තිබීම හේතුවෙන් වස්තු ලාභ වැනි තත්වයන් ඉස්මතුවිය හැකිය වුවත් සතුරු ග්‍රහයින්ගේ බලපෑම් වලින් යුත්ත බැවින් තම තමන්ගේ ග්‍රහ අපල මැඩපැවැත් වීම සඳහා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආගමික වතාවත් වැනි දේ වලින් සිත සමනය කර ගන්නා කරන කටයුතු වල යෙදීමෙන් බොහෝ දුරට අකුශලකර්ම වලට ගොදුරුවිය හැකිය.   

රෝග පීඩා
ලේ විෂ වීමෙන්  ඇතිවන ඇතැම් රෝග පීඩාද සතා සිවුපාවුන්ගෙන් ඇතිවිය හැති අනතුරු සහගත තත්වයක් ද මේ කාලය තුල බලපෑ හැකිය. එසේම ජලය හා සම්බන්ධ ව සෙම් රෝග ආදී ඇතැම් රෝග පීඩා වලට ගොදුරුවිය හැකි අතර ජලය විදුලි වැනි දේ වලින් හදිසි අනතුරු තත්වයන් බලපෑ හැකිය.

දශානුදශා ත්වයන්

රවි රාහු දශානුදශා තත්වයන් පවකින අයට තරමක උපද්‍රවකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට යහපත් හා ගුණාත්මක රැකියා ලාභ හා ස්ථානගත ලාභ ප්‍රයෝජන ආදිය ලබා ගැනීමේ වසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11 හා 12 ස්ථාන වල සිටියේ නම් ඔබට මේ නොවැම්බර් මාසය 16 දිනට පසු මෙතෙක් පැවති කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් දුරු වී යන තත්වයක් බලපායි. ඉදිරි කාලය තුල බලාපොරොත්තු ඉටුකර ගැනීමකට තුඩුදෙන කිසියම් වෙනස් වීමකට මේ කාලය තුලදී කෙනෙකුගෙන් උදව් උපකාර ලබාගත හැකි බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




7 තුලා ලග්නය  2017 නොවැම්බර්


තුලා ලග්නය
තුලා ලග්නයට අධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා ස්වකීය බලවත් රාශියක  නොවැම්බර් 2 දින ගමන් කරයි. නොවැම්බර් 2 වන දින සිට සරස්වතී යෝගයක් උදා වේ. බුද්ධිමය කටයුතු වලට ඉදිරිපත් වන තුලා ලග්න හිමියන්ට විශේෂ සුභපලදායක ජයග්‍රාහී තත්වයන් ඉදිරි කාලයේ දී බලපායි.

රැකියාව හා ආර්ථිකය
බුද්ධිමය වශයෙන් ජයග්‍රහණ සඳහා ඉදිරිපත් අයට විශේෂයෙන් මේ කාල සීමාව සුභදායකය. තරඟකාරී අංශවලට ඉදිරිපත් වන අයට ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමකට අවකාශ  සැලසේ. හිතවතුන්ගෙන් හා නෑදෑයින්ගෙන් ආශිර්වාදය ලැබිය හැකි යම් ජයග්‍රාහී අවස්ථාවක් මේ කාලය තුලදී ඇති කරයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට තම ඉලක්කයන් කරා ඉදිරි පියවරයක් තැබීමට මේ කාලය තුල අවකාශ සලසයි. ඔබ ගණිත මිණිත කටයුතු වලට සම්බන්ධ අයෙකු නම් ඔබට විශේෂයෙන්ම උසස් ජයග්‍රහණයන්ට මඟපාදන කාලයක් වශයෙන් සැලකිය හැකිය. කලා නිර්මාණ මෙන්ම පොත්පත් ලිවීම, නිශ්පාදන කටයුතු වලට යොමු වීමට අවස්ථාව සලසන මේ කාලය තුල උසස් හිතමිතුරු සම්බන්ධතාවයන් මත තම ජයග්‍රහණයන් සලසා ගත හැකිය. දීර්ඝ කාලයක් බලපෑ ශනිගේ ඒරාශ්ටකය ඔක්තෝබර් 26 වන දින අවසන් වී ඇත. පහසුවෙන්ම යම්කිසි ඉලක්කයක් කරා පොළොඹවන මේ කාලය තුල තම ආගමික කටයුතු පෙරදැරිකොට ගෙන කටයුතු ආරම්භ කරන්න.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට මේ කාලය සුභපලදායකය. නොවැම්බර් 26 වන දින ගතවන තුරුම විශේෂ මංගල යෝග තත්වයක් ඔබට බලපායි. එමෙන්ම ඉඩකඩම් මිල දී ගැනීමක් හෝ ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවන අයට මේ කාලය තුල යහපත් ප්‍රතිඵල උදා වේ. ජලය හා සම්බන්ධ රැකියාවන්හි කටයුතු කරන අය ටිකක් ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු සහගත  තත්වයක්  හෝ ජලයෙන් ඇතිවිය හැකි රෝග තත්වයක් මේ කාලය තුලදී බලපෑ හැකිය. තුලා ලග්න හිමියන්ගේ 12 වැන්නට කුජ ග්‍රහයා ගමන් කිරීම නිසා කට වචනය වැරදීමෙන් ඇතිවිය හැකි අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයන් මේ කාලය තුල බලපායි. ඔබ නඩුහබ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින කෙනෙකු නම් මේ කාලය තුල ප්‍රවේශම් විය යුතුය. එනම් කට වචනය වරද්දා ගැනීම තුලින් ඇතිවිය හැකි සිත්තැවුල් මේ කාලයේ බලපෑ හැකිය.

රෝග පීඩා
මූත්‍රා රෝග සහ දත් රෝග වලට ගොදුරුවිය හැකි මේ කාලය තුල සැර ආහාරපාන වලින් වැලකී සිටීමට උනන්දු වන්න. කැපුම් කෙටුම් වැනි දේ ඇතිවිය හානි නිසා අවිආයුධ වලින් භාවිතයේදී ප්‍රවේශම් වන්න. ජලය ආශිතව කටයුතු කරන අය ජල විපත් වලින් වැලකීම සඳහා කටයුතු කරන්න

දශානුදශා තත්වයන්
කුජ ,රාහු සහ කේතුගේ දශානුදශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. අලාභහානි සිත්තැවුල් පමුණුවයි.

 ගුරු ,සිකුරු, බුද දශානුදශා තත්වයන් පවතකින අයට විශේෂ මංගල යෝග සහ කලා ක්ෂේත්‍රයන් හී නිරත වන අයටද සුභපල උදා කරයි. යම්කිසි ජයග්‍රහණයකට ඉඩකඩ සලසන බවක් ද පෙනේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 , 12 හා ලග්නයේ සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දින සිට ඉදිරියට සුභපල උදා කරන වාතාවරණයක් උදා වේ. ඕනෑම ජයග්‍රාහී අවස්ථාවකට  ඉදිරිපත් වීම සුභදායකය.


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....