Monday, August 7, 2017



12 මීන ලග්නය  2017 නොවැම්බර්

මීන ලග්නයට

මීන රාශි හිමියන්ගේ කේන්ද්‍රයේ 7 වැන්නට කුජ ග්‍රහයා පැමිණ සිටී. නොවැම්බර් මාසය පුරාවට කුජ සතුරු රාශියක් වශයෙන් 7 වැන්නේ ගමන් කරන බැවින් ඔබ බොහෝ ප්‍රවේශමෙන් තම කට වචනය පාලනය කර ගැනීමට උනන්දු වන්න. නොවැම්බර් මාසය තුල ඔබේ කට වචනය නිසා ඇති විය හැකි සතුරු කරදර තත්වයක් බලපෑ හැකිය.

රැකියාව ආර්ථිකය
රැකියා ක්ෂේත්‍රය තුල සමස්ථයක් වශයෙන් යහපත් හා ගුණාත්මක ප්‍රතිපල ලබා ගැනීමේ වාසනා ගුණයක් ඇත. ඇතැම් විට ආකල්පමය ප්‍රශ්ණ මැද පැවති ආයතනයක් නම් එහි අනෙක්  අය සම සහයෝගයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. ජලය හා සම්බන්ධව කටයුතු කරන අයද විශේෂයෙන්ම නාවුක හා ජල ක්ෂේත්‍රයෙහි නියැලී සිටින අය මේ කාලය තුලදී බොහෝ ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. නොසිතූ විරූ ආකාරයෙන් හදිසි අනතුරු ඇති විය හැකිය. ඔබ පුළුල් ආකාරයට මිල මුදල් කටයුතු වල නිරත වන කෙනෙකු නම් මේ මාසය තුලදී සොරසතුරන්ගෙන් ප්‍රවේශම් වීම සහ තමන් අතින් සිදු විය හැකි අත් වැරදි පිළිබව අවබෝධයෙන් කටයුතු කරන්න. එසේම රාත්‍රී කාල වලදී ගමන් බිමන් යන අය බොහෝ ප්‍රවේශමෙන් ගමන් බිමන් යාම යහපත් වේ. අළුත් දෙයක් කිරීමට අදහසක් ඇත්නම් අළුත් ප්‍රවේශයකට කැමැත්තක් ඇත්නම් ඊට අවශ්‍ය ඉදිරි පෙළගැස්මක් මේ කාලය තුලදී සිදු විය හැකිය. නිර්මාණ කරණයෙහි නිරත වන අයට නව නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ කාලය තුල ලැබේ. ගුරු හා සිකුරු 8 සහ 9 ස්ථාන වල ගමන් කිරීම නිසා විදේශගතව අධ්‍යාපන කටයුතු වල නිරත වන කෙනෙකු නම් ඔබට විශේෂ වාසි දායක සහ යහපත් වූ පසුබිමක් මේ කාලය තුල ගොඩනයි.

ගෘහ ජීවිතය
සමීපයෙන් ඇසුරු කරන කෙනෙකු නිසා යම්කිසි අමනාප මතභේද ඇතිවීමේ අවකාශ ඇත. යානවාහන පිළීබව බලාපොරොත්තු ඇති කෙනෙකු නම් ඒ සහා සුදුසු කාලය මේ කාලය තුල ගලපා ගත හැකි බවක් පෙනේ. වස විෂ ශරීර ගත වීමට අවකාශ ඇති බැවින් තම කෑම බීම වලින් සහ අනවශ්‍ය තැන් වලින් කෑම ගැනීමෙන් වලකින්න. පිටරට ජීවත් වන මිතුරෙකු හෝ වැඩිහිටියෙකු ඔබට උදව් පදව් කිරීමට අවකාශ ඉඩ කඩ සැලසේ.

රෝග පීඩා
උදරයේ ඇති වන අම්ලකර රෝග තත්වයන් ඇති වේ. තවද මූත්‍රා රෝග වැනි තත්වයන් ඇති වීමටද අවකාශ ඇත. ඌශ්ණ අධීක ආහාර පාන වලින් ප්‍රවේශම් වන්න. ජලයේ ජීවත් වන සතෙකුගෙන් අනතුරක්  ඇති වීමේ අවකාශ ඇත.

දශානු දශා තත්වයන්
රවි,කුජ,රාහු දශානු දශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ.අනතුරු හා ධනහානි තත්වයන් ඇති වේ. සතුරු කරදර සහිතය. බුධ,සිකුරු,ගුරු දශානු දශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල  ජයග්‍රහණ වලට ඉඩ කඩ සලසයි.අඹු දරුවන් අතර ප්‍රීතිමත් ආරංචි මාර්ග අසන්නට ලැබේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 6,7.8 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 වන දිනට පසු ඇරඹෙන කාලය තුල ලාභ ප්‍රයෝජන තත්වයන් බලපාන බවක් පෙනේ.

   

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල....

Best astrology service in Sri Lanka. Best astrologers in Sri Lanka. Horoscope matching, making horoscope, 
Sri Lanka, nature of Sri Lanka, 

ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




11 කුම්භ ලග්නය  2017 නොවැම්බර්


කුම්භ ලග්නය
කුම්භ රාශිය මුල්කොට උපත ලැබූ ඔබේ ජන්ම කෙන්ද්‍රයේ ශනි ග්‍රහයා 11 වැන්න වූ අයස්ථාන ගතව බලවත් වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් සැලකේ. ඔක්තෝබර් මස 26 වන දින පටන් එම විශේෂ ග්‍රහ තත්වය පිහිටා තිබීම තුලින් ඔබට වාසනා ගුණයක් උදා කර දීමට හැකියාව සැලසේ.

රැකියාව හා ආර්ථිකය
ඔක්තෝබර් මාසය පුරාවට ඔබේ ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ කුජ ග්‍රහයා හැසිරීම යම් ආකාරයකට අසුභපල ගෙන දීමට නියමිතය. අවිආයුධ දරණ අය සහ ගැඹුරු ස්ථාන වල කටයුතු කරන අයට ද ගින්දර හා වස විෂ හා සම්බන්ධ කටයුතු කරන අයට ද මේ කාලය තුල බොහෝ ප්‍රවේශම්විය යුතුය. හදිසි අනතුරු සහ බොහෝ මාරක විපත්ති ඇති කිරීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ  6 සහ 8 වැන්නේ පාපයින් ගමන් කරන මේ කාලය සෙනසුරුගේ මාරුවක් සිදු වී තිබීම නිසා සතුරු කරදර සහගත  තත්වයක් ඇති වීමට ද අවකාශ ඇත.  ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකු නම් ඔබට රැකියාවක් හෝ යම්කිසි ආදයම් මාර්ගයන් විවර කර ගැනීමට මේ කාලය තුල ඉඩකඩ සැලසේ. රෙදිපිළි විලාසිතා සහ කලා කටයුතු කරන අයගේ දියුණුව උදෙසා යහපත් ගමන් මාර්ගයන් විවෘත්ත වීමකට මේ කාලය තුල ඉඩකඩ සලසයි. එසේම මොස්තර නිරූපිකාවන් වැනි සෞනදර්යමය ක්ෂේත්‍ර වල නිරත වන අයට යහපත් පුළුල් ආදායම් මාර්ග උදා කර ගත හැකිය. එබු ආයතන වල සේවය කරන අයට ද යහපත් වූ අත්දැකීම් වලට අවකාශ සලසයි.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහා මේ කාලය තුල සුභදායක වේ. මංගල යෝග උදා වීමක් සහ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම වැනි ප්‍රීතිමත් අවස්ථාවන් මේ කාලය තුල බලපාන අතර විශේෂයෙන්ම නොවැම්බර් 20 ගණන් වලදී වඩාත් සතුටුදායක අවස්ථාවලට සහභාගී වීමේ අවකාශ සැලසේ.  ඇතැම්විට ඔබ කුම්භ ලග්නය මුල්කොට උපත ලබා තිබීම නිසා විදෙස් ගතව සිටින කෙනෙකු හා සම්බන්ධ වී යම්කිසි ව්‍යාපාර අරමුණක් ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසේ. විශේෂයෙන්ම දෙදෙනාම කුම්භ ලග්නයට සම්බන්ධ වී සිටි අඹු සැමියන් වෙතොත් ඔවුන් සඳහා මේ දුර්ලභ ඝණයේ අවස්ථාව වඩාත් යහපත් ලෙස යොදා ගත  හැකිය. සුන්දර වූ වාසස්ථානයන් මිල දී ගැනීමක් හා කලා ක්ෂේත්‍රය තුල නිර්මාණ කටයුතු වලට ද මේ කාලය තුල විශේෂ යහපත් හා ගුණාත්මක බවක් ඉස්මතු වේ.

රෝග පීඩා
දියවැඩියාව, වකුගඩු රෝග සහ ලේ නහරගතව බලපාන ඇතැම් රෝග වලට ගොදුරු විය හැකි මේ කාලය තුල දණහිස් ආශ්‍රිතව පීඩාකාරී තත්වයන් පවතින අය තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිබව බොහෝ  අවබෝධයෙන් කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

කුජ, රාහු හා ගුරු දශානු දශා තත්වයන් පවතින අයට  හදිසි අනුතුරු ආපදා සහ ලෙඩ රෝග වැනි තත්වයන්ගෙන් ආරක්ෂා වී කටයුතු කරන්න. බුද, සිකුරු, ශනි සහ සුගේ  දශානුදශා තත්වයන් පවතින අයට මංගල යෝග උදා වීම මිලමුදල් ලැබීම හා රැකියා ක්ෂේත්‍රයෙහි ජයග්‍රහණ සහා ඉඩකඩ වාසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11, 12 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු බොහෙවින්ම සිත්තැවුල්  හා කරදරකාරී මෙන්ම ධනහානි තත්වයක් ඇති වීමේ අවකාශ පවතී.

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....

10 මකර ලග්නය  2017 නොවැම්බර්


මකර ලග්නය
මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්නට පැමිනීමෙන් වසර 7 ½ ක ඒරාශ්ටකයක් ඔක්තෝබර් මස 26 වන දින සිට ආරම්භ කර ඇත. ඔබේ  ලග්නාධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සෙනසුරු ග්‍රහයා ගුරුගේ රාශි ස්ථානයකට පැමිණීම පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවක් මෙහිද ී අවධාරනය කළ යුතුය

රැකියාව හා ආර්ථිකය
සිකුරු ග්‍රහයා ඔබේ ජනම් කේන්ද්‍ර යේ 10 වැන්නේ බලවත් වීම විශේෂ මාලවී යෝගයක් වශයෙන් සැලකිය යුතුය. එය සරස්වතී යෝගයක් වශයෙන් දරුවන්ගේ අතුරු කියවීම සඳහා යොදා ගත හැකි වේ. කලා ක්ෂේත්‍ර යෙහි මෙන්ම  කාන්තාව නියෝජනය කරන රැකියා කටයුතු වල නියැලෙන කොයි කාටත් පුළුල් යහපතක් උදාකළ හැකි තත්වයක් මේ නොවැම්බරයේ දී බලපායි. කෙසේ වෙතත් බුද, සිකුරු ආදී ග්‍රහයින් බලවත් වීම කරණකොට ගෙන මකර ලග්න හිමියන්ට යස ඉසුරු සැපසම්පත් ළඟාකර ගත හැකි තත්වයක්  මේ නොවැම්බර් මාසය තුලදී උදා කරයි. ස්ථානගත වෙනස් වීමක් බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට යහපත් වැඩපිළිවෙලක ආරම්භය මේ කාලය තුල සිදුවිය හැකිය. 7 වැන්නේ දුබල වූ  ග්‍රහ තත්වයක් බලපාන මේ කාලය තුල විෂකුරු සතුන්ගෙන් ප්‍ර වේශම් වීම සහ ජලයෙන් විපත්ති ඇතිවිය හැකි බැවින් ජලාශ්‍රිතව රැකියා වල නිරත වන මකර ලග්න හිමියන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් සිතීමට අවශ්‍ය කාලයකි. ශනි ඒරාශ්ටකයේ මුල් අවස්ථෘව ජලයෙන් විපත් ඇතිවීමේ ඉඩකඩ භහුල බවක් පෙනේ.

ගෘහ ජීවිතය
දූ දරුවන්ගේ යහපත හේතුවෙන් යම්කිසි සතුටක් වින්දනයක් මේ කාලය තුල බලපායි. විශේසයෙන්ම අධ්‍යාපන ජයග්‍රහණ සහ රැකියා ක්ෂෞත්‍රය තුල ඇති වන යහපත් තත්වයක් මේ කාලය තුල උදාවිය හැකිය. නැතහොත් විවාහ මංගල්‍යයක් කරණකොට ගෙන ඇතිවන ප්‍රීතිමත් අවස්ථෘවක් මේ කාලය තුල උදා වේ. ඔබ ඉඩකම් මිල දී ගැනීමට බලාපොරෙතාතුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුලදී සතුරු කරදර බලපෑම් වලට ඉඩකඩ පවතින බවක් පෙනේ. කෙසේ වෙතත් ඔබ ඉඩකඩම් මිල දී ගන්නේ නම් ඒ ඉඩම ආසන්නයේ සිටින අය පිළිබඳව උනන්දුවෙන් සිතන්න, සොයා බලන්න. ඔබට ඔවුන්ගෙන් දැඩි පීඩාකාරී තත්වයක් ඉදිරි කාලය තුලදී ඇතිවිය හැකිය. යාන වාහන මිල දී ගන්නා අයට  

රෝග පීඩා
සෙම් රෝග ආදිය කිපීමෙන් ඇතිවන ඇතැම් රෝග පීඩා වලට ද එසේම දණහිස් තුනටිය ආශ්‍රිතව සන්ධිස්ථාන ගත රෝග ද මේ කාලය තුල භහුලව බලපාන බවක් පෙනේ. විශේෂයෙන්ම වැසි සහිත අවස්ථාවලදී ඇතිවන අනතුරු ආදිය පිළිබඳව බොහෝ ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න.

දශානුදශා තත්වයන්

රාහු, කුජ හා රවිගේ දශානුදශා තත්වයන් පවතින අයට යම් යම් අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයක් මෙන්ම අවමාන සහගත තත්වයන් ඇති විය හැකිය. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ලැබීම් සහ රැකියා ක්ෂේත්‍රෙයහි යහපතක් උදා වීමට මේ කාලය තුල අවකාශ ඇත. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ චන්ද්‍රයා 8, 9, 10 ස්ථාන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 16 දිනට පසු පවතින කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් අඩු වී යන බවක් පෙන්වයි. නොවැම්බර් 16 දක්වා කාලය තුල කිසිම අලුත් යමක් ඇරඹීමට සුදුසු නොවන බවක් පෙනේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




9 ධනු ලග්නය  2017 නොවැම්බර්


ධනු ලග්නය
ධනු රාශිය හිමි ගුරු ග්‍රහයා නොවැම්බර් මාසය තුලදී  තුලා රාශියෙහි සංක්‍රමණය වේ. එසේම ගුරුගේ සතුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන සිකුරු ග්‍රහයා ද තුලා රාශියෙහි ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වේ.

රැකියාව හා ආර්ථිකය
ඔබේ ලග්නයට සෙනසුරුගේ සම්ප්‍රාප්තියක් සිදු වී ඇත. එනම් ශනි ඒරාශ්ටකයක් වශයෙන් ඇරඹෙන මේ කාලය ඉදිරියට වසර 2 ½ ක් පමණ පවතී. මේ ශනි ඒරාශ්ටකය ධනු ලග්න හිමියන්ට එතරම් බියවිය යුතු කාරණවක් නොවේ. රැකියා ක්ෂේත්‍රය තුල ගුණ යහපත් කම් ඉස්මතු  කරගත හැකි ශනි ඒරාශ්ටකය තුල ඇතැම්විට රැකියාවෙහි සුළු සුළු බාධාකාරී තත්වයන් ද ඇතිවිය හැකිය. කෙසේ වෙතත් ඔබට නොවැම්බර් මාසය තුල සමස්ථ ආර්ථිකයෙහි සතුටුදායක තත්වයක් පවත්වා ගෙන යාමට වාසනාවක් ඇත. ඇතැම්විට ඉදිරියට පැමිණෙන සතුරු කරදර තත්වයක් පැවතුනත් තම ස්ථාවරය මත කිසිම දෙයක් බිඳ හෙළීමට ඔවුන්ට අවස්තාව නොසැලසේ. ව්‍යාපාර ක්ෂේත්‍රය හා කලා ක්ෂේත්‍රයට විශේෂයෙන්ම සුභපල උදා කරයි. සංගීතය කලාව හා නිර්මාණ කටයුතු වල නිරත වන ධනු ලග්න හිමියන්ට තම ව්‍යාපාර අරමුණු උදෙසා කාර්යභහුල ජීවිතයක් ගත කිරීමට සිදුවේ. ඔබ විරැකියාවෙන් පෙළෙන කෙනෙකුනම් නොවැම්බර් 16 න් පසුව යහපත් හා ගුණාත්මක දියුනකණුවකට වාසනාව සැලසේ. එනම් ස්ථාන මාරුවක් හෝ පදවි වෙනස් වීමක් හෝ නව රැකියා ප්‍ර වේශයක් සිදුවිය හැකිය.

ගෘශ ජීවිතය
ගුරු සිකුරු බලවත් වීම තුල සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලය ලැබූ බැවින් ගුරු පරාජිත ග්‍රහයෙක් බව පෙනේ. මේ නිසා මංගල යෝග නිශ්පල වීම සහ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටීමක් හෝ අධික සිත්තැවුල් මේ කාලය තුල ඇති වේ. කට වචනයෙන් විවාදාත්මක අවස්ථාවන්ට  ඉදිරිපත් නොවී සිටීමට වගබලා ගන්න. මිල මුදල් ක්ෂේත්‍රය පිළිබඳව යම් ගැටළු පැවතුනත් එය බුද්ධියෙන් විසඳා ගැනීමට කටයුතු කරන්න. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ධනු ලග්න හිමියන්ට නොවැම්බර් 15 වන දිනට පසු ඒ සඩහා යොමු වන්නේ නම් ඉතා ප්‍ර වේශමෙන් ඒ කටයුතු වලට යොමු විය යුතුය. බොහෝවිට නොවැම්බර් 16 වන දිනට පසු කරන කටයුතු අසාර්ථක වී යා හැකි බව පෙනේ. යාන වාහන මිල දී ගැනීම් වැනි කටයුතු සඳහා නොවැම්බර් 16 ට පසු යම් තරමකට අසුභ බවක් පෙනේ.

රෝග පීඩා
බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි ඇතැම් රෝග පීඩා තත්වයක් ද උදරගතව ඌෂ්ණාධික බව හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්වයන් ද මේ කාලය තුල බලපායි. කෑම බීම වලදී බොහෝ දුරට ප්‍ර වේශම් වන්න.


දශානුදශා තත්වයන්
රාහු ගුරු හා ගුරුගේ දශානුදශා තත්වයන් පවතින අයට රෝග පීඩා ධනහානී සහ අසුභපල වලින් සමන්විත වේ. සිකුරු හා බුද දශානුදශා තත්වයන් පවතින අයට රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි විශේෂ ජයග්‍රහණ උදා කරන බවක් පෙනේ. ශනි හා සඳු ගේ දශානුදශා තත්වයන් පවතින අයට පොළොව හා සම්බන්ධ වස්තු ලාබ සහ හදිසි වස්තු ලාබ ලබා ගැනීමේ වාසනා ගුණයක් උපදවයි. ඔබේ ජන්ම කේන්ද්‍ර යේ දන්ද්‍රයා 9, 10 , 11 ස්ථෘන වල සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දිනට පසු යහපත් කටයුත්තකට සිත යොමු කිරීමට සිදුවන බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....



8 වෘශ්චික ලග්නය  2017 නොවැම්බර්


වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ ලගනාධිපති ග්‍රහයා වශයෙන් සලකෙන කුජ ග්‍රහයා නොවැම්බර් මාසය පුරාවටම පාහේ කන්‍යා ලග්නයේ ගමන් කරයි. එනම් නොවැම්බර් මස 30 දක්වාම කන්‍යා රාශියේ සතුරුව ගමන් කරයි. කුජ හා බුද අතර  යෙදුණු පරිවර්ථන යෝගයක් ද උදා කරමින් බලපාන මේ ග්‍රහ තත්වය තුල ඇතැම්විට වෛරස් රෝග ආදිය සහ ලේ විෂ වීම් ආදී රෝග වලට ගොදුරු වීය හැකිය. තම ශරීර සෞඛ්‍යය තත්වය පිළිඳව අවබෝධයෙන් කටයුතු කරන්න.

රැකියාව හා ආර්ථිකය
වෙහෙස මහන්සියෙන් හා ශ්‍රම ශක්තියෙන් ජීවිකාවන් ගෙවෙන වෘශ්චික ලග්න හිමි ඔබට විශේෂයෙන්ම රැකියා ක්ෂේත්‍රය තුල යම්කිසි තහවුරු වීමකට හෝ ස්ථාවරත්වයකට පත් වීමට හැකි ග්‍රහ තත්වයක් බලපායි. ඔබ විදෙස්ගත වීමට අපේක්ෂා කරන කෙනෙකු නම් ඔබේ බලාපොරොත්තු ඉටු වේ. සිකුරු බලවත් වූ රාශි ස්ථානයක ගමන් කිරීම නිසා පිටස්තර කෙනෙකුගේ සහයෝගයෙන් ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ කාලය තුල අවකාශ සැලසේ. හදිසි ධනලාභයක් ආකාර වූ බලාපොරොත්තු වූ මුදලක් ලැබීම නිසා ආර්ථිකයෙහි යම්කිසි සවිමත් බවක් හා ස්ථාවර බවක් ඇතිවිය හැකිය. ශනි ඔබේ ලග්නයෙන් 2 වැන්නට ගමන් කොට සිටීම මේ කාලය තුල සෙනසුරුගේ ඒරාශ්ටකයක්ද බලපාන අතර ගේ දො ඉඩකඩම් හා සම්බන්ධ රැකියාවන් හී වෘත්තීන් හී නිරත වන අයට අලාභහානි සතුරු කරදර සහ සිත්තැවුල් සහගත තත්වයන්  ඇතිවිය හැකිය. මැණික් ගැරීම් වැනි පොළොව හා සම්බන්ධව කටයුතු කරන අයට ද එසේම සොර සතුරු උපද්‍රව හා වංචා කාරයින්ගෙන් සතුරු කරදර ඇතිවිය හැකිය. නොවැම්බර් 16 වන දිනට පසුව නීතිමය කරදර හා යම් උපද්‍රවකාරී තත්වයන් හා බලාපොරොත්තු කඩවීම් වලට ඉඩකඩ සලසන තත්වයක් ඇති වේ. රැකියා ක්ෂේත්‍රය තුල  තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට උනන්දු වන්න. ඇතැම්විට පාවා දීම් වැනි තත්වයන් මේ කාලය තුල සිදුවිය හැකිය.

ගෘහ ජීවිතය
ඇතැම්විට ගෘහ ජීවිතය තුල සතුට , සෙනෙහස හා සංහිඳියාව නැති වී යන තත්වයක් බලපායි.  විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු නම් ඔබට මේ කාලය තුල යම් සතුරු බලපෑමක් තුල බලාපොරොත්තු කඩවීමකට මග සලසයි. නැතහොත්  යම් විශ්වාසයෙන් සිටින කෙනෙකුගෙන් ඇත් වීමට තුඩුදෙන තත්වයක් බලපායි. ඔබ ඉඩකඩම් ගේ දොර මිල දී ගැනීඹට උනන්දු වන කෙනෙකු නම් ඔබට හොඳ අවස්ථාවක් මේ කාලය තුල උදා වේ. සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණ බලවත් වී සිටින මේ කාලය තුල කුජ බුද අතර පරිවර්ථනයක් යෙදී තිබීම හේතුවෙන් වස්තු ලාභ වැනි තත්වයන් ඉස්මතුවිය හැකිය වුවත් සතුරු ග්‍රහයින්ගේ බලපෑම් වලින් යුත්ත බැවින් තම තමන්ගේ ග්‍රහ අපල මැඩපැවැත් වීම සඳහා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආගමික වතාවත් වැනි දේ වලින් සිත සමනය කර ගන්නා කරන කටයුතු වල යෙදීමෙන් බොහෝ දුරට අකුශලකර්ම වලට ගොදුරුවිය හැකිය.   

රෝග පීඩා
ලේ විෂ වීමෙන්  ඇතිවන ඇතැම් රෝග පීඩාද සතා සිවුපාවුන්ගෙන් ඇතිවිය හැති අනතුරු සහගත තත්වයක් ද මේ කාලය තුල බලපෑ හැකිය. එසේම ජලය හා සම්බන්ධ ව සෙම් රෝග ආදී ඇතැම් රෝග පීඩා වලට ගොදුරුවිය හැකි අතර ජලය විදුලි වැනි දේ වලින් හදිසි අනතුරු තත්වයන් බලපෑ හැකිය.

දශානුදශා ත්වයන්

රවි රාහු දශානුදශා තත්වයන් පවකින අයට තරමක උපද්‍රවකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. බුද, සිකුරු දශානුදශා තත්වයන් පවතින අයට යහපත් හා ගුණාත්මක රැකියා ලාභ හා ස්ථානගත ලාභ ප්‍රයෝජන ආදිය ලබා ගැනීමේ වසනා ගුණය සැලසේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11 හා 12 ස්ථාන වල සිටියේ නම් ඔබට මේ නොවැම්බර් මාසය 16 දිනට පසු මෙතෙක් පැවති කරදරකාරී තත්වයන් ක්‍රමයෙන් දුරු වී යන තත්වයක් බලපායි. ඉදිරි කාලය තුල බලාපොරොත්තු ඉටුකර ගැනීමකට තුඩුදෙන කිසියම් වෙනස් වීමකට මේ කාලය තුලදී කෙනෙකුගෙන් උදව් උපකාර ලබාගත හැකි බවක් පෙනේ. 


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....




7 තුලා ලග්නය  2017 නොවැම්බර්


තුලා ලග්නය
තුලා ලග්නයට අධිපති ග්‍රහයා වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයා ස්වකීය බලවත් රාශියක  නොවැම්බර් 2 දින ගමන් කරයි. නොවැම්බර් 2 වන දින සිට සරස්වතී යෝගයක් උදා වේ. බුද්ධිමය කටයුතු වලට ඉදිරිපත් වන තුලා ලග්න හිමියන්ට විශේෂ සුභපලදායක ජයග්‍රාහී තත්වයන් ඉදිරි කාලයේ දී බලපායි.

රැකියාව හා ආර්ථිකය
බුද්ධිමය වශයෙන් ජයග්‍රහණ සඳහා ඉදිරිපත් අයට විශේෂයෙන් මේ කාල සීමාව සුභදායකය. තරඟකාරී අංශවලට ඉදිරිපත් වන අයට ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමකට අවකාශ  සැලසේ. හිතවතුන්ගෙන් හා නෑදෑයින්ගෙන් ආශිර්වාදය ලැබිය හැකි යම් ජයග්‍රාහී අවස්ථාවක් මේ කාලය තුලදී ඇති කරයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට තම ඉලක්කයන් කරා ඉදිරි පියවරයක් තැබීමට මේ කාලය තුල අවකාශ සලසයි. ඔබ ගණිත මිණිත කටයුතු වලට සම්බන්ධ අයෙකු නම් ඔබට විශේෂයෙන්ම උසස් ජයග්‍රහණයන්ට මඟපාදන කාලයක් වශයෙන් සැලකිය හැකිය. කලා නිර්මාණ මෙන්ම පොත්පත් ලිවීම, නිශ්පාදන කටයුතු වලට යොමු වීමට අවස්ථාව සලසන මේ කාලය තුල උසස් හිතමිතුරු සම්බන්ධතාවයන් මත තම ජයග්‍රහණයන් සලසා ගත හැකිය. දීර්ඝ කාලයක් බලපෑ ශනිගේ ඒරාශ්ටකය ඔක්තෝබර් 26 වන දින අවසන් වී ඇත. පහසුවෙන්ම යම්කිසි ඉලක්කයක් කරා පොළොඹවන මේ කාලය තුල තම ආගමික කටයුතු පෙරදැරිකොට ගෙන කටයුතු ආරම්භ කරන්න.

ගෘහ ජීවිතය
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට මේ කාලය සුභපලදායකය. නොවැම්බර් 26 වන දින ගතවන තුරුම විශේෂ මංගල යෝග තත්වයක් ඔබට බලපායි. එමෙන්ම ඉඩකඩම් මිල දී ගැනීමක් හෝ ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තුවන අයට මේ කාලය තුල යහපත් ප්‍රතිඵල උදා වේ. ජලය හා සම්බන්ධ රැකියාවන්හි කටයුතු කරන අය ටිකක් ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු සහගත  තත්වයක්  හෝ ජලයෙන් ඇතිවිය හැකි රෝග තත්වයක් මේ කාලය තුලදී බලපෑ හැකිය. තුලා ලග්න හිමියන්ගේ 12 වැන්නට කුජ ග්‍රහයා ගමන් කිරීම නිසා කට වචනය වැරදීමෙන් ඇතිවිය හැකි අලාභහානි සහ සිත්තැවුල් සහගත තත්වයන් මේ කාලය තුල බලපායි. ඔබ නඩුහබ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින කෙනෙකු නම් මේ කාලය තුල ප්‍රවේශම් විය යුතුය. එනම් කට වචනය වරද්දා ගැනීම තුලින් ඇතිවිය හැකි සිත්තැවුල් මේ කාලයේ බලපෑ හැකිය.

රෝග පීඩා
මූත්‍රා රෝග සහ දත් රෝග වලට ගොදුරුවිය හැකි මේ කාලය තුල සැර ආහාරපාන වලින් වැලකී සිටීමට උනන්දු වන්න. කැපුම් කෙටුම් වැනි දේ ඇතිවිය හානි නිසා අවිආයුධ වලින් භාවිතයේදී ප්‍රවේශම් වන්න. ජලය ආශිතව කටයුතු කරන අය ජල විපත් වලින් වැලකීම සඳහා කටයුතු කරන්න

දශානුදශා තත්වයන්
කුජ ,රාහු සහ කේතුගේ දශානුදශා තත්වයන් පවතින අය බොහෝ ප්‍රවේශම් වීම යහපත් වේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. අලාභහානි සිත්තැවුල් පමුණුවයි.

 ගුරු ,සිකුරු, බුද දශානුදශා තත්වයන් පවතකින අයට විශේෂ මංගල යෝග සහ කලා ක්ෂේත්‍රයන් හී නිරත වන අයටද සුභපල උදා කරයි. යම්කිසි ජයග්‍රහණයකට ඉඩකඩ සලසන බවක් ද පෙනේ. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 , 12 හා ලග්නයේ සිටියේ නම් ඔබට නොවැම්බර් 17 වන දින සිට ඉදිරියට සුභපල උදා කරන වාතාවරණයක් උදා වේ. ඕනෑම ජයග්‍රාහී අවස්ථාවකට  ඉදිරිපත් වීම සුභදායකය.


ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....



6 කන්‍යා ලග්නය  2017 නොවැම්බර්


කන්‍යා ලග්නය
නොවැම්බර් මාසයේ දී  කන්‍යා රාශිය හිමි බුද ග්‍රහයා ඔබේ ජන්ම කේන්ද්‍රයේ 3 වැන්නට ගමන් කරන අතර එතැන් සිට කුජ හා බුද අතර පරිවර්ථන යෝගයක් ද දක්නට ලැබේ. සතුරන් දමනය කරන මේ ග්‍රහ පිහිටීම අනුව නඩුහබ හා නීතිමය කරදර තත්වයන් පවතින අයට සැනසිලිදායක තත්වයක් බලාපොරොත්තුවිය හැකිය.

රැකියාව හා ආර්ථිකය
යම්කිසි ස්ථාවර අඩිතාලමකට මූලික වන ආර්ථිකමය පසුබිමක් මේ මාසය තුල සකස් කර ගැනීට අවකාශ ඇත. ඔබේ උත්පත්ති ග්‍රහ බලය බලවත් නම් විශේෂ වූ යහපත් තත්වයක් උදා වේ. වෙළඳ ව්‍යාපාර කටයුතු හා නිශ්පාදනයට සම්බන්ධව වෘත්තීන්හි නියැලෙන කෙනෙකු නම් ඔබට මේ මාසය තුල ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට වාසනා ගුණය සැලසේ. ඇතැම්විට අලුත් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට අවකාශ ඉඩකඩ සලසන අතර විරැකියාවෙන් පෙළෙන කන්‍යා ලග්න හිමියන්ට රැකියා අවස්ථාවන් උදා වීමක් ද විදෙස්ගතව රැකියා අවස්ථාවලට යොමු වීමක් ද බලපායි. අවිආයුධ හා සම්බන්ධව ක්‍රියා කරන අය තම තමන්ගේ වෘත්තීය කටයුතු ආරම්භ කිරීමට  සුදුසු පරිසරයක් නොහොත් අලුත් පරිසරයක් උදා කර ගැනීමට අවකාශ සලසයි. එනම් කාර්මික ක්ෂේත්‍රයෙහි නිරත වන අයට අළුත් ව්‍යාපාර ඇරඹීමට අවකාශ ඉඩකඩ සැලසේ. සමස්ථයක් වශයෙන් කන්‍යා ලග්න හිමියන්ට නොවැම්බර් මාසය තුල ආර්ථිකමය වශයෙන් යහපත් කාලයක් බලපායි.

ගෘහ ජීවිතය
ඔබට ගෘහ ජීවිතය තුල මෙතෙක් පැවති යම් යම් ගැටළු සහගත තත්වයන් නිරාකාරණය කර ගැනීමට අවකා හා ඉඩකඩ සලසන බවක් පෙනේ. ඇතැම්විට දරුවන්ගේ දියුණුවට අදාලව යම්කිසි කටයුතු නිරත වීමේ හැකියාවක් මේ කාලය තුල බලපායි. ගේ දොර සාදා ගැනීමට බලාපොරොත්තු වන කන්‍යා ලගන් හිමියන්ට එහි මූලික කටුයුතු ආරම්භ කිරීමට අවකාශ සැලසේ. සහෝදරයෙකුගෙන් හෝ පවුලේ වෙනත් විශේෂ පුද්ගලයෙකුගේ උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අවකාශ සැලසේ. නිර්මාණාත්මක කටයුතු වල නියැලෙන නාට්‍ය හා සම්බන්ධ කලාකරුවන් හට මේ මාසය වඩාත් සුභදායකය. යාන වාහන හා සම්බන්ධව ලාභ ප්‍රයෝජන හෝ හදිසි වස්තු ලාබ තත්වයක් මේ කාලය තුලදී ඉස්මතු විය හැකිය. පුණ්‍යස්ථානාධිපති සිකුරු ග්‍රහයා බලවත්ව හැසිරෙන මේ කාලය තුල පින්දහම් කටයුතු වල නිරත වීමෙන් වාසනා ගුණය ඉස්මතුවිය යුතුය.

රෝග පීඩා
   ලේ විෂ වීමෙන් ඇති වන රෝග පීඩා වලට ගොදුරු වේ. ඇතැම්විට හදිසි අනතුරු හා ආපදා තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. පෙනහළු ආශ්‍රිතව රෝග පීඩා වලට ගොදුරු වූ කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය තුල පීඩාකාරී තත්වයන් ඉස්මතුවිය හැකිය.

දශානුදශා තත්වයන්

කුජ බුද හා සෙනසුරුගේ දශානු දශා තත්වයන් පවතින අයට  ලේ විෂ වීම් හා සම්බන්ධ වූ රෝග පීඩා බලපායි. එසේම ඔවුන්ට ආර්ථිකමය වශයෙන් යම්කිසි විශේෂ යහපතක් ද උදාවිය යුතුය. සිකුරු ගේ දශානුදශා තත්වයන් පවතින අයට තම කටයුතු වල ජයග්‍රහණයන්ට ඉඩකඩ සලසයි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා 12, 1, 2 ස්ථාන වල සිටියේ නම් නොවැම්බර් 16 දිනට පසු විශේෂ යහපත් ජයග්‍රහණයන්ට ඉඩකඩ සලසන අතර මෙතෙක් පැවති කරදර කාරී තත්වයන් නිවාරණය කර ගැනීමට අවස්ථාව උදා වේ. 

ලබන මාසය වෙනුවෙන් ද විශේෂ විස්තර සහිතව ලග්න පලාපල...


ඔබේ කේන්ද්‍රයට ම අදාලව ඉතා නිවැරදි පලාපල ලබා ගැනීමට උනන්දු වන්න. මෙය පොදු සංක්ෂිප්ත වූ සටහනකි....